Posts

Showing posts from July, 2016

ඉලෙක්ට්‍රොනික් හැදුනුම්පත සමග මොඩ් වෙන්න; නිදහස රාජ්‍යට දෙන්න !

Image
ලංකාව නම්වූ දූපත් රාජ්‍යයේ මිනිසුන්ට ඉදිරි අනාගතයේදී තමන් පොකට්ටු තුල දමාගෙන සිටින පරණ , පැතලි ජාතික හැදුනුම්පත් වෙනුවට අළුත් කිරි කිරි ඉලෙක්ට්‍රොනික ජාතික හදනුම්පත් ලැබීමට නියමිතය. රටේ මැති ඇමතිවරුන් කියන ආකාරයට මේ හැදුනුම්පත ‘ඉලෙක්ට්‍රොනික්’ නිසා දුපතේ ජනයාගේ ජිවිත ‘මොඩ්’ වී , ලෙහෙසි පහසු වී අපේ සමාජය ලෝකයේ අවශේෂ ජනයා සමග  ඉදිරියට යනු ඇත. ධනවාදයේ අග්ගිස්සේ සිට පාරිභෝගික භාණ්ඩ සමග රාගික සම්බන්ධතාවයක පැටලී සිටින හුදී ජනයාට මේ හදිසි මොඩ් වීමේ අවස්ථාව දරා ගත නොහැකි චාන්ස් එකකි. මේ වැඩේට අදාළ පනත්කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේ පක්ෂ විපක්ෂ බේදයක් නැතිව සියළුම මන්ත්‍රීවරු ඊට පක්ෂව චන්දය දුන්නේ ජනතාවට මොඩ් වීමේ වරප්‍රසාදය ලබාදීමටයි. පාර්ලිමේන්තුවෙන් එළියේ සිවිල් සමාජයේ මහත්වරු ඇතුළු රටේ කිසිම සංවිධානයක් මේ හැදුනුම්පත් ව්‍යාපෘතියට එරෙහිව වචනයක් පවා නොකියා අධෝ මුකයද වසාගෙන සිටියේ  මොඩ් වීමට ඇති කැමැත්ත ජනතාව සමග බෙදා හදා ගනිමිනි. පනතේ සදහන් කරන පරිදි ඉලෙක්ට්‍රොනික හැදුනුම්පත් ලබාදීමට අමතරව තවත් බොහෝ අරමුණු මේ ක්‍රියාවලිය පසුපස ඇත. රටේ ජනයාගේ සියළු ජිව දත්ත එක්

ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නෙවෙයි - ජයපාලන්

Image
පසුගියදා ලංඩන් නගරයේ එක්තරා ස්ථානයකට ලංකාවේ මිනිසුන් පිරිසක් එකතු වෙනව. මේ එකතු පහදු වීමට එක්තරා නිමිත්තක් තියනව. ඒ තමයි ජයපාලන්. ඔහු කවියෙක්. ලංකාවේ රාජ්‍යයෙන් පිටමං කල කවියෙක්. ඔහුගේ අවි වගේ කවි යුධ සමයේ විමුක්තිකමින්ට දිරවාගන්නට බැරි වෙනව. ඔහු ජාතිවාදීන් ඉදිරියේ ත්‍රස්තවාදියෙක් වෙනව. යහපාලකයන් ඉදිරියේ තවමත් බ්ලැක් ලිස්ට් වී රටෙන් පිටමං වී ඉන්න සිද්ධ වෙනව. ලේ වැගිරුණු යුද්ධයකින් අනතුරුව විශ්වාසය තුවාල කරගෙන සිටින දුපතේ ජාතින් දෙකක් අතර පාලමක් තැනීමේ සිහින දකින මේ අපුරු කවියා බූන්දි සමග කළ පුංචි කථාබහක් දිගහැරුනේ මෙහෙමයි...... ලංකාවේ සිංහල ප්‍රජාව සමග සංවාද පැවැත්වීම ඇත්තන්ම හරිම විශේෂ කාරණයක්. ඒක අද දවසේ අවාශ්‍යතාවයක්. මගේ පොත් කිහිපයක් සිංහල භාෂාවට පරිවර්ථනය කොට එළිදැක්වීමේ උත්සවයට සාභාගිවිමට මා සාභාගි වීමට හිටියත් ලංකාවේ රාජ්‍ය විසින් එය වැලකුව. ජාතික සංහිදියාව ගැන, ජාතික සමගිය ගැන ටොන් ගණන් කයිවාරු ගහන රටක ආණ්ඩුවක් මේවගේ ක්‍රියාවලියක ඇති වැදගත්කම අවබෝධ කරගෙන ඉන්නවද කියන එක සැකයි.  ජාතික සංහිදියාව ගොඩනැගීමට කලාවෙන් ලැබෙන තල්ලුව ගැන රාජ්‍යට අදහසක් නෑ. සමින්දනාත් වි