Posts

ඉලෙක්ට්‍රොනික් හැදුනුම්පත සමග මොඩ් වෙන්න; නිදහස රාජ්‍යට දෙන්න !

Image
ලංකාව නම්වූ දූපත් රාජ්‍යයේ මිනිසුන්ට ඉදිරි අනාගතයේදී තමන් පොකට්ටු තුල දමාගෙන සිටින පරණ , පැතලි ජාතික හැදුනුම්පත් වෙනුවට අළුත් කිරි කිරි ඉලෙක්ට්‍රොනික ජාතික හදනුම්පත් ලැබීමට නියමිතය. රටේ මැති ඇමතිවරුන් කියන ආකාරයට මේ හැදුනුම්පත ‘ඉලෙක්ට්‍රොනික්’ නිසා දුපතේ ජනයාගේ ජිවිත ‘මොඩ්’ වී , ලෙහෙසි පහසු වී අපේ සමාජය ලෝකයේ අවශේෂ ජනයා සමග  ඉදිරියට යනු ඇත. ධනවාදයේ අග්ගිස්සේ සිට පාරිභෝගික භාණ්ඩ සමග රාගික සම්බන්ධතාවයක පැටලී සිටින හුදී ජනයාට මේ හදිසි මොඩ් වීමේ අවස්ථාව දරා ගත නොහැකි චාන්ස් එකකි. මේ වැඩේට අදාළ පනත්කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේ පක්ෂ විපක්ෂ බේදයක් නැතිව සියළුම මන්ත්‍රීවරු ඊට පක්ෂව චන්දය දුන්නේ ජනතාවට මොඩ් වීමේ වරප්‍රසාදය ලබාදීමටයි. පාර්ලිමේන්තුවෙන් එළියේ සිවිල් සමාජයේ මහත්වරු ඇතුළු රටේ කිසිම සංවිධානයක් මේ හැදුනුම්පත් ව්‍යාපෘතියට එරෙහිව වචනයක් පවා නොකියා අධෝ මුකයද වසාගෙන සිටියේ  මොඩ් වීමට ඇති කැමැත්ත ජනතාව සමග බෙදා හදා ගනිමිනි. පනතේ සදහන් කරන පරිදි ඉලෙක්ට්‍රොනික හැදුනුම්පත් ලබාදීමට අමතරව තවත් බොහෝ අරමුණු මේ ක්‍රියාවලිය පසුපස ඇත. රටේ ජනයාගේ සියළු ජිව...

ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නෙවෙයි - ජයපාලන්

Image
පසුගියදා ලංඩන් නගරයේ එක්තරා ස්ථානයකට ලංකාවේ මිනිසුන් පිරිසක් එකතු වෙනව. මේ එකතු පහදු වීමට එක්තරා නිමිත්තක් තියනව. ඒ තමයි ජයපාලන්. ඔහු කවියෙක්. ලංකාවේ රාජ්‍යයෙන් පිටමං කල කවියෙක්. ඔහුගේ අවි වගේ කවි යුධ සමයේ විමුක්තිකමින්ට දිරවාගන්නට බැරි වෙනව. ඔහු ජාතිවාදීන් ඉදිරියේ ත්‍රස්තවාදියෙක් වෙනව. යහපාලකයන් ඉදිරියේ තවමත් බ්ලැක් ලිස්ට් වී රටෙන් පිටමං වී ඉන්න සිද්ධ වෙනව. ලේ වැගිරුණු යුද්ධයකින් අනතුරුව විශ්වාසය තුවාල කරගෙන සිටින දුපතේ ජාතින් දෙකක් අතර පාලමක් තැනීමේ සිහින දකින මේ අපුරු කවියා බූන්දි සමග කළ පුංචි කථාබහක් දිගහැරුනේ මෙහෙමයි...... ලංකාවේ සිංහල ප්‍රජාව සමග සංවාද පැවැත්වීම ඇත්තන්ම හරිම විශේෂ කාරණයක්. ඒක අද දවසේ අවාශ්‍යතාවයක්. මගේ පොත් කිහිපයක් සිංහල භාෂාවට පරිවර්ථනය කොට එළිදැක්වීමේ උත්සවයට සාභාගිවිමට මා සාභාගි වීමට හිටියත් ලංකාවේ රාජ්‍ය විසින් එය වැලකුව. ජාතික සංහිදියාව ගැන, ජාතික සමගිය ගැන ටොන් ගණන් කයිවාරු ගහන රටක ආණ්ඩුවක් මේවගේ ක්‍රියාවලියක ඇති වැදගත්කම අවබෝධ කරගෙන ඉන්නවද කියන එක සැකයි.  ජාතික සංහිදියාව ගොඩනැගීමට කලාවෙන් ලැබෙන තල්ලුව ගැන රාජ්‍යට අදහසක් නෑ. සමින්දනාත...

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

Image
බ්ලොග් ලෝකයට අලුතෙන් පිවිසුණු බ්ලොගෙක් වශයෙන් මේ දිනවල මා අවකාශයේ සැරිසරමින් සිටිනව. මේකේ මායිම් හදුනා ගන්නා අදහසින්. එසේ රස්තියාදු ගහන විට මගේ නෙත ගැටුණු, අනිකුත් අවකාශ වල ඇති බෝවෙන රෝග ට්‍රෙන්ඩ් එකක් බ්ලොග් අවකාශයටත් ඇතුළු වී තිබෙනු දැක්කා. ඉතිං බ්ලොග් ඔස්තාර්ලාගේ දැනගැනීම පිණිස මෙසේ ලියා තබන්නට හිතුන. මේක සමහර විට තේ කෝප්පයේ දකින කිබුලෙක් වෙන්න ඇති. නමුත් එය තේ කෝප්පයේ සහ කිබුලාගේ වරදක් මිස මගේ වරදක් නොවේ. මං ලංකාවේ ඉන්නකොට මගේ වෘතීය සගයන් එක්කෝ අයියලා අක්කලා, එහෙම නැත්නම් නංගිලා මල්ලිලාය. පුදුම සහෝදර හැගීමක් වගේ දෙයක් තමයි බලු බැල්මට පෙනුනේ. ඊටත් එහා ගමේදි, මුළු ගමේම හිටියේ නැන්දලා මාමලා, සහෝදර සහෝදරියන්ය. මුළු ගමම සහෝදර ලයින් එකක් වගෙයි. අඩුවක් නැතුව එකිනෙකා කා කොටා ගනිමින් අනිකාට ගේම දීමට බලාගෙන සිටින මිනිසුන් අයියා මල්ලි කියමින් එකිනෙකා 'අන්දවා ගැනීමේ සමාජ රෝගය' අලුත් සන්නිවේදන මාධ්‍යක් යැයි කියන බ්ලොග් අවකාශය තුලත් නොඅඩුව දකින්නට ලැබීම මටනම් අවුලක්. එය සමහරුන්ට සමහරවිට සාමාන්‍ය දෙයක් විය හැක. මෙවැනි ගෝත්‍රික ලක්ෂණ අවකාශය තුල එලියට එන්නේ එහි වෘතීය භාවය ගිලිහ...

නෑ.......

Image
ස්භාවික විපත් වලට පාටක් නෑ ආගමක් ජාතියක් කිසිවක් නෑ පණපිටින් වැළලුනු මිනිසුන්ට කිසිවක් ඇහෙන්නේ නෑ පිරිත් නුල් පොලව යටට දිග නෑ සංවේදී කමට වහලක් නෑ කරුණාවට පතුලක් නෑ ආධාර පෝලිම් වල කෙළවරක් නෑ රැල්ලට හදවතක් නෑ රැල්ලෙන් පැන්නොත් ආත්මයක් නෑ විනෝදය සේදුනේ නෑ  ගං වතුරට ගහගෙන ගියේ නෑ   හිතන්න වෙලාවක් නෑ කිවුවත් ඇහෙන්නේ නෑ ස්භාවික විපත් වලට පාටක් නෑ ස්වාභාවික විපත් ස්වාභාවිකත් නෑ සරද 

පාර්ලිමේන්තුව ඇතුලේ ගහගන්නේ රටට ආදරේ මිනිස්සු !

Image
ලංකාවේ පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරු වීදි සටන් කරමින් එකිනෙකා ගහ මරා ගනිද්දී අහිංසක හුදී ජනතාව බොහෝ කලබලයට පත්ව අනේ අපොයි කියමින් හොටු හුරමින් අඩන - දොඩන හැටි මේ දිනවල මුහුණු පොතෙන් මෙන්ම ජනමාධය වෙතින්ද අසන්නට දකින්නට ලැබේ. හැමෝම කුණු කුණු ගාන්නේ පාර්ලිමේන්තුව නම්වූ උත්තරීතර ආයතනය තුල මන්ත්‍රීවරු 'නින්ජා' සටන් කිරීමට යෑම නිසා එහි උත්තරීතර බව, වැදගත් බව, ජනතා පරමාධිපත්‍ය වගේ බර බර දේවල් අවුල් වෙනවා කියාය. රටේ ජනාධිපති ධූරය පාර්ලිමේන්තුවට ඉහළින් බලසම්පන්න ලෙස පතිත වුවාට පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතිරනාත්මක හිස් ඔළුගෙඩි බවට පත්වී, දියවන්නාව සුළු දිය වහරන ස්ථානයක් බවට රූපාන්තරණය විය. රාජ්‍ය පාලනයේ තීරණාත්මක සාධකයෙන් ගිලිහී, කරන්නට වැඩක් වතිව සෙරමෝනියල් තත්වයට පත්ව ඇති මන්ත්‍රීවරු ඉඩ හිට හෝ මෙවැනි ගෝරි, බෝරි දැමීම ඉතා හොද දෙයකි. එවිට එම මන්ත්‍රීවරු ඔවුන්ට චන්දය දුන් ජනතාවගේ ජිවිත සමග සමපාත වේ.  රට පාලනය කරන්නේ නොහොත් රට පිළිබදවැ තීන්දු තීරණ ගන්නේ රටෙන් එපිට සිටින පුද්ගලයන් සහ ආයතන සමුහයක් විසිනි. රටේ යුද්ධය නැවතුනේ චීනයේ ආර්ථික අජෙන්ඩ එකේ මැදට හදිස්සියේම ලංකාව මැද...

නෙලුම්යාය නොදුටු රාජ්‍යයේ ඝනකම; පරක්කු වූ පසුවදනක් !

Image
පසුගියදා නිමාවට පත්වූ නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙල සංවිධානය කිරීමේදී එහි සංවිධායකයන් රාජ්‍ය ආයතන සමග කල ගනුදෙනු වලදී  ඇතිවූ 'අමිහිරි අත්දැකීම්' ගැන විස්සෝප විවේචන ඔවුන් තම බ්ලොග් පෝස්ටු මගින් එලියට දමා ඇත. මෙම පෝස්ටු අන්වීක්ෂයකට දමා පරික්ෂා කිරීමේදී පෙනී යන්නේ නෙලුම්යායට රාජ්‍ය නම් විශාල ඝනකම් පර්වතයේ පුංචි විය සිදුරක් හමුවීම නිසා සමස්ථය සසලවී ඇති බවයි.  නෙලුම්යාය සම්බන්ධයෙන් ගොඩනගන මෙම ලියවිල්ල එයට එරෙහිව මං විසින් ගහන 'ගේමක්' ලෙසට යමෙක් අර්ථකථනය කලොත් ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටීමට මං බලාපොරොත්තු වේ. මෙය කන්ස්ට්‍රක්ටිවූ ක්‍රිටිසිසම් එකක් විදිහට කවුරු හරි කල්පනා කරනවානම් ඔහුට හෝ ඇයට මගේ වර්චුවල් කිස් එකක් ලැබේ. බ්ලොග් කියන්නේ සන්නිවේදනයේ අලුත් මානයක් කියල ජනප්‍රිය මතයක් පවතිනවා. බ්ලොගර්ස් ල ඇතුළු බොහෝ දෙනෙක් එය විශ්වාස කරනවා. එහි ඇත්තකුත් තියනව. මේකේ කතෘ මැරෙනව. සම්ප්‍රදායක කතෘ විසින් නිෂ්පාදනය කරපු සහ සන්නිව්දනය කරපු ක්‍රියාවලිය වෙනුවට හැමෝම, හැමෝටම කතෘ කෙනෙක් වෙනවා. දැනුම සංසරණය වෙනවා විතරක් නෙමෙයි එහි අයිතිකාරයෝ නැතිවෙලා එය රීසයිකල් වෙනවා. ඒ අර්ථයෙන් ගත්ත...

මැයි දිනය ගැන 'වැඩ කරන' ජනතාව කථා කරයි.

Image
මේ වෙනවිට මැයි දිනයට සියල්ල සුදානම්. ස්ටේජ් ගහන අය ඒවා ගසමින් සිටියි. කඩේ යන අය මලු සුදානම් කරමින් සිටියි. කොළ ෂිර්ට්, නිල ෂර්ට්, රතු ෂර්ට් මේ වනවිට සෝදා, පිරිසිදු කොට සුදානම් කොට තබා ඇත. මැයි දිනයේ වැඩ කරන කම්කරු ජනතාව ඊට වෙන සුදානම ගැන මේ ලියුම්කරු සමග කළ කතාබහක සටහනක් පහත දැක්වේ.... ලසිත් මාලිංග - සුළු ව්‍යාපාරික තරුණයෙක්. අවුරුදු ගැට්ටට පස්සේ හමුවෙන නිවාඩුවෙන් උපරිම ආතල් ඒක ගන්න ඕනි. මැයි දිනේ ඉරිදා හින්ද කඩේ ඇරගෙන ඉදල වැඩක් නෑ. බල්ලෙක් එන්නේ නෑ. මැයි දිනේට එන එවුන්ට උන්ම කාම දෙන හින්ද බිස්නස් ෂුවර් නෑ. කැම්බල් පිට්ටනිය ලගවත් කඩේ තිබ්බනම් කොල තොප්පි කාරයින්ට බෝතල් ටිකක් යටින් දීගෙන ගානක් කපා ගන්න තිබුන. කරුමෙට කඩේ තියෙන්නේ රතු මැයි රැළියක් ලගනේ. උන්ට ප්ලේන්ටි විකුණලා මොනා කරන්ඩද. සභාපතිය ශේප් කරගන්න මැයි දිනේ වෙනුවෙන් දීපු දාහ කවර් කරගන්න ජිල්මාල් එකක් ගහන්ඩ වෙන්නේ නෑ. ඒත් ඒක මතු ආයෝජනයක් වෙයි. මාතර  සනතය කතාකරා. මැයි දිනය දවසේ ට්‍රිප් වලකට සෙට් වෙන්න. එකෙක්ගෙන් දෙදාහයි. මං උගෙන් හතර පාරක් විතර ඇහුව වැඩේ ආතල්ද කියල. දෙදහකුත් දෙන ඒකෙ.. උගේ ගෑණි ලස්සනයි. නංගිලාත් හැට උ...