එඩ්වඩ් කුමාරයා ගෙන් එංගලන්තේ මහ රැජිණට ලියුමක්








ලංකාවේ නිදහස් උළෙලට සපෝට් එකක් දෙන්න මේ දවස්වල ලංකාවට ඇවිල්ල ඉන්න එංගලන්තේ මහ රැජිනවහන්සේගේ දෙවෙනි පුත්‍ර රත්නය වන එඩ්වඩ් කුමාරයානන් වහන්සේ ලංකාවට ආපු ගමන් කලේ තම මවු රැජින වහන්සේට ලියුමක් ලියපු එක. ලියපු ලියුම ගවුරව නමස්කාරපුරකව තැපැල් කරන්න බාරගත් මනුස්සය ජාතිකවාදී පිලේ දෑත් ශක්තිමත් කරන්න ගිහින් ලියුම අන්ත්රස්ධාන කරල. මිනිහ කෝචොක් එකටත් එක්ක ලියුම කොපි ගහල බුන්දියට තැපැල් කරල. මේ තියෙන්නේ ඒ ලියුම.

අම්මේ,

ශ්‍රී ලංකාවට ගොඩබැහැපු ගමන්ම තකහනියක් මං මේ ලියුම ලියන්නේ පුංචි කාරණයක් චෙක් කරගන්න ඕනි හින්ද. මේ මට පොඩ්ඩක් බලල කියනවද ශ්‍රී ලංකාවට අපි නිදහස දීලාද තියෙන්නේ කියල. මාව දැක්කම මෙහෙ මිනිස්සු කලබල වෙලා නැමෙන නැමිල්ල දැක්කම මට හිතෙන්නෙම අපි තාමත් මුන්ව යටත්කරගෙන ඉන්නවා කියල. එංගලන්තේ අපේ රටේවත් නෑනේ මට මෙහෙම ගරු සරු කමක්. අම්මප මට හිතෙනව මේ රටේ පදිංචි වෙන්න.

අම්ම දන්නවනේ එංගලන්තෙදි මට වෙච්ච සංගෙඩිය. බිස්නස් කරන්න ගිහින් නැත්තටම නැතිවෙලා, රජ පවුලත් විකුනන්න හදනව කියල නන්නත්තාර වෙලා කිසිම මිනිහෙක් මාව ගණන් ගන්නේ නැති ගානට වැටුනනේ. මගේ වයිෆුත් කිවුව අම්මට ස්තුති කරන්න කියල මේ වගේ ගමනක් ලැහැත්ති කරලා දුන්නට. ගොඩ කාලෙකට පස්සේ එයාටත් දැනුනලු එයා රජ පවුලට සම්බන්ධ වෙලා ඉන්නවා කියල.

මේ රටේ මං කැමතිම කෙනා තමයි රටේ ලොක්ක, සිරිසේන කියල එක්කෙනෙක්. එයානම් මාර මනුස්සයෙක් තමයි. අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල අම්මවත් හම්බවෙන්න ඇවිල්ල තියනවලු. රැජිනක් උනත් අම්ම හරිම නිහතමානියි කියල මිනිහ මැරෙන්න යනව. අපි අතට අත දීල ටිකක් වැඩියෙන් කථාබස් කරාම මේ රටේ මිනිස්සුන්ට පුදුම ජොලියක් එන්නේ. මේ වගේ තැන් වලට එන්ඩ ඉස්සෙල්ල අපි මිනිස්සුන්ගේ බොඩි ලැන්ග්වේජ් ස්ටඩි කරන එකේ වටිනාකම දැන් තමයි තේරෙන්නේ.

හැබැයි අම්මේ අර අගමැති කාරය නම් ටිකක් අන්ඩය වගේ. මිනිහ නිකං ෆෙරෙන්ඩ්ලි වගේ හිටියට අපි ගැන හොදට දන්නව. නිකං අතට අත දුන්නත් දෙන්නේ නිකං ඩෝන්ට් කෙයාර් විදිහට. හැබැයි මිනිහ හොද කථා කාරය. අපි ගොඩාක් බිස්නස් වැඩ එහෙම කථා කළා. එංගලන්තේ බැරි උනාට මං හිතන්නේ මට මේ රටේ මොකක් හරි බිස්නස් ලයින් එකක් අල්ලගන්න පුළුවන්. අර මනුස්සයාගේ උදවු එහෙමත් තියනවනේ. ඔන්න අම්මේ මේ රටේ කවුරුහරි මං ගැන ඇහුවොත් ඔය මගේ පරණ කැරැට්ටු දිගාරින්නේ එහෙම නෑ තේරුනාද !

මට හිතෙනව මං මේ රටේ හිටිය කාලේ වැඩියි කියල. සති ගණන් ඉන්ඩ ගියාම මුන් හිතයි  මං කිසිම වැඩක් නැති අපතයෙක් කියල. බොහෝම බිසී රජ කුමාරයෙක් වගේ දවස් දෙකෙන් තුනෙන් ඇවිල්ල යන්ඩයි තිබ්බේ. ඒත් දැන් පරක්කු වැඩියි.

ඒක නෙමෙයි අම්මේ, කරන්ඩ වැඩක් නැතිව හෝටලේට වෙලා ඈනුම් ඇර ඇර හිටිය දවසක මං මේ රටේ පත්තර ටිකක් බැලුව. අපි ගැන පුදුම දේවල් තමයි ලියල තියෙන්නේ. සමහරු අපේ ආච්චිගේ ඉදල පට්ටගහල. ලියල තියෙන දේවල් දැක්කම නැවතිලා ඉන්න හෝටලයෙන් එලියට යන්ඩ බය හිතෙනව. පත්තරවල මොනව තිබුනත් අපි දැක්ක ගමන් මිනිස්සු දෙකට තුනට නවිල  නෝන්ජල් විදිහට ගරු සරු ඇතිව තමයි කථා බහ කරන්නේ. බොරුවට හරි. හරිනම් මේවා වීඩියෝ කරගෙන ගිහිල්ල බිබිසි එකේ දාන්ඩ ඕනි අපේ මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්ඩත් එක්ක.

අම්මේ මං ඉක්මනට ආයේ එනව. ආවට පස්සේ වියදමට පවුම් ටිකක් ලැහැත්ති කරලා තියන්න.

මීට,

පොඩි පුත් කුමරා

එඩ්වඩ්


ප.ලි :

අම්මේ මේ රටේ එක එක ඒරියා කොන්ට්‍රෝල් කරන්නේ විවිධ රටවල්. දකුණු පලාතට යන්ඩ දෙයක් නෑ එහෙ ඉන්නේ චීන්නු. කොලබ ඔක්කොම ඉන්දියාවේ. අපිටත් පුළුවන් එක ඒරියා එකක් සෙට් කරගන්ඩ. අර නුවර පළාත වගේ හොදයි. මං  හරි ආසයි. පොඩ්ඩක් කල්පනා කරන බලන්ඩකෝ. ඒත් අම්මට මේවා තේරෙන්නේ නෑ. අර ඩේවිඩ් කැමරන් වගේ ස්මාර්ට් මිනිහෙක් හිටියනම් මෙහෙ රනිල් මෑන් එක්ක එකතුවෙලා වැඩේ නියමෙට දෙන්ඩ තිබුන.












Comments

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම