Posts

Showing posts from October, 2016

ප්‍රසන්න ! අවුලක් නෑ : උසාවිය නිහඩයි

Image
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඩයි චිත්‍රපටිය තිරගතවීමට ආසන්නව තිබියදී උසාවිය විසින් වාරණයට ලක්කොට ඇත. මහව හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක විසින් ගොනු කරණ ලද පෙත්සමකට අනුව වාරණයට ලක් කළ පුවත දැන් මාධ්‍ය තුල ‘හොට් නිවුස්’ ගොනුවෙන් එලියට විත් තවත් එක් පුවතක් බවට පත්වී ඇත. හෙට අනිත්දා එය ප්‍රසන්න සහ කිහිප දෙනෙකුට අයිති ප්‍රශ්නයක් බවට ලඝු වී පුවත් කාන්තාරයේ අතුරුදහන් වී යනු ඇත. කිසියම් කළා හෝ දේශපාලන ක්‍රියාවලියක් තුලින් රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රශ්ණ කිරීමට පෙලබෙන විට සමාජය භයානක ලෙස නිද්‍රාසන්න වෙන්නේ ඇයි ? ප්‍රසන්න ! නිහඩ උසාවිය විතරද ? මහව මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක විසින් තම සිවිල් බලය පාවිච්චි කොට සිදු කළ ස්ත්‍රී දුෂණ සහ වෙනත්  අක්‍රමිකතා පිලිබදව රාවය පුවත්පත සහ  අනෙකුත් ඇතැම් මාධ්‍ය කාලෙකට ඉහත කළ විශාල අරගලයක ප්‍රතිඑලයක් ලෙස ලෙනින් රත්නායක වරදකරුවෙකු ලෙස නම් කෙරිණි. රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවෙකුගේ බිරිද නඩුවේ විනිසුරු වරයා අතින් දුෂණයට ලක්වීම පිළිබද පුවත අති භයංකර ‘කම්පනයක්’ එකල සමාජය තුල ඇති කොට වැඩේ හමාරවී ගියේය. එදා මෙදා තුර සාමාන්‍ය ජනයාට යුක්තිය පසිදලීම