ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නෙවෙයි - ජයපාලන්


Image result for jayapalan

පසුගියදා ලංඩන් නගරයේ එක්තරා ස්ථානයකට ලංකාවේ මිනිසුන් පිරිසක් එකතු වෙනව. මේ එකතු පහදු වීමට එක්තරා නිමිත්තක් තියනව. ඒ තමයි ජයපාලන්. ඔහු කවියෙක්. ලංකාවේ රාජ්‍යයෙන් පිටමං කල කවියෙක්. ඔහුගේ අවි වගේ කවි යුධ සමයේ විමුක්තිකමින්ට දිරවාගන්නට බැරි වෙනව. ඔහු ජාතිවාදීන් ඉදිරියේ ත්‍රස්තවාදියෙක් වෙනව. යහපාලකයන් ඉදිරියේ තවමත් බ්ලැක් ලිස්ට් වී රටෙන් පිටමං වී ඉන්න සිද්ධ වෙනව. ලේ වැගිරුණු යුද්ධයකින් අනතුරුව විශ්වාසය තුවාල කරගෙන සිටින දුපතේ ජාතින් දෙකක් අතර පාලමක් තැනීමේ සිහින දකින මේ අපුරු කවියා බූන්දි සමග කළ පුංචි කථාබහක් දිගහැරුනේ මෙහෙමයි......

ලංකාවේ සිංහල ප්‍රජාව සමග සංවාද පැවැත්වීම ඇත්තන්ම හරිම විශේෂ කාරණයක්. ඒක අද දවසේ අවාශ්‍යතාවයක්. මගේ පොත් කිහිපයක් සිංහල භාෂාවට පරිවර්ථනය කොට එළිදැක්වීමේ උත්සවයට සාභාගිවිමට මා සාභාගි වීමට හිටියත් ලංකාවේ රාජ්‍ය විසින් එය වැලකුව. ජාතික සංහිදියාව ගැන, ජාතික සමගිය ගැන ටොන් ගණන් කයිවාරු ගහන රටක ආණ්ඩුවක් මේවගේ ක්‍රියාවලියක ඇති වැදගත්කම අවබෝධ කරගෙන ඉන්නවද කියන එක සැකයි. 

ජාතික සංහිදියාව ගොඩනැගීමට කලාවෙන් ලැබෙන තල්ලුව ගැන රාජ්‍යට අදහසක් නෑ. සමින්දනාත් විමල් වගේ සංවේදී මිනිස්සුන්ගේ හුදකලා කැපකිරීම් නිසා මේ වගේ පරිවර්ථන වලට උර දුන්නට රාජ්‍යක් විදිහට බලධාරීන් මොනවාද කරලා තියෙන්නේ. පරිවර්ථන ක්‍රියාවලිය සදහා ආයතනයක් හෝ වැඩපිළිවෙලක් තියනවාද ? රටේ බුද්ධිමතුන් කියල හදුන්වන කට්ටිය කිසිම කෙනෙක් අඩුම ගානේ මේ ගැන කථාකරල තියනවද ?

ඔබ මේ ගැන බලධාරීන්ට කියල තියනවාද ?

මං බොහෝ දේවල් කියල තියනවා. මේ ආණ්ඩුව ආපු ගමන්ම කීවා. කිසියම් හෝ යුද්ධයකට පසුව රටක ජාතීන් අතර සංහිදියාවක් ඇතිකරන්න ලෝකයේ රටවල් ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේද තියනවා. ඒ තමයි යුද්ධය නිසා සිරගත වූ සිරකරුවන් නිදහස් කිරීම, රට අතහැරයෑමට සිදුවූ පුද්ගලයන්ට ආපසු රටට ඒමට අවශ්‍ය වාතාවරණය සැකසීම වගේ සංවේදී කාරණා. රජය ඉතා අවාසනාවන්ත ලෙස මේ අවස්ථා මගහැරගනිමින් සිටිනවා. 

ජාතික සංහිදියාව ඇතිකරනව කියන්නේ පිටරටක කවුරුහරි හදල දෙන ඩොකුයුමන්ට් එකක් කියවන එක නෙමයි. එහෙම නැතිනම් හැම ජාතියේම මිනිස්සු එකතු කරල අලංකාර උත්සව පවත්වන එකවත් නෙමයි. කොටින්ම කියනවනම් ජාතික සංහිදියාව කියන්නේ ජෝක් එකක් නෙමයි. අපි අද ඉන්නේ අපේ පරම්පරාවේ මිනිසුන් දහස් ගණනකගේ ජිවිත අහිමිවූ යුද්ධයක් අවසානයේ කියන එක අමතක කරන්න එප.

ඔබට අසාධාරණයක් උණු අවස්ථාවක බොහෝ සිංහල මිනිසුන් පවා ඔබ වෙනුවෙන් කථා කරා. එතන සන්හිදියාව ගැන පුංචි බලාපොරොත්තුවක් තියනව නේද ?

මා ගැන සංවේදි  සිංහල මිනිස්සු මා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ ගැන මට අවබෝධයක් තියනව. ඒත් ඔවුන් මහා සමාජයේ මැද හුදකලා වෙලා ඉන්නේ.  හුදකලා සටන් සිංහල මහා සමාජය මැදට අරන් යන්න ඕනි. ඔවුන්ගේ කාර්‍ය භාරය වෙන්නේ සිංහල සමාජයේ ඇතුලේ මේ ගැන සංවාදයක් ඇතිකිරීම. මට මතකයි අතීතයේ මම යාපනයේ තරුණ ලීගයේ සභාපති වුනාට පස්සේ එවකට daily news පත්තරෙයි daily mirror පත්තරෙයි එක විදිහේ කතෘ වාක්‍ය ලියල තිබුණා මගේ පත්වීමට එරෙහිව. ඒ වගේම 1975 වසරේ මගේ හොදම මිත්‍රයෙක් වන නඩරාජා මහත්මයා දුප්පත් ගොවියන්ගේ අයිතීන් වෙනුවෙන් ඔවුන්ව සංවිධානය කරා. ඒත් ඒක දේශපාලන බලය යොදවලා ප්‍රදේශයේ දිසාපති හරහා කඩාකප්පල් කරල දැම්ම. මේ වගේ සිද්ධි තමයි යුද්ධයක් දක්වා ඇදිල ගිය ප්‍රපන්චයේ මුලික අඩිතාලම්. ඒවාට ආමන්ත්‍රණය කරන්න ඕනි.

මගේ ජීවිතකාලය පුරාම මං සටන් කලේ වරප්‍රසාද අහිමි වූ මිනිසුන් වෙනුවෙන්. ඔවුන්ගේ ජාතිය ගැන මට එච්චර වැදගත් නෑ. මට මතකයි යාපනයේ ඉන්න සිංහල මිනිස්සුන්ව බේරාගන්න ඒ කාලයේ මං දිවිහිමියෙන් ඉදිරිපත් උනා. ඒ වගේම යාපනයෙන් මුස්ලිම් මිනිසුන් එළවා දමනවිට බොහෝ අවහිරතා මැද මං ඔවුන් වෙනුවෙන් පෙනී හිටිය. මේ මෑතක ඉන්දියාවට ආපු ලංකාවේ කලාකාරයෙක් ඉන්දියාවේදී තාඩන පීඩන ලක්වීමට ගිය අවස්ථාවේ මම ඉදිරිපත් වෙලා ඔහුව ඉන් මුදවා ගත්ත. ඒ තමයි ජයපාලන්. ඒ ජයපාලන් ම තමයි දෙමළ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ. ඒ කාරණය නිවැරදිව අර්ථකතනය කරගන්න සිංහල සමාජය සමත්වෙන්න ඕනි.

මෑතකදි සිදුවුණු ආණ්ඩු වෙනසත් සමග කිසියම් වූ බලාපොරොත්තුවක් ඔබට නැද්ද ?

මහින්ද රාජපක්ෂ පැරදවීම අනිවාරයක්. ඒත් මේ වෙනස යථාර්තයක් බවට පත්වෙන්නේ ඊලග පරපුර යුද්දයක් කරා තල්ලුඋනේ නැත්නම් විතරයි. ඒක තීරණය වෙන්නේ දේශපාලන බලය බෙදාගන්නවාද කියන කාරණය මත. දේශපාලන බලය තීරණාත්මකයි. පුත්ගලිකව මම ෆෙඩරල් ක්‍රමයක් ගැන විශ්වාස කරන කෙනෙක්. මේකෙන් ලෝකය පුරා සිටින දෙමළ මිනිසුන්ගේ ශක්තිය ලංකාවට ඇදගන්න පුළුවන්. ඒත් මම සංවාදයකට කැමතියි. සියළු බලවේග එකට එකතුකරන සංවාදයක් අපට අවශ්‍යයි. එවැන්නක් ඇතිකිරීම රාජ්‍යක මෙන්ම සිවිල් සමාජයේ වගකීමක්. මේක හරිම පුදුම තත්වයක්. වසර තිහක යුද්ධයකට පසුවත් ජාතික ප්‍රශ්ණය ගැන රට තුල සංවාදයක් නෑ. ඒත් මේ හැමෝම පිටරටින් ගෙනල්ල විසදුමක් පැල කරනකන් බලාගෙන ඉන්නවා. දුපත හරහා ගංගාවක් ගලාගෙන ගියාට දුපත දෙකට බෙදෙන්නේ නෑ. ඒ දුපත තව තවත් ලස්සන වෙනව. මම ප්‍රාර්ථනා කරන විසදුමත් ඒ වගේ එකක්.

අවසාන වශයෙන් ඔබ ආයෙත් ඔබ ආයෙත් ලංකාවට යනවද ?

ලංකාව කියන්නේ මගේ රට. මගේ රටට යන එක වලක්වන්න කාටවත් බෑ. මේක පරම්පරා ගණනාවක මගේ මුතුන් මිත්තන් ඉපදුනු, මැරුණු රට. මගේ සිතැගි පරිදි මේ රටේ ජිවිත්විම මගේ අයිතියක්. ඒක නිත්‍යානුකුලව කරන්න බැරිනම් නිත්‍යානුකුල නොවන ක්‍රමයකට හරි මගේ රටට යන්න මන් පසුබට වෙන්නේ නෑ. 




Comments

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම