Posts

Showing posts from August, 2016

මොකක්ද මේ කෝබිනොමික්ස් ?

Image
බ්‍රතාන්‍යයේ ලේබර් පක්ෂයේ නායකත්වය සදහා යලිත් වතාවක් චන්දයක් පැවැත්වෙන අතර දිගුකාලින වමේ ක්‍රියාකාරිකයෙකු වන ජෙරමි කෝබිනගේ නායකත්වය සදහා පක්ෂයේ ඕවන් ස්මිත් නැමැත්තා අභියෝග කරමින් සිටී. ජෙරමි කෝබින් විසින් ඉදිරිපත් කොට ඇති ආර්ථික ප්‍රතිපත්තිය හදුන්වන්නේ "කෝබිනොමික්ස්" යනුවෙනි. ලෝකය පුරා ජන ජීවිතය උඩු යටිකුරු කරන නව ලිබරල් ආරථික ප්‍රතිපත්ති වල එක් මරමස්ථානයක් වන බ්‍රතාන්‍යය රාජ්‍ය ප්‍රතිපත්තිය තුලට කෝබින් ඉදිරිපත් කරන විකල්පය වන කෝබිනොමිකස් සැබවින්ම ක්‍රමයට එරෙහිව උඩුගම් බලා පිහිනිමකි. බ්‍රතාන්‍යය තුල එය ජයගතහොත් සමස්ථ ක්‍රමයට එරෙහිව ප්‍රභල "ගේම් චෙන්ජ්" එකක ආරම්භය වීමට ඉඩ කඩ ඇත. ඒ අර්ථයෙන් ලෝකයටම වැදගත් වන කෝබිනොමික්ස් කියන්නේ මොකක්ද  ?  කෝබින් යෝජනා කරන්නේ රටේ ආර්ථික උපාය මාර්ග උඩු යටි කරන විප්ලවීය වැඩපිළිවෙලකි. මෙහි ප්‍රධාන සාධකය වන්නේ අලුත් මුදල් අච්චු ගසා රාජ්‍ය ආයෝජන බැංකුවක් පිහිටුවා ඒ තුලින් සෘජුවම රටේ නිවාස සුභ සාධන ,  ප්‍රාවාහන අධ්‍යාපන සහ බලශක්ති ක්ෂේත්‍ර වලට ආයෝජනය කිරීමයි. මේ තුලින් වසරකට නිවාස දෙලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ අලුතින් ඉදිකොට රටේ