ප්‍රසන්න ! අවුලක් නෑ : උසාවිය නිහඩයි






ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඩයි චිත්‍රපටිය තිරගතවීමට ආසන්නව තිබියදී උසාවිය විසින් වාරණයට ලක්කොට ඇත. මහව හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක විසින් ගොනු කරණ ලද පෙත්සමකට අනුව වාරණයට ලක් කළ පුවත දැන් මාධ්‍ය තුල ‘හොට් නිවුස්’ ගොනුවෙන් එලියට විත් තවත් එක් පුවතක් බවට පත්වී ඇත. හෙට අනිත්දා එය ප්‍රසන්න සහ කිහිප දෙනෙකුට අයිති ප්‍රශ්නයක් බවට ලඝු වී පුවත් කාන්තාරයේ අතුරුදහන් වී යනු ඇත. කිසියම් කළා හෝ දේශපාලන ක්‍රියාවලියක් තුලින් රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රශ්ණ කිරීමට පෙලබෙන විට සමාජය භයානක ලෙස නිද්‍රාසන්න වෙන්නේ ඇයි ? ප්‍රසන්න ! නිහඩ උසාවිය විතරද ?

මහව මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක විසින් තම සිවිල් බලය පාවිච්චි කොට සිදු කළ ස්ත්‍රී දුෂණ සහ වෙනත්  අක්‍රමිකතා පිලිබදව රාවය පුවත්පත සහ  අනෙකුත් ඇතැම් මාධ්‍ය කාලෙකට ඉහත කළ විශාල අරගලයක ප්‍රතිඑලයක් ලෙස ලෙනින් රත්නායක වරදකරුවෙකු ලෙස නම් කෙරිණි. රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවෙකුගේ බිරිද නඩුවේ විනිසුරු වරයා අතින් දුෂණයට ලක්වීම පිළිබද පුවත අති භයංකර ‘කම්පනයක්’ එකල සමාජය තුල ඇති කොට වැඩේ හමාරවී ගියේය.

එදා මෙදා තුර සාමාන්‍ය ජනයාට යුක්තිය පසිදලීම සදහා පිහිට පැතීමට ඇති ආයතනය වන අධිකරණයට රාජ්‍යයෙන් සහ රාජ්‍ය බලය හසුරුවන පුත්ගලයින්ගෙන් සිදුවෙන අන්තොමතික ට්‍රොපිඩෝ ප්‍රහාර හමුවේ ප්‍රථමව කම්පනයටත් දෙවනුව බයටත් තෙවනුව දූෂිත අදිකරණයක් සමග ගනුදෙනුකාරි ජිවිතයක් ගතකිරීමටත් අපේ සමාජය පුරුදුව සිටි.

රජයට එරෙහිව තීන්දු දෙන විනිසුරු වරයින්ගේ නිවෙස් වලට ගල් ගැසීමෙන් පටන්ගෙන විරුද්ධවාදීන් සාක්කි මවා චුදිතයන් කිරීම, රාජ්‍ය බලය ලග සිටගෙන සිටින ජනප්‍රිය පුත්ගලයින් අතින් ස්ත්‍රී දුෂණයක් සිදුවූ විට වරද දුෂණයට ලක්වූ තැනැත්තියගේ කාන්තා ආත්මය බවට තීන්දු ලැබීමෙන් නොනැවතී ජනප්‍රිය හොරුන්, දුෂකයන්ට ජනාධිපති සමාව ලැබීමේ සිට අගවිනිසුරු වරියන් ‘තග්’ බලයෙන් දෝෂාභියෝගයට ලක්කොට ගෙදර යැවීම දක්වා ඇති රාජ්‍යයේ සහ අධිකරණයේ කුණුවී ගදගහන අත්දැකීම් සමග නහය නොවසාගෙන සිටින්න සමාජය දැන් පුරුදුව සිටී.

රටේ අධිකරණ පද්ධතිය තුල සිටින නීතිඥයන් සහ විනිසුරු වරුන් බිහිවන්නේ සමාජය තුලින්ම බැවින් සමාජය තුල පවතින සියලු පසුගාමී ආකල්ප අධිකරණය තුලටද රිංගාගෙන ගොස් අධිකරණ තීන්දු වලින් පවා ඒවා එලියට එයි. මෑත ඉතිහාසයේ අධිකරණය විසින් දුන් තීන්දු, විශේෂයෙන්ම රටේ කලාව සහ සංස්කෘතියට අදාලව ලබා දී ඇති තීන්දු විශ්ලේෂණයකට ලක් කළ විට පෙනී යන්නේ රටේ විනිසුරුවන් විසින් නොනිල වශයෙන් තමන් විසින්ම නිර්මාණය කොටගත් ශිෂ්ට සම්පන්න සමාජ යුතොපියාවක් ආරක්ෂා කරගනිමින් සිටින බවයි.

සිගරට් සහ අරක්කු පිළිබද ප්‍රතිපත්ති වල සිට ආගම සහ ලිංගිකත්වයට අදාල ප්‍රශ්ණ වලදි ලබාදුන් අධිකරණ තීන්දු රටේ බෙලහීන සමාජය සමග කදිමට පයිරු පාසානම් වනවා මිසක එම තත්වයන් බිදක් හෝ ඔසවා තබන්නට සමත් වී නැත.

දේශපාලකයින් සහ මාධ්‍ය විසින් දිනපතා මවන ප්‍රවෘත්ති සංදර්ශන වලින් ඔබ්බට ගොස් බලු බැල්මට පෙනේනේ සමාජය ඉදිරයට ගමන් කරණ බවයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සාකච්චා කෙරෙයි. පොලිසියට, රාජ්‍ය සේවයට සහ මැතිවරණ වලට විශේෂ ස්වාධින කොමිෂම් ඇතිවී රටේ යුක්තිය පසිදලවන බවක් පෙනී යයි. මාධ්‍ය නිදහස පිළිබද පනත් එලියට එයි. කළා කරුවන් මිනිස් සබදතා පිලිබදව ඉදිරිගාමී නිර්මාණ කරයි. මේ සියළු ධනාත්මක දේ වලට යටින් සමාජය ප්‍රභල ලෙස පසුගාමී අතීතයක එල්ලී සිටී.

එනිසා දියුණු ඩිජිටල් යුගයේ ජනමාධය තුලට සාස්තර කාරයින්න් ඇවිත් පිස්සු කෙළියි. ජනතාව පෙලගැසීම් වලට නායකත්වය දිය යුතු දේශපාලකයින් බලි තොවිල් සංවිධානය කරයි. පුංචි කුඩුවක දොර කඩාගෙන එලියට ආපු මාධ්‍යවේදීන් සහ කලාකරුවන් සුවපහසු ලොකු කුඩුවක සිට ජයකෙහෙලි නංවමින් සිටයි. මේ අතර  අධිකරණ පද්ධති වල සිටින විනිසුරු වරුන් බහුතර ජනතාවගේ හිත සුව පිණිස තීන්දු දී ඇග බේරා ගනිති.

මහා බ්‍රතාන්‍යයේ දේශපාලනය තුල මේ වනවිට ජාතිකවාදී දේශපාලන කතිකාව ඉහලට එසවී ලිබරල් ගල්කණු මත දියසේවල බැදෙමින් පවතී. එහෙත් අධිකරණය තවමත් මානව නිදහස පෙරදැරි කරගෙන තීන්දු දෙන බවක් පෙනෙයි. උදාහරණයක් ලෙස මෑතකදී එරට ජනප්‍රිය උනු රුපවාහිනි නාට්‍යක මහරැජින හමුවීමට අගමැතිතුමා එනවිට ඇය ඇද යට හැඟෙන දර්ශනයක් පෙන්නුවේය. මෙයට පාදක උණු සිද්ධිය උනේ වසර කිහිපයකට ඉහත ගෝර්ඩන් බ්‍රවුන් අගමැතිවරයා මහරැජින හමුවීමට පැමිණි අවස්ථාවේ ඇය හමුවීම ප්‍රතික්ෂේප කළ කාරණයයි.

දැනට වසර දහයකට පමණ ඉහත ලංකාවේ මාධ්‍යවේදියෙකු විසින්, සමාජයේ සිදුවන ස්ත්‍රී දුෂණ, මිනී මැරුම් ආදියට ලබාදෙන නඩු තීන්දු ආශ්‍රයෙන් රුපවාහිනි වැඩසටහන් මාලාවක් ජාතික රුපවාහිනිය සමග නිෂ්පාදනය කොට විකාශණය කළේය. සැබෑවට සිදුවූ සිදුවීම් නළු නිලියන් යොදාගෙන ඉතා ආකර්ෂණිය ලෙස ඉදිරිපත් කෙරුණු මෙම වැඩසටහන එකල උන්මාදයක් ලෙස සමාජයේ ජනප්‍රිය විය. අවාසනාවකට මෙන් මෙම වැඩසටහන් වලින් ‘අගතියට පත්වූ’ පාර්ශවය නියෝජනය කලේ ලෙනින් රත්නායක වැනි සිවිල් බලයක් සහිත පුත්ගලයින් නොව සාමාන්‍ය පන්තියේ මිනිසුන් නිසා කිසිවෙකුගේ වාරණ නියෝගයකට යටත් නොවී එම වැඩසටහන විකාශනය විය.

අපේ රටේ අධිකරණය සහ රාජ්‍ය තන්ත්‍රයේ බල රෝදය කරකැවෙන්නේ බහුතර හුදී ජනයාගෙ මානසිකත්ව මානයන් වලට වඩා ගොඩාක් ඉහළිනි. රාජ්‍ය සහ අධිකරණය සමග හැප්පි තුවාල සිදුකරගන්න ප්‍රසන්නලාගේ තුවාලවල වේදනාව හුදී ජනයාට නොදැනෙන්නේ ඒ නිසයි. ‘අනේ ප්‍රසන්න චිත්‍රපටය තහනම් උනාද..... තහනම ඉවත්කරගෙන එන්න එතකොට අපි බලන්නම්’ වැනි උත්තර ඉදිරියේදී ප්‍රසන්නට අහන්නට ලැබෙන්නේ ඒ නිසයි. 

Comments

  1. watch "Judge John Deed" tele series

    ReplyDelete
  2. /////දේශපාලකයින් සහ මාධ්‍ය විසින් දිනපතා මවන ප්‍රවෘත්ති සංදර්ශන වලින් ඔබ්බට ගොස් බලු බැල්මට පෙනේනේ සමාජය ඉදිරයට ගමන් කරණ බවයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සාකච්චා කෙරෙයි. පොලිසියට, රාජ්‍ය සේවයට සහ මැතිවරණ වලට විශේෂ ස්වාධින කොමිෂම් ඇතිවී රටේ යුක්තිය පසිදලවන බවක් පෙනී යයි. මාධ්‍ය නිදහස පිළිබද පනත් එලියට එයි. කළා කරුවන් මිනිස් සබදතා පිලිබදව ඉදිරිගාමී නිර්මාණ කරයි. මේ සියළු ධනාත්මක දේ වලට යටින් සමාජය ප්‍රභල ලෙස පසුගාමී අතීතයක එල්ලී සිටී./////////////

    මේ සියළු ධනාත්මක දේ වලට යටින් සමාජය ප්‍රභල ලෙස පසුගාමී අතීතයක එල්ලී සිටී..................

    මෙන්න මේ පසුගාමි චින්තනයේ ජනතාව එල්ලි සිටීමත් හරිම අපුලයි. මාධ්‍ය තුලින් ජනතාව නිවැරදි දෙසට තල්ලු කිරීමේ පියවර ගන්නවා වෙනුවට මොනවද කරන්නේ. රූපවාහිනි මාධ්‍යය ඉන්නේ 60 දශකයේ. සාත්තර කාරයෝ, මිත්‍යාව වපුරන්නෝ, කුකුල්ලු කොටවන්නෝ, තෙල් බෙදන්නෝ සහ් විශේෂයෙන් තරඟෙට ගොඩ වැඩිකරගන්නෝ හැර මොනවද ජනතාව දැනුවත් කරන්න ගන්න තියෙන වැඩ සටහන්. මාධ්‍යය කඩේ යනවා....කඩ කාරයෝ මාධ්‍ය කරනවා.

    ReplyDelete
  3. පොඩි ලෝ පොඉන්ට් එකක් සරද. දැන් මේ චිත්‍රපටිය තහනම් කරලා නැහැනේ. වාරණයක් විතරයි. ඒ කියන්නේ සාමාන්‍ය විධිහට උසාවියක් ක්‍රියා කරන ආකාරය. අගතියට පත් පාර්ශ්වයේ චෝදනාව නඩුවට ගණන් තුරු පෙන්වනං තහනම් කියන එක, චිත්‍රපටිය තහනම් කරලා නැහැ. ලෙනින් රත්නායක ට පුද්ගලික නිදහසක් තියනවා ඒකට. නඩු යන්න. මම මේ බැලුවේ මූට ලෙනින් කියන නම දැම්මේ ඇයි කියල මව්පියෝ ?

    ReplyDelete
  4. මේකනේ සහෝ තීන්දුවක් දීපු නඩුවක වාර්ථාවක් කියන්නේ literary document එකක්නේ. එකෙන් මොකක් හරි production එකක් හදනවා කියන්නේ ජාතක කතාවකින් චිත්‍රපටියක් හදනවා වගේ සරල opening එකක්නේ. කෙකේ වැඩේ කියන්නේ නීතිය රන් කරන්න ඉන්න උන් හරි පසුගාමියි නේ. ලෙනින් රත්නායක මේ ඔබ්ජෙක්ෂන් එක ගෙනාවම ඒක සලකාබැලීමේදී නඩුකාරයින්ට ප්‍රකාශන නිදහස පිළිබද කාරණය එලියට එන්නේ නැති එක නේද අවුල. මොකද රාජ්‍යට ඒ ගැන අදහසක් නෑනේ.

    දැන් නම් පිළිබද ප්‍රශ්නේ ගත්තොත් කොහොමත් අපේ නම් තැබීමේ ක්‍රියාවලියම අවුලනේ. උදාහරණයක් විදිහට නිර් ආගමික මිනිහෙකුට දාල තියනව ධම්මක්රිති කියල හාමුදුරු නමක්

    ReplyDelete
    Replies
    1. මේකනේ සහෝ තීන්දුවක් දීපු නඩුවක වාර්ථාවක් කියන්නේ literary document එකක්නේ. එකෙන් මොකක් හරි production එකක් හදනවා කියන්නේ ජාතක කතාවකින් චිත්‍රපටියක් හදනවා වගේ සරල opening එකක්නේ. කෙකේ වැඩේ කියන්නේ නීතිය රන් කරන්න ඉන්න උන් හරි පසුගාමියි නේ. ලෙනින් රත්නායක මේ ඔබ්ජෙක්ෂන් එක ගෙනාවම ඒක සලකාබැලීමේදී නඩුකාරයින්ට ප්‍රකාශන නිදහස පිළිබද කාරණය එලියට එන්නේ නැති එක නේද අවුල. මොකද රාජ්‍යට ඒ ගැන අදහසක් නෑනේ.

      දැන් නම් පිළිබද ප්‍රශ්නේ ගත්තොත් කොහොමත් අපේ නම් තැබීමේ ක්‍රියාවලියම අවුලනේ. උදාහරණයක් විදිහට නිර් ආගමික මිනිහෙකුට දාල තියනව ධම්මක්රිති කියල හාමුදුරු නමක්

      Delete
    2. ඕකට සිංහලෙන් කියන්නේ irony කියලනේ. මේකයි දැන් අර තමිල්නාඩුවේ ඉසප්‍රියා චිත්‍රපටිය තහනම් කරල් තියෙන්නේ. ඒවගේ දේ වෙනවා. මේක තාවකාලික තහනමක් නේ. අනික මේක docu එකක්. ඒ නිසා විනිශ්චය කාරයට ඕකට තහනම් නියෝගයක් දෙන්න පුළුවන්.

      Delete

Post a Comment

Popular posts from this blog

මෙන්න මඩ .........

නෙලුම්යාය නොදුටු රාජ්‍යයේ ඝනකම; පරක්කු වූ පසුවදනක් !