Posts

Showing posts from February, 2017

ෂි ජින් පින් ගෙ තොල් පෙති සිප එන ‘සින්න චීන සංවර්ධන හීන’

Image
මේ දවස්වල රටේ ආර්ථිකය ගැන පොර ටෝක්ස් දමන්නන් සදහා හොද ඉල්ලුමක් නිර්මාණය වී ඇත. ඩොලර් මලු කර ගහගෙන චීන්නු තොග පිටින් ඇවිත් හම්බන්තොට ලැගුම් ලා ගෙන කුරුම්බා ඇට්ටි මැෂින් හදා රට ගොඩ දාන හැටි අපේ අගමැති තුමා හීනෙන් පවා දකින අතර ඊට සාපේක්ෂව ගෝල බාල මැති ඇමති තුමන්ලා ‘සින්න චීන සංවර්ධන හීන’ දකිමන් සිටියි. ඒත් මේ හීන දකින්නන්ට ‘ගෙදර වැඩ’ සපයාගත හැකි අපුරු පර්යේෂණ පත්‍රිකාවක් ජමෙයිකන් දුපත් සමුහයේ කෙරෙන චීන ආයෝජන සම්බන්ධයෙන් එරට ආර්ථික විද්වතෙකු වන Andrew Lumsden නැමැත්තා විසින් ප්‍රකාශයට පත්කොට ඇත . චීන ආයෝජන සම්බන්ධයෙන් ජැමෙයිකාවට ඇත්තේ ශ්‍රී ලංකාව හා සමානම අත්දැකීමකි. රටේ වරායන්, ගුවන් තොටුපොළවල් මෙන්ම මාර්ග පද්ධතියද චීන ආයෝජන වලින් නැහැවී ගොස් ඇත. ලංකාවේ මෙන්ම මෙම ආයෝජන බොහොමයක මැද සිටින්නේ ‘චියිනා හාබර්’ සමාගම වන අතර විශේෂත්වය වන්නේ රනිල් ව්ක්‍රමසිංහ මහතා සිහිනයේන් දකින ආකාරයේ බොහෝ චීන කර්මාන්තශාලා රට තුල ආයෝජනය කර තිබීමයි. මේ ආයෝජන නිසා ජැමෙයිකාව ක්ෂණික ආර්ථික වර්ධනයක් ( economic boom) අත්කරගන්නා බවට ජනප්‍රිය සිහිනයක් රට තුල නිර්මාණය වී දැන් වසර ගණනාවක් ඉක්ම ගොස් ඇත. රටේ ද