Posts

Showing posts from February, 2018

වතුර

Image

රිචඩ් ද සොයිසා ෆැන්ටසිය නොහොත් පශ්චාත් සත්‍ය යුගයේ ජනමාධ්‍ය

Image
ජනමාධයේ පදනම වන සත්‍ය එළිදරවු කිරීමට යෑමේදී ඝාතනයට ලක්වුනු රිචඩ් ද සොයිසා නොමැතිව ලංකාවේ ජනමාධ්‍ය වසර 18 ක් පමණ ‘පරණ’ වී ඇති වර්තමානයේ ජනමාධ්‍ය තුල සත්‍ය ස්භාවික මරණයකට ගොදුරු වෙමින් සත්‍ය වෙනුවට පශ්චාත් සත්‍ය ( post truth ) කරලියට පැමිනෙනව. ඉතිං මේ යුගයේ මාධ්‍යයේ කාර්යභාරය තියෙන්නේ හීන කොදෙව්වකද ? එහෙම නැතිනම් ජනමාධයේ කාර්යභාරය අහෝසි වෙලා ඉවරද? වසර 2016 දී ඔක්ස්ෆර්ඩ් ශබ්ධකෝෂයට පවා එක්වූ 'වසරේ වචනය' වන පශ්චාත් සත්‍ය (post truth) වචනයේ ශබ්ධකෝෂගත තේරුම වන්නේ සිදුවීම් සහ දත්ත පදනම් කරගනිමින් සත්‍ය ගවේෂණය කරනවා වෙනුවට පුද්ගලික විශ්වාසයන් සහ ඇදහීම් පදනම් කොට ගනිමින් සත්‍ය නිර්මාණය කිරීමයි. ඇමරිකාවේ ප්‍රසිද්ධ සිනමාකරුවෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් ඉතා හදිස්සියෙන් නිර්මාණය කල නිෂ්පාදනයක් වන 'The Post' චිත්‍රපටය මේ දිනවල යුරෝපය පුරා ප්‍රදර්ශණය වෙනව. මේ චිත්‍රපටයේ කථාකරන්නේ 1967 වසරේ වියට්නාම් යුද්ධ සමයේ ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශය නොහොත් පෙන්ටගනය විසින් නිකුත් කරනලද රහස් ලියවිල්ලක් සම්බන්ධවයි. ඇමරිකාව යුධ අපරාධ කල බවට මෙම ලියවිල්ලේ සදහන් වෙනව. 1971 වසරේදී එරට වොෂින්ටන්

බෙල්ලන්විල අලි පැටියාට රෝහින්ග්‍යයා සරණාගත දරුවෙකුගෙන් ලියුමක්

Image
බෙල්ලන්විල හාමුදුරුවන්ව අපවත් කළ මියන්මාරයෙන් ගෙනෙන ලද ඇත් පැටියාට මියන්මාරයෙන්  අවතැන් වීමට සිදුවී ඇති රෝහින්ග්‍යා සරණාගත පවුලක ළමයෙක් ලියුමක් එවල. 'අලින්ට අකුරු කියවන්න පුලුවන්ද - මේවා මේ පුංචි ළමයෙකුගේ හුරතල් වැඩ' කියමින් බෙල්ලන්විල පන්සලේ දෙවැනි හාමුදුරුවො ලියුම කුණු කූඩෙට විසිකරල. මගේ ලියුම් හැකින්ස් පුරුද්ද දන්න මනුස්සයෙක් ලියුම අහුලාගෙන ඇවිල්ල මට දුන්න. 'මියන්මා කුමරා' අලි පැටියෝ, මොනා උනත් ඔයා කරපු වැඩේනම් වැරදියි. කොච්චර තරහ ගියත් කන්ඩ බොන්ඩ දෙන එක්කෙනාට මැරෙන්න ගහන සිරිතක් තියනවද ? පොඩ්ඩක් හොඩේ උස්සල ඔළුව වනල බය කරන්ඩනෙ තිබුනේ. හරි හරි මට තේරෙනවා ඔයාගේ වේදනාව. අපි දෙන්නම එකයිනේ. ඔයත් මං වගේම අවතැන් වෙලානේ ඉන්නේ. මියන්මාර් කැලේක ඔයාගේ අම්ම එක්ක සන්තෝෂයෙන් ඉන්නකොට කවුරුහරි කට්ටියක් ඔයාව කුදලාගෙන ප්ලේන් එකෙන් අරගෙන ඇවිල්ල ඔයාව මේ පංසලට අතැරිය. අපි පවුල් පිටින් රෝහින්ග්‍යා වල ඉන්න්නකොට අපේ ගෙවල් ගිනිතියල අපිව පැන්නුව. බෝට්ටුවක නැගිල පන බේරගෙන එනකොට අහම්බෙන් වගේ ලංකාවට ගහගෙන ආව. කොච්චර උනත්  අවතැන් වෙච්ච අලියෙක් වෙන එක අවතැන් ළමයෙක් වෙනවට වඩා හොදයි. අපි

එඩ්වඩ් කුමාරයා ගෙන් එංගලන්තේ මහ රැජිණට ලියුමක්

Image
ලංකාවේ නිදහස් උළෙලට සපෝට් එකක් දෙන්න මේ දවස්වල ලංකාවට ඇවිල්ල ඉන්න එංගලන්තේ මහ රැජිනවහන්සේගේ දෙවෙනි පුත්‍ර රත්නය වන එඩ්වඩ් කුමාරයානන් වහන්සේ ලංකාවට ආපු ගමන් කලේ තම මවු රැජින වහන්සේට ලියුමක් ලියපු එක. ලියපු ලියුම ගවුරව නමස්කාරපුරකව තැපැල් කරන්න බාරගත් මනුස්සය ජාතිකවාදී පිලේ දෑත් ශක්තිමත් කරන්න ගිහින් ලියුම අන්ත්රස්ධාන කරල. මිනිහ කෝචොක් එකටත් එක්ක ලියුම කොපි ගහල බුන්දියට තැපැල් කරල. මේ තියෙන්නේ ඒ ලියුම. අම්මේ, ශ්‍රී ලංකාවට ගොඩබැහැපු ගමන්ම තකහනියක් මං මේ ලියුම ලියන්නේ පුංචි කාරණයක් චෙක් කරගන්න ඕනි හින්ද. මේ මට පොඩ්ඩක් බලල කියනවද ශ්‍රී ලංකාවට අපි නිදහස දීලාද තියෙන්නේ කියල. මාව දැක්කම මෙහෙ මිනිස්සු කලබල වෙලා නැමෙන නැමිල්ල දැක්කම මට හිතෙන්නෙම අපි තාමත් මුන්ව යටත්කරගෙන ඉන්නවා කියල. එංගලන්තේ අපේ රටේවත් නෑනේ මට මෙහෙම ගරු සරු කමක්. අම්මප මට හිතෙනව මේ රටේ පදිංචි වෙන්න. අම්ම දන්නවනේ එංගලන්තෙදි මට වෙච්ච සංගෙඩිය. බිස්නස් කරන්න ගිහින් නැත්තටම නැතිවෙලා, රජ පවුලත් විකුනන්න හදනව කියල නන්නත්තාර වෙලා කිසිම මිනිහෙක් මාව ගණන් ගන්නේ නැති ගානට වැටුනනේ. මගේ වයිෆුත් කිවුව අම්මට ස්තුති කරන්න කියල

පිරිමියට මං හරි ආසයි

Image
පිරිමියට මං ආසයි ආදරයට බෝ දුරයි ජීවත් වෙන්න ලෝබයි පිරිමියා මට ආසයි සංස්කෘතිය නිහඩයි කාසි කථා නොකරයි හීන හරි හීතලයි පිරිමියාට මං ආසයි හිත කීරි ගැහෙනවා සත්තයි හිලෑ නැතිව දුව පැනයයි පිරිමියට මං ආසයි පිරිමියා මට ආසයි සරද 18