Posts

Showing posts from April, 2017

රතුපාට කිරිබත්.......

Image
කිරිබත් කිරිබත් හැමතැනම කිරිබත් සිංහල දෙමල අවුරුදු කිරිබත් උපන් දිනේට කිරිබත් නැකතට කිරිබත් සුභ වැඩට කිරිබත් දෙමළා මරුනාම සමරපු කිරිබත් හංදියවල හැදුනු අකාරුණික කිරිබත් දෙමළා නැතිව තනියෙන් කන කිරිබත් රතුපාට කිරිබත් ලේ රසැති කිරිබත්

සන්ධ්‍යා එක්නලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද ?

Image
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් උපහාර පදක්කමක් පිරිනැමූ බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්ථා උනා. ඇය ඇතුළු ලොව පුරා කාන්තාවන් දොලොස් දෙනෙකුට පිරිනැමුනු මේ සම්මාන ක්‍රියාවලියේ සන්ධ්‍යා වෙනුවෙන් සැකසුනු හේතුපාඨ වල සදහන් වී තිබුනේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම උදෙසා ඇය කරන ලද වෙහෙසකර කැපකිරීමට උපහාරයක් පිණිස මේ සම්මානය ප්‍රධානය කරන බවයි. සම්මානය ලබාගැනීම සදහා ඇමරිකාවට ගිය සන්ධ්‍යාට ඇමරිකානු පුවත්පතක සේවය කරන ලද ප්‍රගීත් වැනිම මාධ්‍යවේදියෙකු වූ ගැරී වෙබ් නැමැත්තා  මුන නොගැසෙන්නට ඇති. ගැරී යනු ඇමරිකාවේ SAN JOSE MERCURY NEWS නම් පුවත්පතේ සේවය කරමින් සිටින අතරතුර CIA සංවිධානය සම්බන්ධව සුවිශේෂී ගවේෂනාත්මක පුවතක් පළකිරීම නිසා රස්සාවෙන් ඉවත්කර පසුව අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ නොහොත් ඔලුවට වෙඩි පහරවල් දෙකක්ම තබාගෙන සියදිවි නසාගත් මාධයවේදියෙක්. ප්‍රගීත් ගේ සිද්ධියේ සහ ගැරී වෙබ් ගේ සිද්ධියේ බලු බැල්මට බොහෝ සමානකම් තියනව. වෙනසකට ඇත්තේ ගැරී ගේ සිදුවීම නැවතීමේ තිතකින් අවසන් වී ප්‍රශ්නාර්ථ ලකුණකින් යලි ආරම්භ වී ඇති අතර ප්‍රගීත් ගේ සි