කොම්රෙඩ් විමල්, ජාතික විමල්, ඇමති විමල්, හිරගෙදර විමල්....විමල්...විමල්....විමල්.....



විමල් වීරවංස පීක් එකේ ඉන්න කාලේ එයාගේ අධ්‍යාපනය මොකක්ද, කීයේ පන්තියට වෙනකම් ඉගෙනගෙන තියනවද වගේ පංති කතන්දර එලියට ආව. සිදුවීම් ගොඩාක් සිදුවෙලා ඇමති විමල් - මන්ත්‍රී විමල් වෙලා හිරගෙදර රිමාන්ඩ් විමල් වෙලා එලියට එන්ඩ බැරිව උපවාස කරන්ඩ පවා සිදුවෙලා තියන මේ කාලයේ විමල් ඉගෙනගත්ත පන්තිය මොකක්ද කියල දැන් කවුරුවත් අහන්නේ නෑ. මොකද දැන් පන්තිය පැහැදිලියි.

ලංකාව කියන්නේ හොල්සේල් එකේ අහිංසක මිනිස්සු ඉන්න රටක්. මේ අහිංසක මිනිස්සු රොත්තක්   එකතු වෙලා ජනවාරි අටවෙනිදා දවසක ආණ්ඩු වෙනසක් කරලා (විප්ලවයක්) දැන් 'හනේ හපොයි' කියා කියා හුල්ල හුල්ල ඉන්න මිනිස්සුන්ට හදිස්සියේම 'පාරට වැටීම නිමිත්තෙන්' ඒ වගේම හුල්ල හුල්ල ඉන්න විමල්ල වගේ අය හම්බ වෙනවා. වෙන වෙන කාරනා දෙකකට උනත් දෙගොල්ලම එකම තාරතාවයකින් යුතුව හුල්ලනවා. ඒත් හුල්ලන්නේ කරන්නේ නැතුව ගානට වැඩ බේරාගෙන ආපදා කළමනාකරණය කරගෙන ඉන්න මිනිස්සු රොත්තකුත් ඉන්නවා. මේ රොත්තට විමල් අයිති වෙන්නේ නෑ. ඒකයි මිනිහ තාමත් හිරේ.

මොකක් හරි රාජ්‍ය අණක් ලැබිල රටේ රාජ්‍ය වාහන සංගණනයක් කරොත් රටේ වාහන අවභාවිතාවේ කුරිරු ඇත්ත හොයා ගන්න පුළුවන්. රාජ්‍ය දේපල අවභාවිතාව කියන්නේ දිනපතා වැඩක්නේ. සමහරු රාජ්‍ය දේපොළ කියල දෙයක් තියනවා කියලවත් දන්නේ නෑනේ. ඒත් විමල් විතරක් හිරේ යනවා. මොකද මිනිහ ඉන්නේ රටේ බල ධුරාවලි චක්‍රයේ පරිධියට වෙන්න. 

කොටස් වෙලදපොල සමග ටික්බොල සෙල්ලම් කරපු නාමල් බේබි තවමත් නාමල් බෙබියෙක් විලස ඉන්නෙත්, බැසිල් යුව රජතුමා තාමත් යුව රජෙක් ලෙසම තාමත් ඉන්නෙත්, ඇමති විමල් විතරක් හොර විමල් වෙන්නේ ඇයි. 

කාසියේ අනික් පැත්තත් එහෙමයි. මරාගේ මර්ධනයට අහුඋනු ලිස්ට් එක කියවගෙන කියවගෙන යනකොට, එම අලකලංචි හෝ ඝාතනයන්ට ලක් උනු යට සාධාරණය කෙසේ වෙතත් නම් මතක් කිරීමකට පවා ලක්උනු අයගේ නාමාවලිය ගත්තොත් ඒවා ඔක්කොම බල කේන්ද්‍රය ට සම්බන්ධයි. ලසන්ත, කීත්,...... දැන් ජනක සිහින, ලලිත් -කුගන් වගේ අය මැරුන. ඒත් ඒ මරණ කේන්ද්‍රයෙන් ඈතයි. මාධ්‍ය බලපරාක්‍රම වලට පවා වැඩිය අහුවෙන්නේ නෑ. මර්ධනය වගේම මර්ධනයට එරෙහිව යුක්තියත් පන්තිමය ස්ථර වලින් යුක්තයි.

විමල් මහා රජාගේ 'ඔඩොක්කු කුක්කෙක්' වෙලා ඉදිද්දී පවා ලෙන්ගතු අයිය මල්ලි සෙයියාවක් එලියට පෙනුනත් inner circle එකේ ස්ථාන ගත වෙලා ඉන්ඩ බැරිඋන හැටි.....

වමේ, දකුණේ, ජාතිකවාදී ගොඩේ, ලිබරලුන්ගේ ජුන්ටාවල, හොරු අතර, මිනීමරුවෝ අතර, අධිකරණයේ, අධ්‍යාපනයේ පෙනී නොපෙනී තියන පංති ස්ථර හදුනාගනිමු.


Comments

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම