බ්ලොග්කරණ ඩිප්ලෝමා පාඨමාලාව 2017

Image result for separate from the world




ලංකාවේ බ්ලොග්කරුවන්, බොලොග් ලිවීමට ආස කරන්නන්, මහා බ්ලොග්කරුවන්ගේ තපස්සු භල්ලුක අනුගාමිකයන් සහ අනුගාමිකයන් වීමට බලා සිටින්නන් උදෙසා මහා බ්ලොක්කරණ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කිරීමට අදහස් කොට ඇත. බ්ලොග්කලාවේ නිමග්න  වෙන සත්වයෙකුට තිබිය යුතු සටන් කලාවේ නිපුනතාවේ සිට පිට කැසීමේ නිපුනතාව දක්වා සියළු ආලවට්ටම් උගන්වන මේ පාඨමාලාව බ්ලොග් ලෝකයේ ගිනිසිළුවයි.

බ්ලොග්ගන් නම්වූ සුවිශේෂී සත්ව විශේෂයක් නිර්මාණය කිරීම සහ ඔවුන් අනෙකුත් එළවළු වෙළෙන්දන්ගෙන් වෙන්කර නියම සුපර්සොනික් බ්ලොග්ගන් රෑනක් හදුනාගෙන කවා පොවා හදා වඩා ගැනීම මෙම මගින් පුරුදු පුහුණු කෙරේ.

බ්ලොග් ලෝකය මෙන්ම සටන් කළා ලෝකය දික්විජය කල බ්ලොග් ඔස්තාර්ලා මෙන්ම බ්ලොග් ලෝකයට නින්ජා සටන් කලාව කැන්දාගෙන ආ පුරෝගාමීන් මේ පාඨමාලාවේ අධ්‍යක්ෂක වරුන් ලෙස කටයුතු කරයි.

බ්ලොග්කරණයට අත්‍යාවශ්‍ය කුණුහරප සහ සම්ප්‍රප්පලාප මෙන්ම පැණි බේරෙන සීනිබෝල වචන සෙට් පැකේජයන් ඉගැන්වීම මෙම පාඨමාලාවේ අරමුණයි. එසේම සහෝදර බ්ලොග්ගන්ගේ පිට කසීමට අවශ්‍ය උපකරණ මෙන්ම බ්ලොග් සතුරන් මර්ධනය කිරීමට අවශ්‍ය කඩු කිනිසි වැනි උපකරණ මෙම පාඨමාලාව මගින් නොබිලේම සපයනු ලැබේ.

පාඨමාලාව සාර්ථකව හෝ අසාර්ථකව නිමකරන සියළු බ්ලොග්ගන් සදහා මීලග බ්ලොග් සම්මාන උළලේදී කුමන හෝ සම්මානයක් සහතික කෙරෙන අතර මේ සදහා ඔවුන් පොස්ටු ලිවිම අත්‍යාවශ්‍ය නොවේ.

පාඨමාලාව සදහා කිසිදු මුදලක් අය නොකරන අතර තෝරාගන්නා අයදුම්කරුවන්ගෙන් අපේක්ෂා කරන්නේ පාඨමාලා අධ්‍යක්ෂ වරුන්ගේ බ්ලොග් පෝස්ටු වෙනුවෙන් කඩේ යෑම සහ ඔවුන්ගේ ගෙදර දොරේ වැඩ කටයුතු කර දීම පමණි. කඩේ යෑම සදහා අවශ්‍ය පන්මළු සග ෂොපින් බෑග් සපයනු ලැබේ.

ඉක්මන් කරන්න ඉඩකඩ සීමිතයි




Comments

  1. ඔය පාට-මලාවේ කිසිම ප්‍රමිතියක් නැහැ. මෙච්චරකල් අපි මේ කරගෙන ආපු ස්වයංරැකියාවට මේකෙන් මරු පහරක් වැදෙනව. මේකට අපි විරුද්දව ප්‍රාදේශීය හා දිස්ත්‍රික්ක මට්ටමෙන් ලොගර් ලා දැනුවත්කරලා දීප වියාප්ත බ්ලොග් උද්ගෝෂණ වියාපාරයක් ගෙනියනව.

    බ්ලොග් කරුවනි.!
    මේ අළුත් පාට-නලාවට එරෙහිව නැගීසිටිමු..!!

    මීට,

    me, myself & I association

    හෙවත්,

    අන්න අන්න ...ආ...න්න ඒ වගේ සංසදය..!!

    🙏

    ReplyDelete
    Replies
    1. පලමු දේශනය:

      මාතෘකාව "ලඟින් ගියොත් ඇහැක් නෑ"...

      දේශක දවල් තාරකා සන්ගමේ සබාපති මහාචාර්ය ලන්ඩන් වල හොර තට්ටයා විසිනි.

      Delete
    2. ෂ්.. ෂ්...! සා රස තුමෝ.. ෂ්.. ෂ්..!!

      මේ, ඒක නෙමෙයි.. අර අක්කි බබාල දෙන්නත් එනවැයි කිව්වැයි..???

      අනේ මන්ද..!! මේ යන විදිහට මම කොහොම ලෝකයාට මුහුණ දෙයිද කියල හිටං..

      ☺️

      Delete
  2. මාවත් ගනින් බං ඕකට...පාඨමාලාවෙන් පස්සේ රැස්මාලාව දාගෙන ලියන්න පුලුවන්නේ. ඊට පස්සේ මල්මාලාව දාගෙන ගේමට බහිමු.

    ReplyDelete
    Replies
    1. අඩේ අහන්න බැරිවුනා කවුද පාඨමාලාවේ දේශකයෝ කියලා..ඒක කියපන් ජොයින් වෙන්න ඉස්සෙල්ලා.

      Delete
    2. මේ දවස්වල මහා හුරන් සම්මාන බෙදා හැරීමේ වැඩවල නිරතව ඉන්න හින්ද වැඩි දුර විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.....

      Delete
    3. අපට මොටද අපි දසසිල් උපාසක – ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට :D

      Delete
  3. අනේ යන්න සරද මහත්තයා යන්න...

    ඔහේ මොනා කීවත් අපි ගනන් ගන්නෙ නෑ හිටන්...

    අර ලස්සනට තද ඇඳල ඉන්න ඇන්ටි කෑලි දෙකක් ගෙන්නලා මාජ්ජ සාකච්චාවක් එහෙම තියලා බ්ලොග් කරුවන්ගේ සන්වර්දනේ සන්විදානයෙන් මොට්ටයෙක් ද වුර්තීය බ්ලොග් ඉඩියට්ටෙක් ද ගෙන්නලා යහපාලනේට කඩේ යන ෆේක් නිවුස් වෙබ් සයිට් එකක දානකම් අපි ඔහේ කියන දේ පිලිගන්නේ නෑ නෑමයි!

    ReplyDelete
    Replies
    1. සී නිව්ස් එකේ දැම්මා නම් බඩුම තමයි සරස :D

      Delete
    2. මේ අයියලා.. කවුරුහරි ඒකෙ ෆුල් ක්ලිප් එක තියෙන ලින්ක් එකක් එවනවද හිටං..??

      🙏🙏🙏

      Delete

Post a Comment

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම