Posts

Showing posts from March, 2017

රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා....

Image
අසුව දශකයේ ඇමරිකාවේ ජනාධිපති වෙලා හිටිය රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශකයා උනේ ආචාර්ය ආතර් ලෆ්ටර් නැමැත්තෙක්. සුපිරි ධනවතුන්ට ආර්ථික සහන සලසා දීම තුලින් ඉහල සිට පහලට සමාජ ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගැනීමේ ක්‍රමවේදය (  Trickle-down economics ) ඔහු රේගන් පාලනය හරහා ලෝකයට හදුන්වා දුන්නා. පසුව රේගන් සහ බ්‍රතානයේ මාග්‍රට් තැචර් එකතුවී රේගනොමික්ස් නමින් එය ලෝක ආර්ථිකයේ 'බයිබලය' බවට පත්කරා.  ලෝකයම හෝල් සේල් එකේ අත්හදා බැලු මේ ආර්ථික උපාය මාර්ගය පිලිබදව තීරණාත්මක සමාලෝචනයක් සිදු කරන මේ වකවානුවේ එංගලන්තයේ වෙසෙන   ගවේෂනාත්මක මාධ්‍යවේදියෙක් වන  Jacques Peretti පවසන්නේ ලකයේ වෙසෙන සුපිරිතම ධනවතුන් 85 දෙනෙකුගේ ආදායම ලෝක ජනගහනයෙන් අඩකගේ ආදායමට වඩා වැඩි බවයි. එසේම මේ 'සුපිරි ආර්ථික සමාජය' තව වසර කිහිපයකින් ලෝකයේ සියළු රටවල ආර්ථිකයන්ගේ නොනිළ ආර්ථික අයිතිකාරයන් වන බවයි. එසේම පසුගිය වසර දහය තුලදී මේ සුපිරි ආර්ථික සමාජයේ වත්කම ඩොලර් බිලියන 200 සිට 500 දක්වා වැඩිවී ඇති බව වාර්තා වෙනවා. මෙයට එදිරිව ලෝකයේ පහල මධ්‍යම පංතිය උපයන ආදායම වසර දහයක් තිස්සේ වර්ධනය නොවී එකතැන පලවීමේ ( stagnate

කොම්රෙඩ් විමල්, ජාතික විමල්, ඇමති විමල්, හිරගෙදර විමල්....විමල්...විමල්....විමල්.....

Image
විමල් වීරවංස පීක් එකේ ඉන්න කාලේ එයාගේ අධ්‍යාපනය මොකක්ද, කීයේ පන්තියට වෙනකම් ඉගෙනගෙන තියනවද වගේ පංති කතන්දර එලියට ආව. සිදුවීම් ගොඩාක් සිදුවෙලා ඇමති විමල් - මන්ත්‍රී විමල් වෙලා හිරගෙදර රිමාන්ඩ් විමල් වෙලා එලියට එන්ඩ බැරිව උපවාස කරන්ඩ පවා සිදුවෙලා තියන මේ කාලයේ විමල් ඉගෙනගත්ත පන්තිය මොකක්ද කියල දැන් කවුරුවත් අහන්නේ නෑ. මොකද දැන් පන්තිය පැහැදිලියි. ලංකාව කියන්නේ හොල්සේල් එකේ අහිංසක මිනිස්සු ඉන්න රටක්. මේ අහිංසක මිනිස්සු රොත්තක්   එකතු වෙලා ජනවාරි අටවෙනිදා දවසක ආණ්ඩු වෙනසක් කරලා (විප්ලවයක්) දැන් 'හනේ හපොයි' කියා කියා හුල්ල හුල්ල ඉන්න මිනිස්සුන්ට හදිස්සියේම 'පාරට වැටීම නිමිත්තෙන්' ඒ වගේම හුල්ල හුල්ල ඉන්න විමල්ල වගේ අය හම්බ වෙනවා. වෙන වෙන කාරනා දෙකකට උනත් දෙගොල්ලම එකම තාරතාවයකින් යුතුව හුල්ලනවා. ඒත් හුල්ලන්නේ කරන්නේ නැතුව ගානට වැඩ බේරාගෙන ආපදා කළමනාකරණය කරගෙන ඉන්න මිනිස්සු රොත්තකුත් ඉන්නවා. මේ රොත්තට විමල් අයිති වෙන්නේ නෑ. ඒකයි මිනිහ තාමත් හිරේ. මොකක් හරි රාජ්‍ය අණක් ලැබිල රටේ රාජ්‍ය වාහන සංගණනයක් කරොත් රටේ වාහන අවභාවිතාවේ කුරිරු ඇත්ත හොයා ගන්න පුළුවන්. රාජ්‍ය ද

බ්ලොග්කරණ ඩිප්ලෝමා පාඨමාලාව 2017

Image
ලංකාවේ බ්ලොග්කරුවන්, බොලොග් ලිවීමට ආස කරන්නන්, මහා බ්ලොග්කරුවන්ගේ තපස්සු භල්ලුක අනුගාමිකයන් සහ අනුගාමිකයන් වීමට බලා සිටින්නන් උදෙසා මහා බ්ලොක්කරණ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කිරීමට අදහස් කොට ඇත. බ්ලොග්කලාවේ නිමග්න  වෙන සත්වයෙකුට තිබිය යුතු සටන් කලාවේ නිපුනතාවේ සිට පිට කැසීමේ නිපුනතාව දක්වා සියළු ආලවට්ටම් උගන්වන මේ පාඨමාලාව බ්ලොග් ලෝකයේ ගිනිසිළුවයි. බ්ලොග්ගන් නම්වූ සුවිශේෂී සත්ව විශේෂයක් නිර්මාණය කිරීම සහ ඔවුන් අනෙකුත් එළවළු වෙළෙන්දන්ගෙන් වෙන්කර නියම සුපර්සොනික් බ්ලොග්ගන් රෑනක් හදුනාගෙන කවා පොවා හදා වඩා ගැනීම මෙම මගින් පුරුදු පුහුණු කෙරේ. බ්ලොග් ලෝකය මෙන්ම සටන් කළා ලෝකය දික්විජය කල බ්ලොග් ඔස්තාර්ලා මෙන්ම බ්ලොග් ලෝකයට නින්ජා සටන් කලාව කැන්දාගෙන ආ පුරෝගාමීන් මේ පාඨමාලාවේ අධ්‍යක්ෂක වරුන් ලෙස කටයුතු කරයි. බ්ලොග්කරණයට අත්‍යාවශ්‍ය කුණුහරප සහ සම්ප්‍රප්පලාප මෙන්ම පැණි බේරෙන සීනිබෝල වචන සෙට් පැකේජයන් ඉගැන්වීම මෙම පාඨමාලාවේ අරමුණයි. එසේම සහෝදර බ්ලොග්ගන්ගේ පිට කසීමට අවශ්‍ය උපකරණ මෙන්ම බ්ලොග් සතුරන් මර්ධනය කිරීමට අවශ්‍ය කඩු කිනිසි වැනි උපකරණ මෙම පාඨමාලාව මගින් නොබිලේම සපයනු ලැබේ. පාඨම

මෙන්න මඩ .........

Image
බොග්ගන්, ඒ කීවේ බොලොගයන්ගේ කට කණේ වැටිලා ඉහේ මල් පිපිලා ශනිදා වාසනාවක් අරං ටි වී එක ඉස්සරහ ඉන්න ඉන්නවා වගේ සම්මානයක් ලැබෙයිදෝ නොලබයිදෝ කිය කියා ඉන්න මේ කාලේ මේ වගේ අව කැපෙන කථා කියන එක හරිද මන්ද. කොහොම හරි ISIS ත්‍රස්තවාදී අන්තයට හරි constructive criticism අන්තයට හරි, නෙගටිවූ publicity අන්තයට හරි ජෙල අන්තයට හරි ගිහින් මේ පෝස්ටුව නවතියිනේ............ නම් අඩගහල, ඉල්ලුම්පත්‍ර දාල බ්ලොගාලට සම්මාන දෙන වැඩේ පොඩි අවුලක් මට පේනවා. ගණන් ගන්න එපා.... ඒ සමහරවිට වැඩේ අවුලක් නෙමෙයි මගේ අවුලක් වෙන්න ඇති. බ්ලොග්ගුන්ට සම්මාන දෙන්නේ උන්ව දිරි ගන්වල තව තවත් හොද අහිංසක බ්ලොගයෝ වෙන්න වෙන්ටෑ. බ්ලොගයෝ නම්වූ උපසංස්කෘතිය තව තවත් ඔපමට්ටම් කරලා මහා සංස්කෘතිය ඇතුලේ පොරවල් ටිකක් හදන්න වෙටෑ. මීට අවුරුදු බර ගානකට ඉස්සර මේ බ්ලොගා ලංකාවේ පත්තරයක ඉන්නකොට මේ වගේ සම්මාන උළලක් තිබ්බ පත්තරකාරයන්ට. (දැනුත් ඇති). මුලදි press council එකෙන්ද කොහේදෝ සල්ලි හම්බ උනා. නම ඇහුවම චූ බර හැදෙන කොලබ තැනක තමයි මෙවුව තිබ්බේ. සම්මාන දිනේ ලන්වෙනකොට මහා සහ හීන් පත්තරකාරයෝ වසර පුරා තමන් කරපු කෙරුවාවල් කපල කොටලා ෆයිල් වල දාල

මේ දවස්වල ලංකාවෙ මාධ්‍ය වෙතින් වාර්ථා උනු ( උණුසුම් ) පුවත් කිහිපයක් !

Image
ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාව කාන්තාවක් විසින් ‘ඉනාවක්’ කවා දැලේ දමාගෙන ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට මිලදී ගත් නවතම ගුවන් යානය කටුනායකට ගොඩබෑ අවස්ථාවේ ආගමික නායකයින් පිරිත් පැන් ඉස, යාග හෝම පවත්වා පිළිගත්තේය. ගිය වසරේ ආරම්භ කිරීමට නියමිතව තිබු මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සුදුසු නැකත් නැති නිසා මේ වසරට කල් ගියේය. ඉරුදින පුවත්පතේ කතෘ විමලනාත් විරත්ත්න පාලකයන් විසින් ඉවත් කිරීමට සහ එහි කතෘ මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුට පුවත්පත් ආයතනයට ඇතුළුවීම තහනම් කිරීමට එරෙහිව මාධ්‍ය සංවිධාන විසින් කැදවා තිබු පුවත්පත් සාකච්චාව ආවරණය කිරීමට පැමිණ සිටියේ එක් විද්‍යුත් නාලිකාවක් පමණි.