මොකක්ද මේ කෝබිනොමික්ස් ?

Image result for jeremy corbyn with people


බ්‍රතාන්‍යයේ ලේබර් පක්ෂයේ නායකත්වය සදහා යලිත් වතාවක් චන්දයක් පැවැත්වෙන අතර දිගුකාලින වමේ ක්‍රියාකාරිකයෙකු වන ජෙරමි කෝබිනගේ නායකත්වය සදහා පක්ෂයේ ඕවන් ස්මිත් නැමැත්තා අභියෝග කරමින් සිටී. ජෙරමි කෝබින් විසින් ඉදිරිපත් කොට ඇති ආර්ථික ප්‍රතිපත්තිය හදුන්වන්නේ "කෝබිනොමික්ස්" යනුවෙනි. ලෝකය පුරා ජන ජීවිතය උඩු යටිකුරු කරන නව ලිබරල් ආරථික ප්‍රතිපත්ති වල එක් මරමස්ථානයක් වන බ්‍රතාන්‍යය රාජ්‍ය ප්‍රතිපත්තිය තුලට කෝබින් ඉදිරිපත් කරන විකල්පය වන කෝබිනොමිකස් සැබවින්ම ක්‍රමයට එරෙහිව උඩුගම් බලා පිහිනිමකි. බ්‍රතාන්‍යය තුල එය ජයගතහොත් සමස්ථ ක්‍රමයට එරෙහිව ප්‍රභල "ගේම් චෙන්ජ්" එකක ආරම්භය වීමට ඉඩ කඩ ඇත.


ඒ අර්ථයෙන් ලෝකයටම වැදගත් වන කෝබිනොමික්ස් කියන්නේ මොකක්ද 


කෝබින් යෝජනා කරන්නේ රටේ ආර්ථික උපාය මාර්ග උඩු යටි කරන විප්ලවීය වැඩපිළිවෙලකි. මෙහි ප්‍රධාන සාධකය වන්නේ අලුත් මුදල් අච්චු ගසා රාජ්‍ය ආයෝජන බැංකුවක් පිහිටුවා ඒ තුලින් සෘජුවම රටේ නිවාස සුභ සාධනප්‍රාවාහන අධ්‍යාපන සහ බලශක්ති ක්ෂේත්‍ර වලට ආයෝජනය කිරීමයි. මේ තුලින් වසරකට නිවාස දෙලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ අලුතින් ඉදිකොට රටේ නිවාස සදහා ඇති පාවෙන වටිනාකම් ( bubble value ) බිද දැමීමයි. රට තුල ඇති අසාමාන්‍ය නිවාස මිළ නිසා සාමානය ජනයාට නිවසක අයිතිවාසිකමක් ලබාගැනීම දුර සිහිනයක් බවට පත්වී ඇති අතර රටේ නිවාස වෙළදපොල පිටරට ව්‍යාපාරිකයන් වෙනුවෙන් පවත්වාගෙන යන බව ඔහු කියයි. නිවාස වෙළදපොල කඩා බිද දමා එය ජනනතාවාදී කිරීම ඔහුගේ අරමුනයි. වසර 2009 - 2011 කාලයේ බ්‍රතාන්‍ය රාජ්‍ය මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී පවුම් මිලියන 375 පමණ අච්චු ගසා රටේ බැංකු සහ මුල්‍ය ආයතන වල 'ජීවිතයආරක්ෂා කල ආකාරයේ ආර්ථික උපායන් ආපස්සට හරවා මුල්‍ය ආයතන වෙනුවට සමාජයේ ආර්ථික මරමස්ථාන වලට මුදල් පොම්ප කිරමේ ආර්ථික උපාය මාර්ගය (People's quantitative easing) කොබිනොමික්ස් යෝජනා කරයි.


ඔහුගේ විවේචකයන් විසින් 'රොබින් හුඩ් ආර්ථික සැලසුම් ලෙස හදුන්වනු ලබන  කෝබිනොමික්ස් තුලින් රටේ පුංචි මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ සුභසාධනය සදහා ආර්ථිකයේ වැඩි බරක් දැමීමට යෝජනා කරයි. කොටස් වෙළදපොල හරහා රටේ ආර්ථික ශක්තිය උරගා බැලීමේ ආර්ථික චින්තන රටාව වෙනුවට සැම තරාතිරමකම මිනිසුන් සභාගි වෙන සමානතා ආර්ථිකයක් සදහා ඔහු වෙහෙසෙන බව කියයි. මේ ඒ අනුව යමින් ඔහු රටේ විශ්ව ව්ද්‍යාල අධ්‍යාපනය නිදහස් කිරීමට බලාපොරොත්තු වන අතර විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගාස්තු වලින් නිදහස් කරයි. එසේම දුම්රිය සහ බලශක්ති සේවා සෘජු රාජ්‍ය මැදිහත්වීම මත ක්‍රියාත්මක කිරීම‍ට බලාපොරොත්තු වේ.

දනට රටේ දුම්රිය ගාස්තු මැද පංතියේ සමාජ ස්ථරයට පවා දැරිය නොහැකි ඉහළ අගයක පවතී. 
මේ සියලු සහන අවසානයේ නිර්මාණය වන අති විශාල අයවැය පරතරය පියවීම පිලිබදවත් කොබිනොමික්ස් තුලින් වැඩපිළිවෙලක් යෝජනා කරයි.  ඒ ක්‍රමානුකුල බදු එකතු කිරීමේ වැඩපිළිවෙලකි. ධනවත් ව්‍යාපාරිකයන්ට සහ බහු ජාතික සමාගම් වලට අන්තොමතික ලෙස ලෙස ලබාදී ඇති බදු සහන ඉවත් කිරීම් මගින් රටට වසරකට පවුම් මිලියන් 120 ක් ඉතිරි කල හැකි බව ඔහු පවසයි. එසේම රටේ ඉහල ආදායම් ලබන්නන්ගේ බදු අයකරගැනීමේ ප්‍රතිශතය සියයට පනහ දක්වා ඉහළ දැමේ. 

ලිබරල් ආර්ථිකයට එරෙහිව කොබිනොමික්ස් පෙනී සිටින තවත් එක් සාධනීය ප්‍රතිපත්තියක් වන්නේ රටේ උපරිම වැටුප් සදහා සීමාවක් පැනවීමයි. මේ තුලින් රටේ ජනතාව ලබන වැටුප් අතර අන්තොමතික අසමානතා අඩු කරගැනීමට හැකිවන බව කොබිනොමික්ස් කියයි. එසේම ඉහල සිට පහලට වැටුප් විභේධනය සැකසීම මගින් රටේ අවම වැටුප ඉහල යනු ඇත.

නව ලිබරල් ආර්ථිකයේ මහගෙදර වැනිවූ  බ්‍රතාන්‍ය දැන් දැන් ඉතා සීග්‍රයෙන් සුභසාධක රාජ්‍ය මොඩලයෙන් ඉවත් වෙමින් සිටී. මෑතකදී එළිදැක්වූ සමීක්ෂණ වාර්තාවකට අනුව වසර 2010 සිට අද දක්වා රටේ  සාමාන්‍ය නගරයක යාන්ත්‍රනය සදහා රජයෙන් ලැබෙන ප්‍රතිපාදන සියයට පනහ කින් අඩු වී ඇත. මින් ඇතිවෙන මුල්‍ය හිඩැස ජනතාව විසින් පුරවා දමා ඇත.

මෑතකදී රටේ කම්කරු නීති ක්‍රමානුකුලව වෙනස් කිරීමට කොන්සකෙටිවූ රජය ක්‍රියා කරමින් යන අතර රටේ කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද පත්‍රිකාවක සදහන් වන්නේ රටේ ශ්‍රම බලකාය තව තවත් ‘ආයෝජන හිතවාදී’ කරන බවයි. මේ පත්‍රිකාව ඔවුන් හදුන්වා ඇත්තේ easy to hire and easy to fire ප්‍රතිපත්තිය ලෙසයි.

එසේම ශ්‍රමය පිළිබද රාජය්‍යයේ ප්‍රතිපත්තිය වෙනස් කිරීමටද පිබුරුපත් සකසමින් සිටියි.  රටේ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වූ London school of economics ආයතනය ඉදිරිපත් කළ පත්‍රිකාවක සදහන් වුනේ  රටේ ජනතාව පාරිභෝජනවාදී ආර්ථික ඒකකයක් ලෙස අර්ථකථනය කළ යුතු බවයි. (set of economic commodity) මෙහි නියමු ව්‍යාපෘතියක් ලෙස විශ්ව ව්ද්‍යාලයේ සිසුන් සහ ආයතනයේ පාඨමාලා ආර්ථික ඒකක ලෙස කටයුතු කිරීම ආරම්භ කොට ඇති අතර ඊට සිසුන්ගේ දැඩි විරෝධයක් පසුගියදා එල්ල විය.

මෙම ආර්ථික නියමයන් වලට අනුකුලව අධ්‍යාපනසේවාබලශක්ති වැනි අංශ වලින් රාජ්‍ය වේගයෙන් ඉවත්වෙමින් යන අතර ඊට සමපාතව තරගකාරී වෙළද සේවා ආර්ථිකයක් නිර්මාණය වෙමින් පවතී.

