රතුපාට කිරිබත්.......



කිරිබත් කිරිබත්
හැමතැනම කිරිබත්
සිංහල දෙමල අවුරුදු කිරිබත්
උපන් දිනේට කිරිබත්
නැකතට කිරිබත්
සුභ වැඩට කිරිබත්

දෙමළා මරුනාම
සමරපු කිරිබත්
හංදියවල හැදුනු
අකාරුණික කිරිබත්

දෙමළා නැතිව
තනියෙන් කන කිරිබත්
රතුපාට කිරිබත්
ලේ රසැති කිරිබත්







Comments

  1. එල කවියක් නේ. ඒක නෙමේ ඔය ඒ දවස් වල අපට හිනා වුණා නේද බ්ලොග් වලින් මොකද්දෝ කොරන්න යනවා කියල. දැන් දිගටම ලියනවා නේද? හේ හේ

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලින් කට්ටිය කොරන්න යන දේවල් දැක්කම 'ඇඩෙනවා තනි ඇහැට' අප්පා. මේ දවස්වල බ්ලොග් අවකාශය රත්වෙලා නේද ? ඔයා ඒක එන්ජෝයි කරනවා නේද ? මාත් බ්ලොග් එන්ජෝයි කරනවා. ලොරි ටෝක්ස් දෙන්න එපා ඔයත් එහෙමයි. ප්‍රංශ විප්ලවේ කියල හිටන් ඉන්න සමහර බ්ලොග්ගු පවු නේද ? චන්දිම හරි ස්මාර්ට් නේද ?

      Delete
    2. කියල වැඩක් නැහැ. ආයි මොනවද? චන්දිම නම් උඹලට වැඩිය ස්මාර්ට් හැබැයි. ඔය පේන්නේ නැත්ද?
      //දෙමළා නැතිව
      තනියෙන් කන කිරිබත්
      රතුපාට කිරිබත්
      ලේ රසැති කිරිබත්//
      මේ කවිය නම් ඉතින් සාධාරණයි හැබැයි ඉතින් උඹලගේ අන්තරේ අට්ටාලේ ත් අන්න කැවුම් කිරිබත් එක්ක අවුරුද්ද සමරනවා. උනුත් දිනලද බං ?

      Delete
    3. කිරිබත් කන්න දිනන්නම ඕනියැයි බන්......ඔය හන්දිවල කිරිබත් කෑවේ දිනලා නෙමෙයිනේ. චකබ්ලාස් ගේමක් දීලනේ. ඒක නෙමෙයි ඇයි මහා අනෙකා රනිල්, මෙත්‍රී රවී ජයවර්ධන, ධම්මික පෙරේරා නොවී අන්තරේ වෙන්නේ..පුරුද්දටද ?

      Delete
    4. රනිල්, මෙත්‍රී රවී ජයවර්ධන, ධම්මික පෙරේරා උන් බන් ඕව එළිපිට කොහොමත් කරන එකනේ. රනිල නම් දෙමළට සපෝර්ට් කියල කාඩ් එකක් ගහගෙනමනේ ඉන්නේ. රවී ජයවර්ධන - මැරිලානේ බං

      Delete

Post a Comment

Popular posts from this blog

මෙන්න මඩ .........

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....