මෙන්න මඩ .........
නම් අඩගහල, ඉල්ලුම්පත්‍ර දාල බ්ලොගාලට සම්මාන දෙන වැඩේ පොඩි අවුලක් මට පේනවා. ගණන් ගන්න එපා.... ඒ සමහරවිට වැඩේ අවුලක් නෙමෙයි මගේ අවුලක් වෙන්න ඇති. බ්ලොග්ගුන්ට සම්මාන දෙන්නේ උන්ව දිරි ගන්වල තව තවත් හොද අහිංසක බ්ලොගයෝ වෙන්න වෙන්ටෑ. බ්ලොගයෝ නම්වූ උපසංස්කෘතිය තව තවත් ඔපමට්ටම් කරලා මහා සංස්කෘතිය ඇතුලේ පොරවල් ටිකක් හදන්න වෙටෑ.
මීට අවුරුදු බර ගානකට ඉස්සර මේ බ්ලොගා ලංකාවේ පත්තරයක ඉන්නකොට මේ වගේ සම්මාන උළලක් තිබ්බ පත්තරකාරයන්ට. (දැනුත් ඇති). මුලදි press council එකෙන්ද කොහේදෝ සල්ලි හම්බ උනා. නම ඇහුවම චූ බර හැදෙන කොලබ තැනක තමයි මෙවුව තිබ්බේ. සම්මාන දිනේ ලන්වෙනකොට මහා සහ හීන් පත්තරකාරයෝ වසර පුරා තමන් කරපු කෙරුවාවල් කපල කොටලා ෆයිල් වල දාල යවනවා. ඊට පස්සේ සම්මාන දවසට ගිහින් ලි කොට කෑලි අරගෙන කාල බීලා ගෙදර එනවා.
දවසක් පොද්දල (ජයන්ත) විනිශ්චය මණ්ඩලයට යොමු කරපු ෆයිල් එක විනිශ්චය මණ්ඩලේ කෙනෙක් ඇහැටවත් දැක්කේ නෑ කියල ප්‍රකාශයක් කළා. පොද්දල කලේ සම්භාව්‍ය සම්මාන රාත්‍රියේ අනාරාධිතවම වේදිකාවට ඇවිල්ල අවනඩුව කිව්වා. ඊට පස්සේ සම්මාන කෙරුවාවේ හිරි ඔතප් කැඩිලා ගියා.
හිරි ඔතප් කැඩුනට පස්සේ සංසර්ගයට අයිතිකාරයෝ නැති වෙනවා. ඒ කාලේ සමහරු යෝජනා කළා යන හැමෝටම සම්මානයක් දෙන්න. අර මගුල් ගෙදරක ගියාම කේක් කෑල්ලක් දෙන්නේ ගෙදර අරන් යන්න.
බ්ලොග් සම්මාන කෙරුවාවෙත් හිරි ඔතප් බිදිලද නැද්ද මං දන්නේ නෑ. මොකද මං ඉන්නේ බ්ලොග් අවුටර් circle එකෙනුත් එලියෙනේ. මන් කියන්නේ බිදිලා නැතිනම් ඒක කාලය පිළිබද ප්‍රශ්නයක් විතරයි. මොකද බ්ලොග් වැඩේ 'දියුණු වේගන' යන වේගෙට market economy තියරි ඔතන්ට එන්න පුළුවන්නේ. එතකොට ස්පොන්සර් කෙනෙක් ඇවිල්ල සම්මාන ටික තෝරලා දෙයි. එතකොට සම්මාන උළෙල Hilton හෝටලේ තියන්න පුළුවන්. එතකං බ්ලොගාලට තියෙන්නේ පුළුවන් තරං බ්ලොග් ලියල වැඩේ ජනප්‍රිය කරන්න. අර්ජුන් මහේන්ද්‍රන් ගේ රේඩාර් වලට අහුවෙන කම්.