බ්‍රතාන්‍යයේ මෙවැනි සමාජ ආර්ථික පරිසරයකට ජෙරමි කෝබින් විසින් අභියෝගාත්මක ලෙස කෝබිනොමික්ස් විකල්පය යෝජනා කොට ඇත. එයට සමාජයේ මිශ්‍ර ප්‍රතිඑල ලැබෙමින් පවතී. එසේම විය යුතු පරිද්දෙන්ම රටේ ආර්ථිකය හසුරුවන බලවේග මේ යෝජනා උපහාසයෙන් යුතුව ප්‍රතික්ෂේප කරන අතර ඔහුගේ නිවස ප්‍රතිපත්තිය වැනි ප්‍රතිපත්ති බහුතර සමාජ අවධානය දිනා ගනිමින් සිටී.

කෝබිනොමික්ස් කෙටුම්පත් කිරෙමේදී ප්‍රධාන කාර්‍යයක් ඉටු කලේ රිචඩ් මර්පි නම් ආර්ථික විශේෂඥයාය. දැනට TaxResearch UK ආයතනයේ අධ්‍යක්ෂක වරයෙකු වන ඔහු කලක් රටේ මධ්‍යම බැංකුව වන Bank of England හී සේවය කොට ඇත. ඔහු පවසන්නේ මෙම ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී රට මෙතෙක් ගමන්ගත් එතිහාසික සාධක සැලකිල්ලට ගත බවයි.

මෙම ආර්ථික පරතිපත්ති සමාජවාදී රාජ්‍යක් සදහා රට මෙහෙයවීමක් දැයි එක් මාධ්‍යවේදියෙක් ඔහුගෙන් ඇසුවිට ඔහු කිවේ මේ ප්‍රතිපත්ති තුලින් රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදෙන අඩු ආදායම් ලාභින් රටේ අර්ර්තිකයේ තීරක බලවේගය බවට පත්කරන වැඩපිළිවෙලක් බවයි.

ජෙරමි කෝබින්ගේ ආගමනය ගැන පක්ෂව හෝ විපක්ෂව කථා කරන බොහෝ දෙනෙක් ගුරු කොට ගන්නේ ඔහුගේ සරල ජිවන විලාසයඇදුම් පැළදුම් ආදී දේවල්ය. රටේ මාධ්‍ය මගින් හුවා දක්වන්නේ ඔහු රැජිනට ගරු කරන්නේ නැතිටයි පටියක් පවා පළදින්නට දන්නේ නැති අයෙක් ලෙසටයි. මේ සියල්ලටම කෝබින් දෙන්නේ ඉතා සරල පිළිතුරකි. එනම් ආකර්ෂණිය ගොසිප් කථා වෙනුවට ඔහු දේශපාලන ප්‍රතිපත්ති සමග පමණක් ගැටීමට කැමති බවය.

පසුගියදා දේශපාලන රැස්වීමක් සදහා කෝබින් රටේ උතුරු ප්‍රදේශයට දුම්රියෙන් ගමන් කිරීමේදී පැය හතරක ගමන් වාරය සදහා ඔහුට ආසනයක් ලබාගැනීමට නොහැකිවිය. ඒ වෙනුවට ඔහු දුම්රියේ බිම වාඩිවී පුවත්පත් බලමින් ගමන් කළේය. එම අවස්ථාවේ ඔහු මාධ්‍යවේදීන්ට කිවේ තමන්ට අවශ්‍යනම් වැඩි මුදලක් දී පළමු පංතියේ ටිකට් පතක් මිලදී ගෙන සුවපහසුව යෑමට හැකි උනත් එය බහුතර ජනයාට අවශ්‍ය විකල්පය නොවන බවයි. රටේ දුම්රිය රාජ්‍ය මගින් පාලනය කිරීම හැමෝටම සුවපහසු ගමනාන්තයක් ලබාගැනීමට ඇති විකල්පය බව ඔහුගේ අදහස විය.

කෝබින් ගැන ආශ්වාදයෙන් මෙන්ම ප්‍රශ්නකාරී ලෙස කථා කරන බොහෝ දෙනෙක් සිටියි. ඇතැමුන් ඔහු වම වෙනුවෙන් පෙනී සිටින්නේදැයි අසයි. තවත් සමහරුන් ඔහු ගේ විකල්පය හිතළුවක් බව කියයි. එහෙත් නව ලිබරල් රාජ්‍යයේ මහගෙදර එළිපත්තටම කොබිනොමික්ස් නම් විකල්ප ආර්ථික ක්ලේමෝ බෝම්බයක් ජෙරමි කෝබින් විසින් ගෙනවිත් ඇත. එය පුපුරවා හැරීමේ ආශ්වාදය නොවිදිය හැක්කේ කාටද   ?


Jeramy Corbyn... The outsider 






Comments

  1. කෝ දුම්රිය සේවා මගීන්ට භාර දෙන එක ගැන ලියල නැහැනේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම