Posts

Showing posts from April, 2016

මැයි දිනය ගැන 'වැඩ කරන' ජනතාව කථා කරයි.

Image
මේ වෙනවිට මැයි දිනයට සියල්ල සුදානම්. ස්ටේජ් ගහන අය ඒවා ගසමින් සිටියි. කඩේ යන අය මලු සුදානම් කරමින් සිටියි. කොළ ෂිර්ට්, නිල ෂර්ට්, රතු ෂර්ට් මේ වනවිට සෝදා, පිරිසිදු කොට සුදානම් කොට තබා ඇත. මැයි දිනයේ වැඩ කරන කම්කරු ජනතාව ඊට වෙන සුදානම ගැන මේ ලියුම්කරු සමග කළ කතාබහක සටහනක් පහත දැක්වේ.... ලසිත් මාලිංග - සුළු ව්‍යාපාරික තරුණයෙක්. අවුරුදු ගැට්ටට පස්සේ හමුවෙන නිවාඩුවෙන් උපරිම ආතල් ඒක ගන්න ඕනි. මැයි දිනේ ඉරිදා හින්ද කඩේ ඇරගෙන ඉදල වැඩක් නෑ. බල්ලෙක් එන්නේ නෑ. මැයි දිනේට එන එවුන්ට උන්ම කාම දෙන හින්ද බිස්නස් ෂුවර් නෑ. කැම්බල් පිට්ටනිය ලගවත් කඩේ තිබ්බනම් කොල තොප්පි කාරයින්ට බෝතල් ටිකක් යටින් දීගෙන ගානක් කපා ගන්න තිබුන. කරුමෙට කඩේ තියෙන්නේ රතු මැයි රැළියක් ලගනේ. උන්ට ප්ලේන්ටි විකුණලා මොනා කරන්ඩද. සභාපතිය ශේප් කරගන්න මැයි දිනේ වෙනුවෙන් දීපු දාහ කවර් කරගන්න ජිල්මාල් එකක් ගහන්ඩ වෙන්නේ නෑ. ඒත් ඒක මතු ආයෝජනයක් වෙයි. මාතර  සනතය කතාකරා. මැයි දිනය දවසේ ට්‍රිප් වලකට සෙට් වෙන්න. එකෙක්ගෙන් දෙදාහයි. මං උගෙන් හතර පාරක් විතර ඇහුව වැඩේ ආතල්ද කියල. දෙදහකුත් දෙන ඒකෙ.. උගේ ගෑණි ලස්සනයි. නංගිලාත් හැට උට හම

සල්ලි සමග ආදරය කරන්න. රනිල් සමග නිදියන්න. මහින්ද සමග නැගිටින්න !

Image
මං දන්නා කියන කලේ ඉදල අහල තිබ්බෙ සල්ලි වර්ග දෙකයි. ඒ තමයි අපි උදේ හවා අමාරුවෙන්, බොහොම පරිස්සමෙන් අත පත ගාන සල්ලි සහ මිනිසුන්ට නොපෙනී අවතාර වගේ අපි අතරම සැරි සරන හැමෝම දන්නා, නොදන්නා කළු සල්ලි. මගේ මෑත යාළුවෙක් ඉන්නවා. මිනිහා කථා කරන හැම වෙලේම අතර මැදට 'අයියෝ සල්ලි' කියන විශේෂණ පදය නිතරම කියනවා. ඒ කියන්නේ අපි බුදු අම්මෝ, my god , ශික්, වගේ කෑලි දාන්නේ. මිනිහා ඒ වෙනුවට කියන්නේ  අයියෝ සල්ලි කියන කෑල්ල. අම්මා සහ දෙවියා වෙනුවට සල්ලි මතක් වෙන ඒක අද අපේ කාලයේ on ground වැඩක්. පොලවේ තියෙන්නේ එහෙමයි. ඒත් මේ මතක් වෙන්නේ මොන සල්ලිද ? කළු සල්ලිද නැතිනම් නෝමල් සල්ලිද ? ඒ තමයි කහ සල්ලි! ආස්වාස ප්‍රස්වාස කරන හුස්ම පවා අවුලක් නැතුව සල්ලි වලට විකිනෙන ලංඩන් වගේ කොස්මොපොලිටන් නගරයක ඉදල මේ බ්ලොගය අකුරු කරන කොට කහ සල්ලි වල සුවද මට දැනෙනවා. කහ සල්ලි හිනා වෙනව. කථා කරනවා. හායි, බායි කියනව. කහ සල්ලි ගැන දන්නා අදුනන අය ඇගේ පතේ වැදීගෙන යනව. ලංඩන් ඉදල ලංකාව දිහා බැලුවම, බැලුවම කියන්නේ ඉබේම, පුරුද්දට වගේ බැලෙනකොට පෙන්නේ කහ සල්ලි ගැන මෙලෝ බෝලයක් දන්නේ නෑ වගේ ඉන්න හුදී ජනයන් ගොඩක්  (සමහරක්)