දැන් ජනමාධ්‍ය සම්මාන උළෙලේ හිරි ඔතප් බිදගෙන, බිදගන්නට පෙර සහ පසු පුංචි කල්ට් ලක්ෂණ ටිකක් ආරක්ෂා කරගෙන හිටිය. ඒ කියන්නේ පත්තර කාරයන් විසින් ඔවුන්ටම සම්මාන දී ගන්නවා. සම්මාන රාත්‍රීයේ ආරාධිත අමුත්තන් ගේ සිට පුටු පුරවන උන් දක්වා ඔක්කොම පත්තර කාරයෝ. උන් උන්ටම සම්මාන දීගෙන ඒ ගැන වාද විවාද කරගත්ත. පස්සේ මේ ස්ට්‍රක්චර් එක පත්තරකාරයෝයි දේශපාලකයොයි මාර්කට් එකේ කොම්පැනි කාරයොයි එකතු වෙලා සන්තෝසයෙන් කඩා ගත්ත.(දැන් කොහොමද දන්නේ නෑ )
ඒත් බොලොගාලගේ උප සංස්කෘතිය එහෙම නෑනේ. අයිඩියෝලොජි ප්‍රශ්නයක් තියනවනේ. එළියේ මොනා උනත් බ්ලොගාලට කමක් නෑනේ. තමාගේ රචනා තමන් විසින්ම ප්‍රකාශයට පත් කරන සර්වබලධාරී හැකියාවෙන් බ්ලොගාලා සුරත්තානයට පත්වෙලා. දැන් ඔය බ්ලොගාලාගේ මානසික de facto leader වෙලා ඉන්න අජිත් පැරකුම් ජයසිංහ ගේ මරාගෙන මැරෙන බ්ලොග් ත්‍රස්තවාදින් නිෂ්පාදනය කරන ෆැක්ටරියේ නිෂ්පාදන වලින් තමයි අවකාශය වැහිලා තියෙන්නේ. අතරින් පතර හතු නොපිපෙනවා නොවේ....
දැන් මෙදා පාර වෝටර්ස් එජ් එකේ සම්මාන දෙනවා කියල ගොඩක් බ්ලොගාල අමන්නාදන්නයට ද මොකටද එකටද පත්වෙලා. (පේන්න තියනවා ) පටන් අරගෙන අවුරුදු කියාද. මාර දියුනුවක්නේ. මේක තව ටිකක් දියුණු කරලා ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල වගේ කරන්න ඕනි. මේ දවස්වල 'හිට් වෙන' පොලිටිකල් පොරවල් ටිකක් සහ කොම්පැනියක් අල්ලගත්තම පබ්ලිසිටිය නිකම්ම හම්බ වෙනවා. අනික නිළ නොවන රාජ්‍ය හෙවන යට දේවල් සංවිධානය කරන්න කොච්චර ලේසිද.
මම ඔය මහා බොලොගයෙක් එහෙම නෙමයි. බොගට වාඩි වෙලා ඉන්න අතර බ්ලොගයක් දෙකක් ලීවට කවුද ගණන් ගන්නේ. ඒත් මට හිතෙනව බ්ලොගයන්ගේ රියල්ටි ෂෝ එකක් එහෙම කරොත් නරකද. එතකොට කවුරු ඇහුවේ නැතත් බෝලොගාලාට සින්දු කියන්නත් පුළුවන්.
//බ්ලොගයෝ නම්වූ උපසංස්කෘතිය තව තවත් ඔපමට්ටම් කරලා මහා සංස්කෘතිය ඇතුලේ පොරවල් ටිකක් හදන්න වෙටෑ.// ඔය උප ස්න්ගිස්කෘති හදන්නේ අන්තරේ නේ මචෝ අපි නෙමේ.
ReplyDeleteමම විනිශ්චය මණ්ඩලේ ඉන්නවා. බ්ලොගුත් තෝරනවා. ඇවිත් බලපන් පෙන්වන්නම්. උඹල අගෝර එකේ චිත්‍ර සම්මාන දෙනවට වඩා කෙලින් මේවා හරිද? මේ දවස් වල දිගට හරහට කියවනවා.
//බ්ලොගාලාගේ මානසික de facto leader වෙලා ඉන්න අජිත් පැරකුම් ජයසිංහ // පැරා එච්චර දියුණුද? :)
ReplyDeleteපත්තරකාරයෝ මන්දා බ්ලොගාලටනම් සම්මාන දෙන්න වෙන්නේ බ්ලොගාල සෙට් එහෙකටම තමයි.. මේවා දවස ගානේ කියවල අවුරුද්දක් තිස්සේ සටහන් කරගෙන මිසක් ඇප්ලිකේෂන් වලින් නම් ගෙන්නාගෙන කොරන්න බෑ.
අපි දෙන සම්මාන ගැන විවේචන කරන්න හොඳම ප්ලැට් ෆෝම් එක තමයි දීපු සහ නිර්දේශ කරපු සම්මානලාභී ලැයිස්තුව. මෙදා එක තව ටික දොහකින් එලියට දානවා. ගිය පාර එක දැන් හැමෝම දන්නවා. ඒ එකක හරි මේක මූට නැතුව අහවලට දෙන්න තිබ්බ කියල කියන්න පුලුවන්නම් අන්න ඒකට ඕනේ වෙලාවක උත්තර බඳින්න ලෑස්තියි කොහොමද මොකක්ද උනේ කියල..
සින්හල බ්ලොග් සම්මාන උලෙල තමා ඉස්සෙල්ල බිහි වුනේ. ඒකෙ නිර්මාතෘ ලන්ඩන් වල තට්ට ඇල්බට් අන්කල් තමන් දන්න අඳුනන අයට පින්සෙන්ඩුවෙලා එයාලා ලවුවා සින්හලෙන් බ්ලොග් ලියවගෙන තියෙනවා...
ReplyDeleteඉතින් ඒ සින්හලෙන් බ්ලොග් ලියන උන්දැලා විකුනගෙන කන්න, එහෙම කාලා අය වැයප්රකාශයට පත් නොකර ඉන්න, සිරිකොතෙන් අනුග්‍රාහකත්ව අරන් කරූ ජයසූරියලා ව ප්‍රදාන අමුත්තො ලෙස ගෙන්නන්න, අනුන් ගේ ගානේ ගුවන් ටිකට්පත් හා හෝටල් බිල් ගෙවාගන්න, ලන්ඩන් වල තට්ට ඇල්බට් අන්කල් ට අයිතියක් නැද්ද මන් අහන්නේ?
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Delete:D
Deleteඑයා මයිල් කෙලින් වෙලා....
හෆොයි.....
විකුනමු අපි විකුනමූ
සින්හල බ්ලොග් විකුනමූ
This comment has been removed by the author.
Deleteහා හා මම ඔහේ කියනා විදියට ම නිකන් යන්නම්.... ඔහේ නේ සින්හල බ්ලොග් වල ,මූලාරම්භය වන එයා මයිල් සම්මාන උලෙල පටන් ගත්තේ...
Deleteඔහේ අපිවත් විකුනගෙන එයා මයිල් එහෙම බුක්ති විඳගෙන, කරූ ජයසූරිය ලා ව අරාදනා කොරගෙන, සිරිකොත කියන විදියටම සින්හල බ්ලොග් විකුනන් කන්නකෝ....
දැණ් ඊලඟ අවුරුද්දෙ ඉඳලා ඔහේ එයා මයිල් සම්මානෙට සාබාගි වෙන්නෙ නැතිකොට සින්හල බ්ලොග් අකුලෝලම යයිද හිටන්?
// ඒත් තෝ හින්ද නෙවෙයි. තෝ ඔය ගොන් කතා කිව්වේ නැත්නම් මට ඕන තැන තමා කරන්න හිටියේ. පීටර් ද මෝල් //
Deleteයන්තම් මගේ ගොන් කතා නිසා එයා මයිල් යාය සිරිකොතේ තියෙන එක නැවතුනා එහෙනම් හිටන්?
// අනික නිළ නොවන රාජ්‍ය හෙවන යට දේවල් සංවිධානය කරන්න කොච්චර ලේසිද. //
Deleteනිල මැස්සනේ අහන්න
බ්ලොග් ගූ ගොඩේ වහන්න
නිවාඩුව ගෙවන්න
ටිකට් සහ හොටෙල් ලැබෙන්න........
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteඇත්ත කියනකොට තද වෙනව නේද හිටන්?
Deleteඇයි අර යාලුවන් ගේ එයා මයිල් කතාව දැන් කියන්නේ නැද්ද?
අපි PP කරන් ඉන්න හොරු තමයි හිටන්..
ඒත් අපි නම් අය වැය වාර්තා පේශන්ට් ලා ට දෙනවා ...
ඔහේ වගේ හන්ගලා ගහන්නේ නෑමයි හිටන්!
අපිට ලැජ්ජාව කියලා දෙයක් තියෙනව නේ තාම ඉතිරිවෙලා.....
//කළු සල්ලි සුදු සල්ලි රතු සල්ලි සමග සතුට දුක විකුණන මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ සිල්ලර සිහින ! //
Deleteකළු සල්ලි සුදු සල්ලි රතු සල්ලි සමග අනුන් ගේ බ්ලොග් තමන්ගේ වගේ විකුණන මිනිසුන්ගේ සිල්ලර සිහින !
මූ අපිට පොර ටෝක් දෙන ගමන් විකුනන් කන්නේ අපිම ලියනා සින්හල බ්ලොග් නේද කියලා හිතුනාම හෝස් ගාලා ඇඟ උනුකරවා යනවා හිටන්!
Delete//සිංහල බ්ලොග් එදති තිබ්බ අදත් තියනවා හෙටත් තියෙයි දන්ගොතෝ. සම්මාන දුන්නේ ඒවා නංවන්න. //
Deleteතනකොල නෑ ගහ මුදුනේ
ඒකයි බිමට බහින්නේ....
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deletehttps://en.wikipedia.org/wiki/Income_statement
ReplyDeleteAn income statement or profit and loss account [1] (also referred to as a profit and loss statement (P&L), statement of profit or loss, revenue statement, statement of financial performance, earnings statement, operating statement, or statement of operations)[2] is one of the financial statements of a company and shows the company’s revenues and expenses during a particular period.[1] It indicates how the revenues (money received from the sale of products and services before expenses are taken out, also known as the “top line”) are transformed into the net income (the result after all revenues and expenses have been accounted for, also known as “net profit” or the “bottom line”).
අපිට හෙට බිග් මැච් යන්න තියෙනවා... ඒ හන්දා වේලාසනින් නිදාගන්න යනවා... උදේ නැගිටිනකොට ලන්ඩන් වල තට්ට ඇල්බට් අපිව විකුනලා තියෙයි ද දන්නෙ නෑ..
Deleteබයි බායි!
This comment has been removed by the author.
Deleteහයියෝ.. මේ දෙන්නම දැනුං තේරුං තියෙන වැදගත් මහත්තුරු නේද?
ReplyDeleteThis comment has been removed by the author.
DeleteWaliyak wage... mewata mokata randu wenawada appa...
ReplyDeleteThis comment has been removed by the author.
Deleteආදරනීය සරද පුතේ....ලඟදි සෙට් වෙන්නත් බැරිවුනා නේද? සෙට්වුනාම උඹ මට සම්මානයක් දියන්.....මම උඹට එකක් දෙන්නම්...මේ සියල්ලම විහිලු මචං. ලන්ඩන් එන්න වියදම වැඩිනිසා මගේ එක පෝස්ට් එකේ එවපන්. උඹේ එක කොහොමද ඕන? කෝච්ච්යෙ ඩ්‍රයිවර්ට දෙන්නම්, උඹ ලිවර්පූල් ස්ට්‍රීට් එකෙන් ගනින්. උගේ අතේම මට බාගේ බෝතලයක් එවපන්. පොර ආපහු කේම්බ්‍රිජ් එනවා. උඹටත් වියදම් සැරයිනේ.
ReplyDeleteඅටමගේ පාරෙන් පලවෙනි පාරට ආවේ මචෝ. මෙව්ව ගැන කතා කරල ඇතිවෙලා. කොමෙන්ට් කළා කියල උබ කිව්ව ඔක්කොමත් ස්ථිර කළා කියල හිතාගනින්. ඔන්න මම තුමා සතුටින් විසිර ගියාය.
ReplyDelete👊🏽
මට තව ලොකු ප්‍රශ්නයක් තියෙනව. මේකට මෙතන ඉන්න කෙනෙකුට උත්තරයක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්. 🙏
ReplyDeleteලංකාවේ කොහොමද වුර්තිමය බ්ලොග් කරුවෙක් වෙන්නේ..???
දැනට ලංකාවේ තමන් වෘත්තීය බ්ලොග් කරුවෙක් කියල පිළිගෙන තියෙන්නේ පැරා විතරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයක් වෙනුවෙන් ඔහු රැකියාවක් ලෙස බ්ලොග් එකක් කරනවා. තව කීප දෙනෙක් ඉන්නවා දේශපාලන උවමනාවන් මත බ්ලොග් වල සැරිසරන ඔවුන්ටත් යම් ගෙවීමක් කරනවා අදාල කණ්ඩායම් විසින්. ඒ ඇර අනිත් එක්කෝ තමන්ගේ සේවා ස්ථානයේ ප්‍රධානියාට පින් සිද්ද වෙන්න නැත්නම් මහන්සිවෙලා හොයා ගත්ත/ ගන්න තුට්ටු දෙකට කෙලෝගෙන පස්ස පැත්තේ අමාරුවට මේක කරන්නේ. (ඇඩ් වලින් සල්ලි හොයන්න බලාගෙන තමන්ගේ බිස්නස් එක ප්‍රමෝට් කරගන්න වගේ දේවල් වලට කරන සුළු පිරිසකුත් ඉන්නවා..)
Deleteප.ලි. දවසකට ඩොලර් සීයක් ගෙවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ වෘත්තියෙන් අයින්වී ඒ වෙනුවෙන් වෘත්තීය බ්ලොග් කරුවෙකු වීමට මම ත් කැමතියි. :)
බොහොමත්ම ස්තුතියි කල්‍යාණ තුමෝ.
Deleteමම ඔය ප්‍රශ්නේ ඇහුවේ සිරාවටමයි. මොකද ඉතින් මෙතන ඇවුන්ගෙන් ප්‍රශ්නයක් අහන්න ගියහම නළලට පිස්තොලේ තියන්න බලාගෙනනේ ඉන්නේ.
මම මේක ඇහැව්වෙ පැරකුම් කිහිප විටක්ම කියල තිබුන නිසා එයා වෘතීමය බ්ලොග් කරුවෙක් කියල. මිට කලින් වෘතීමය කළාකරුවන්, නිවේදකයන්, එක එක සේවා සපයන්නන් අහල තුබුණත් මට මේක ගැන පොඩි කුසුවක් තිබුන. අනික ඔබ දැන් කියනකන් මම කල්පනා කලේ යකෝ ෆුල් ටයිම් මේ බ්ලොගක් ලියල කොහොමද ජිවත් වෙන්නෙ කියල. ඕක ඉතින් පැරකුම් අජිත් ගෙන් අහන්න හිටියත්, අර කතාවක් තියෙනවනේ ගෑනුන්ගෙන් වයසත් අනිත් ඇවුන්ගෙන් ගන්න පඩියත් අහන්න එපා කියල. අනික ඕක පැරා ගෙන් ඇහුව කියල ඒ මනුස්සය මළාට කොමෙන්ට් එකකට උත්තර දෙන එකෙක් යැ. අනික ඕක අහල ඇයි බොට තියෙන අමාරුව මොකක්ද කියල ඇහුවොත්. කාල වරෙන්කො.
හරි මචෝ. බොහොම ස්තුතියි ආයෙත්. ප්‍රශ්නෙට හොඳම උත්තරය උබගෙන් ලැබුන.
උබ "ප. ලි." කියන එකට එහෙම එකක් සෙට් වෙයන් කියල බොක්කෙන්ම ආශීර්වාද කරනව. මට එහෙම කරන එකෙක් හම්බුනොත් උබටත් කියන්නම්.
🙏
//එතකොට කවුරු ඇහුවේ නැතත් බෝලොගාලාට සින්දු කියන්නත් පුළුවන්.// බ්ලොගාල සින්දු කියන්නේ පලවෙනි උළෙලේ සිට. මනෝජ් පෙරේරා දැක්කේ නැතිය.
ReplyDeletehttp://managepintharuwa.blogspot.co.uk/
නිකං චුන් චාන් සින්දු නෙමෙයි. අර රියලිටි ෂෝ සින්දු..... ලයිට් පත්තු වෙනවා. අඩ අඩ හොටු පෙර පෙර සින්දු කියනවා. විනිශ්චය මණ්ඩලයක් ඉන්නව. ඒගොල්ලෝ අති විශිෂ්ඨයි, හොද අනාගතයක් තියනවා කියා කියා හුල්ලනවා. ඔය පිට කහන කොමෙන්ට් දාන බෝලොගාල ඉන්නේ.... ඒගොල්ලන්ව දාන්න ඕනි විනිශ්චය මණ්ඩලේට
Deleteසරද මේකේ වරද ඔබේ :D
Deleteඅර බලන්නකෝ අපේ අටම් මහත්තයා. මම දැක්කා අහනවා, ඔබේ ලිපිය දෙවැනි වටයට තේරී ඇත. ඔබ අකැමති නම් අපට දන්වා එවීම අස්වැසිල්ලකි කියලා. මේවට මොනවා කියන්නද මන්දා. මට "අර හාදයා "ගැන පව් කියලා හිතුනේ ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා. දැන් නම් මට අටමා නම් මේ අහිංසකයා ගැනත් දුක හිතෙනවා. මේවා ගැන ලියන්න හොඳ නැහැ. නමුත් විකාර දැක්කම නොලියත් බැහැ. මට තියෙන්නේ සමහර අය වගේ වීරවංශ/ගම්මන්පිල සිතුවිල්ලක් නොවේ. මේවා පට්ට ආතල් ඕයි.
මම මේවට නැහැලු. ඒත් මම ඉන්නවලු. ඔයා ආසනම් හෝ ආස නැතනම් අපිට අස්වැසිල්ලක්ලු. බබා මගේලු. මම බබගේ නෙමේලු. පිස්සුලු, පිස්සුම නැහැලු. එනවලු..යනවලු. මේ ඔක්කොම අස්සේ සාරි ගප්පි වෙලේ වගේම ටැන්කියෙත් ඉන්න බව හිතාගෙන අපිත් ඉන්න ඕනෙ බව මටත් හිතෙනවාලු. ආනමාලු, පූවාලු, ඕන පුකක් බලන් ඉන්න වාලු. දන්න එකා වෙන්න මොකද වෙන්නේ දන්න වාලු. නොකිය ඉන්න වෙන්නේ යාලු මාලු තරහා වෙයිද කියලා බාල මාලු..
අඩෝ කොහොමද මගේ හිපොප්..අරූ වගේද, නැත්නම් ගැන්ග්ස්ටර් වගේද... අපි ෆිල් ටී පොරවල් ඩෝ. අහලා තියෙනවද.. එච්චරයි අඩු.
// මම මේවට නැහැලු. ඒත් මම ඉන්නවලු. ඔයා ආසනම් හෝ ආස නැතනම් අපිට අස්වැසිල්ලක්ලු. බබා මගේලු. මම බබගේ නෙමේලු. පිස්සුලු, පිස්සුම නැහැලු. එනවලු..යනවලු. මේ ඔක්කොම අස්සේ සාරි ගප්පි වෙලේ වගේම ටැන්කියෙත් ඉන්න බව හිතාගෙන අපිත් ඉන්න ඕනෙ බව මටත් හිතෙනවාලු. ආනමාලු, පූවාලු, ඕන පුකක් බලන් ඉන්න වාලු. දන්න එකා වෙන්න මොකද වෙන්නේ දන්න වාලු. නොකිය ඉන්න වෙන්නේ යාලු මාලු තරහා වෙයිද කියලා බාල මාලු.. //
ReplyDeleteකැරකිල දෙකට නැවිල....
:D
නැගලම ගිහිං මගදි නැවතිලා....
ReplyDeleteඅපිත් මේව ජොලිපිට කියවනවෝ...