ඉලෙක්ට්‍රොනික් හැදුනුම්පත සමග මොඩ් වෙන්න; නිදහස රාජ්‍යට දෙන්න !


Image result for privacy



ලංකාව නම්වූ දූපත් රාජ්‍යයේ මිනිසුන්ට ඉදිරි අනාගතයේදී තමන් පොකට්ටු තුල දමාගෙන සිටින පරණ, පැතලි ජාතික හැදුනුම්පත් වෙනුවට අළුත් කිරි කිරි ඉලෙක්ට්‍රොනික ජාතික හදනුම්පත් ලැබීමට නියමිතය. රටේ මැති ඇමතිවරුන් කියන ආකාරයට මේ හැදුනුම්පත ‘ඉලෙක්ට්‍රොනික්’ නිසා දුපතේ ජනයාගේ ජිවිත ‘මොඩ්’ වී,ලෙහෙසි පහසු වී අපේ සමාජය ලෝකයේ අවශේෂ ජනයා සමග  ඉදිරියට යනු ඇත. ධනවාදයේ අග්ගිස්සේ සිට පාරිභෝගික භාණ්ඩ සමග රාගික සම්බන්ධතාවයක පැටලී සිටින හුදී ජනයාට මේ හදිසි මොඩ් වීමේ අවස්ථාව දරා ගත නොහැකි චාන්ස් එකකි.

මේ වැඩේට අදාළ පනත්කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේ පක්ෂ විපක්ෂ බේදයක් නැතිව සියළුම මන්ත්‍රීවරු ඊට පක්ෂව චන්දය දුන්නේ ජනතාවට මොඩ් වීමේ වරප්‍රසාදය ලබාදීමටයි. පාර්ලිමේන්තුවෙන් එළියේ සිවිල් සමාජයේ මහත්වරු ඇතුළු රටේ කිසිම සංවිධානයක් මේ හැදුනුම්පත් ව්‍යාපෘතියට එරෙහිව වචනයක් පවා නොකියා අධෝ මුකයද වසාගෙන සිටියේ  මොඩ් වීමට ඇති කැමැත්ත ජනතාව සමග බෙදා හදා ගනිමිනි.

පනතේ සදහන් කරන පරිදි ඉලෙක්ට්‍රොනික හැදුනුම්පත් ලබාදීමට අමතරව තවත් බොහෝ අරමුණු මේ ක්‍රියාවලිය පසුපස ඇත. රටේ ජනයාගේ සියළු ජිව දත්ත එක්රැස් කොට ජාතික ආරක්ෂක මුලස්ථානයේ තැන්පත් කිරීම පනතේ ඇති තවත් අරමුණකි. මෙසේ කිරීමේ පදනම ජාතික ආරක්ෂාව බව රජය කියයි. එසේ කිරීම රටේ ආරක්ෂාවට අත්‍යවශ්‍ය සාධකයක් බව  මහජන නියෝජිතයන්, සිවිල් සංවිධාන සහ හුදී ජනයා නිහඩව සිට නොකියා කියයි.

ජනතාවගේ දත්ත එක්රැස් කිරීම සහ ඒ තුලින් ඔවුන්ගේ පුත්ගලිකත්වය අහෝසිවෙන ආකාරයේ චරපුරුෂ සේවා දියත් කිරීම ලෝකයේ බොහෝ රාජයන් මේ කාලයේ අත්හදා බලන කදිම ආරක්ෂක උපක්‍රමයකි. ඇමරිකාව සහ යුරෝපයේ බොහෝ රටවල් වල මිනිසුන්ගේ දත්ත, ඊ මේල් සහ පුත්ගලික කතාබස් පවා සවන්දීමට හැකි ලෝකයේ  විශාලතම මිනිස් දත්ත ජාලය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA) මගින්  හොර රහසේම  නිර්මාණය කොට පවත්වාගෙන යන බව මෑත කාලයේ හෙළිදරවු විය. NSA ආයතනයේම සේවය කල එඩ්වර්ඩ් ස්නොර්ඩන් කල හෙලිදරව්වකට අනුව ලෝකයේ බොහෝ තීරණාත්මක පුත්ගලයින්ගේ දුරකථන සබදතා සහ ඊ මේල් මේල් ලිපින වලට ඔවුන් ඇතුළු වී ඔවුන් පිලිබදව තොරතුරු එක්රැස් කරයි. මේ හෙළිදරවුව නිසා ස්නොර්ඩන්ට තම ජිවිත ආරක්ෂාව පතා රුසියාවට පලා යෑමට පවා සිදුවිය. 

මිනිසාගේ පුත්ගලික නිදහසට එරෙහිව රාජ්‍යන් විසින් දියත් කරන ඔත්තු බැලීම් වලට එරෙහිව ලෝකය පුරා අප්‍රසිද්ධ සටනක් ඇවිලෙමින් පවතී. නිදහස අගයන මිනිසුන් සංවිධාන ගතවී රාජ්‍යන් වලට එරෙහිව බලපෑම් කරමින් සිටියි. මේ සම්බන්දයෙන් බලපෑම් කරන  Privacy international ආයතනය පවසන්නේ බ්‍රතාන්‍ය  ආණ්ඩුව විසින් එරට ජංගම දුරකථන සමාගම් වලට කරන ලද බලපෑමකට යටත්ව smurf  යනුවෙන් හදුන්වන, යමෙකුගේ ක්‍රියා විරහිත කර ඇති දුරකථනයකට පවා හොරෙන් ඇතුළු වී එහි දත්ත පරික්ෂා කිරීමට සහ දුරකථනයේ කැමරාව ක්‍රියාත්මක කොට වීඩියෝ කිරීමට හැකි තාක්ෂනය පණගැන්වීමට අවශ්‍ය කේත සහ මෘදුකාංග එකී දුරකථන සමාගම් විසින් බ්‍රතාන්‍ය රජයට ලබා දී ඇති බවයි.

එසේම පසුගියදා ඇමරිකාවේ සිදුවූ ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු වන  Syed Farook ගේ ජංගම දුරකථනය  පරික්ෂා කිරීම සදහා  එහි රහස් අංකය FBI ආයතනය විසින් APPLE සමාගමෙන් ඉල්ලා සිටි අවස්ථාවේ එය ලබාදීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තම සේවාදායකයින්ගේ පුත්ගලික නිදහස රාජ්‍ය වෙත හෙළිදරවු කල නොහැකි බවයි.

බොහෝ රටවල් හොර රහසේ සහ නොනිල එකගතා මත එක්රැස් කරන සහ එක්රැස් කිරීමට උත්සහ කරන ජනතාවගේ පුත්ගලික දත්ත ශ්‍රී ලංකාවේදී  නීතිමය ආවරණයකුත් සමග නිදහසේ එක්රැස් කිරීමේ අවස්ථාව රාජ්‍ය වෙත ලැබී තිබේ.

ලංකාවේ සමාජය ඉතා ප්‍රශ්නකාරී ලෙස තම පුත්ගලික නිදහස රාජ්‍ය වෙත ලබාදීමේ කොන්දේසිය වී ඇත්තේ ජාතික ආරක්ෂාවයි. රාජ්‍ය විසින් දියත් කරන ලද ජන සංහාර තුනක අවසානයේ සහ සමුලඝාතන කුරිරු යුද්ධයකට පසුව හුදී ජනයා තවමත් ඉතා නින්දිත ලෙස රාජ්‍ය වෙතින් ආරක්ෂාව යදිමින් සිටියි. නිදහස යනු භුමිය අත්පත් කරගැනීම යන හතරැස් කොටුව ඇතුලේ සිරවූ ලංකාවේ පොදු ජන සමාජයේ ‘නිදහස් සිතුවිලි’ රාජ්‍ය ඉදිරියේ නිරුවත් වී ඇත.

රටේ ජනතාවගේ දත්ත සහ තොරතුරු රාජ්‍යයේ දත්ත ගබඩාව තුලට ඒකරාශී වීම ඉතා සරල මෙන්ම ඉදිරිගාමී වැඩක් ලෙසට බොහෝ දෙනා කල්පනා කරයි. මෙසේ සරලකාමි මිනිසුන් උදාහරණයට ගන්නේ බටහිරයි. යුරෝපයේ බොහෝ මහජන ආයතන වල ඇගිලි සලකුණු ගැනීම ඉතා සරල සහ දිනපතා කටයුත්තකි. ඇතැම් ප්‍රාථමික පාසල්වලට පවා ළමුන් පාසලට ඇතුලත් වන විට ඇගිලි සලකුණු යන්ත්‍රයක සටහන් තැබිය යුතුය. ඒත් මේ සියළු දත්ත එක්රැස් කිරීම් එසේ එක්රැස් කරන ආයතනයේ භාවිතයට පමණක් සිමා වේ. උදාහරණයක් ලෙස  බ්‍රතාන්‍යයේ තිබෙන data protection act මගින් කිසිම ආයතනයකට තමන් එක්රැස් කරගන්නා මිනිසුන්ගේ ජිව දත්ත අනෙක් ආයතන සමග හුවමාරු කරගැනීම තහනම්ය.

එහෙයින් යුරෝපයේ සහ ඇමරිකාවේ මිනිසුන්ට එරෙහිව රාජ්‍යන්  විසින් චරපුරුෂ කාර්‍යයේ යෙදෙන්නේ හොර රහසේය. එඩ්වර්ඩ් ස්නොර්ඩන් හෙළිදරවු කලේ මෙයයි. එහෙත් ප්‍රශ්නය වන්නේ මෙම බරපතල අමානුෂික සහ මානව විරෝධී ක්‍රියාවලිය සදහා ලංකාව වැනි රටවල් වල හුදී ජනයා විසින් නීතිමය ලයිසන් තම රටවල් වල ආණ්ඩු වෙත ලබාදීමයි.

Image result for edward snowden
එඩ්වර්ඩ් ස්නොර්ඩන් 

Privacy international ආයතනයේ ජෝර්ජ් කිංග් පවසන පරිදි මේ අනතුරේ අක්මුල් ඉතා භයානක අනන්තයක් කරා එල්ලවෙමින් පවතී. ලෝකයේ ප්‍රාග්ධනය අතිවිශාල බහුජාතික සමාගම් කිහිපයක් අතරට ගොනු වෙමින් පවතින ධනවාදයේ මෙම අවදියේදී ලංකාව වැනි  පුංචි රටවල ප්‍රාග්ධන ශක්තියට වඩා අතිශය ශක්තිමත් සමාගම් බිහිවෙමින් පවතී. මෙම සමාගම් විසින් කුඩා රටවල් වලට නියත සහ අනියත බලපෑම් එල්ල කිරීමේ ශක්තිය ලැබේ. මෙම බලපෑම් ඔස්සේ මෙකි රටවල මානව දත්ත පද්දති විශ්ලේෂණය කිරීමේ අවස්ථාව එකී සමාගම් වලට ලැබිමේ අවධානමක් ඇත. එවැනි විවර විමක නියත ප්‍රතිඑල වන්නේ රටේ සමස්ථ සමාජ, ආර්ථික සහ දේශපාලන ක්‍රියාවලිය බහුජාතික සමාගමක ලාභය වටේ බ්‍රමණය වීමයි.

ජෝර්ජ් කිංග් ට අනුව ඉන්පසුව රටවල්වල මිනිසුන් වෙනුවට නිර්වස්ත්‍ර හා පැටවූ හමුවෙනු ඇත.




Comments

  1. සරද ඉන්නේ රටේ ඔය වගේ නැද්ද?? අපි ඉස්සර නොර්වේ ඉද්දි එහෙ හැමෝටම නොර්විජියන් අයි ඩි කියලා නොම්මරයක් තිබුනා. එකෙන් ඔය කියන විස්තර ඔක්කොම රජයට දැන ගන්න පුළුවන්... වර්තමාන රටේ වුනත් රියදුරු බලපත්‍රය , ටැක්ස් අංකය වගේ දේවල් වලින් අපේ ගොඩක් විස්තර මොනිටර් කරත හැකියි මන් හිතන්නේ ...

    ReplyDelete
  2. ඔව් මෙහෙත් තියනවා නේද? කිසියම් හැඳුනුම් පත් ක්‍රමයක් නැතිව සමහර දේවල් කරනන් අමාරුයි. අඩුම ගානේ සහනාධාර දෙන්න වත්. සම්පුර්ණයෙන්ම නිදහස් ව මේක හදනන් බහ. සෝවියට් දේශය වගේ රටවල මිට වඩා තදට තිබ්බේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම