ෂි ජින් පින් ගෙ තොල් පෙති සිප එන ‘සින්න චීන සංවර්ධන හීන’

Image result for china pollution cartoon

මේ දවස්වල රටේ ආර්ථිකය ගැන පොර ටෝක්ස් දමන්නන් සදහා හොද ඉල්ලුමක් නිර්මාණය වී ඇත. ඩොලර් මලු කර ගහගෙන චීන්නු තොග පිටින් ඇවිත් හම්බන්තොට ලැගුම් ලා ගෙන කුරුම්බා ඇට්ටි මැෂින් හදා රට ගොඩ දාන හැටි අපේ අගමැති තුමා හීනෙන් පවා දකින අතර ඊට සාපේක්ෂව ගෝල බාල මැති ඇමති තුමන්ලා ‘සින්න චීන සංවර්ධන හීන’ දකිමන් සිටියි. ඒත් මේ හීන දකින්නන්ට ‘ගෙදර වැඩ’ සපයාගත හැකි අපුරු පර්යේෂණ පත්‍රිකාවක් ජමෙයිකන් දුපත් සමුහයේ කෙරෙන චීන ආයෝජන සම්බන්ධයෙන් එරට ආර්ථික විද්වතෙකු වන Andrew Lumsden නැමැත්තා විසින් ප්‍රකාශයට පත්කොට ඇත.

චීන ආයෝජන සම්බන්ධයෙන් ජැමෙයිකාවට ඇත්තේ ශ්‍රී ලංකාව හා සමානම අත්දැකීමකි. රටේ වරායන්, ගුවන් තොටුපොළවල් මෙන්ම මාර්ග පද්ධතියද චීන ආයෝජන වලින් නැහැවී ගොස් ඇත. ලංකාවේ මෙන්ම මෙම ආයෝජන බොහොමයක මැද සිටින්නේ ‘චියිනා හාබර්’ සමාගම වන අතර විශේෂත්වය වන්නේ රනිල් ව්ක්‍රමසිංහ මහතා සිහිනයේන් දකින ආකාරයේ බොහෝ චීන කර්මාන්තශාලා රට තුල ආයෝජනය කර තිබීමයි.

මේ ආයෝජන නිසා ජැමෙයිකාව ක්ෂණික ආර්ථික වර්ධනයක් ( economic boom) අත්කරගන්නා බවට ජනප්‍රිය සිහිනයක් රට තුල නිර්මාණය වී දැන් වසර ගණනාවක් ඉක්ම ගොස් ඇත. රටේ දල ජාතික නිෂ්පාදනය ඉහල ගොස් ලෝක බැංකු ආර්ථික සටහනේ මධ්‍ය ආර්ථික සංවර්ධනයක් සහිත රටක් ලෙස ඉදිරියට පොලා පැනිමටද ඔවුන්ට හැකිවී ඇත. එහෙත් රටේ විරැකියාව දර්ශක දෙකකින් පමණ පහල වැටී ඇති අතර චීනය විසින් ජැමෙයිකාවට ඔබ්බවන ලද ‘අනුන්ගේ නිෂ්පාදන ආර්ථිකය’ නොහොත් non-ownership production economy සමග සමපාත විය නොහැකි රටේ ග්‍රාමීය ආර්ථික යාන්ත්‍රණය කඩා වැටී ඇත.

ශ්‍රී ලංකාවේ දී මෙන්ම ජැමෙයිකාවේදීත් රට ගොඩගැනීමට පැමිණෙන ‘ආර්ථික දෙවියන්වහන්සේ’ වන්නේ china harbour engineering corporation ( CHEC ) සමාගමයි. මේ සමාගම ලෝක ආර්ථිකය තුල තබා ඇති මුද්‍රාව එතරම් යහපත් නොවේ. අප්‍රිකාවේදී තම ව්‍යාපාරික උවමනා මත ‘රාජ්‍ය තන්ත්‍ර වෙනස් කිරීම’ සදහා ආයෝජන කළ බවට මේ සමාගම චෝදනා ලබා ඇත. හොන්කොන් රාජ්‍යයේදී ඔවුන් ඩොලර් මිලියන 20,000 ක දඩයකට යටත් වෙන්නේ ඔවුන්ගේ පරිසරයට හානිකර නිෂ්පාදන ක්‍රියාවලිය හේතුවෙනි. පසුගියදා ලෝක බැංකුව විසින් CHEC සමාගම ලෝකයේ ඇති අශුද්ධ සමාගම් නාමාවලියට එක්කළේ එම සමාගම ලෝකය පුරා විනිවිදභාවයක් නැති සහ ප්‍රශ්නකාරී ආයෝජන කරන බව පවසමිනි.

CHEC වැනි චීන සමාගම් ලංකාව, ජැමෙයිකාව වැනි දුපත්කරණය වූ  ආර්ථිකයක් ඇති රටවල් වලට  හරි ආදරණිය ලෙස ආයෝජන ගෙඩි පිටින් කරේ තියාගෙන එන්නේ ඇයි ? රටේ ඉස්සර හිටිය දේශපාලනිකව අඩනිරුවත් වූ ආර්ථික ඔස්තාර්ලා කීවේ ඔවුන්ගේ දක්ෂ ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඑලයක් ලෙස එසේ වන බවයි. දැන් ඉන්න අළුත් ආර්ථික අහවලුන් කියන්නේ ඒ රටේ අනාගත ආර්ථික පුනර්ජීවනයක් උදෙසා දියත්කල වැදගත් උපක්‍රම වල ප්‍රතිඑලයක් බවයි.

එහෙත් මේ සොදුරු වචන කෙසේ වෙතත් චීන සමාගම් වලට තම නිෂ්පාදන කර්මාන්තශාලා ලංකාව වැනි පරිවාරයේ රටවල් වල ස්ථාපිත කිරීමට බලකෙරෙන ඉතා ප්‍රබල ආර්ථික කාරණයක් ඇත.

වසර දහයක් පමණ සියට දහයක පමණ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යන චීන ආර්ථිකය දැන් කිසියම් මංසන්දියකට පැමින ඇත. බිජිං, ෂැන්හයි ඇතුළු එරට ප්‍රධාන නගරවල වායුගෝලීය දුෂණය ඉතා ඉහල මට්ටමක පවතින අතර CNBC පුවත් සේවය වාර්ථා කරණ අන්දමට වසරකට මිලියන එක හමාරක් පමණ පිරිසක් වායු දුෂණය නිසා ආසාධිත රෝග වලින් මියයයි. නගර 62 ක මේ තත්වය ඉතා ධරුණු අතර මෙම නගරවල විශේෂයෙන් සීත කාලයේ පාසල් සහ අධිවේගී මාර්ග විටින් විට වසාදැමීමට පවා සිදුවේ.

බිජිං වලට ආසන්න හෙබින් නගරය අතිශය දුෂිත වායුගෝලයක් සහිත නගරයක් ලෙස හදුනාගෙන ඇති අතර ගල් අගුරු බලශක්තියෙන් ක්‍රියා කරන කර්මාන්ත ශාලා දහස් ගණනක් එහි ඇත. දිනපතා කම්කරුවන් දහස් ගණනක් බිජිං සිට හෙබින් කරා යන අතර වායු දුෂණයේ ‘වේදනාව’ දැන් බිජිං නගරයටද දැනෙන්න පටන් ගෙන ඇත.

වායුදුෂන්යට එරෙහිව විශාල අරගලයක් චීන රාජ්‍ය දියත් කොට ඇත. මේ වසරේදී වායු දුෂණය අඩු කරගත නොහැකි සමාගම් වලට විශාල දඩ මුදල් ගෙවීමට සිදුවේ. කම්හල් 2500 ක් වසා දැමීමට හෝ රටින් පිට සථාපිත කිරීමට රාජ්‍ය අණකොට ඇත. එසේ කරන සමාගම් වලට විශේෂ සහන ලබාදීමටද චීන රාජ්‍ය ක්‍රියා කරයි.

ජමෙයිකාවේ  Andrew Lumsden පවසන  පරිදි චීන සමාගම් තම රටේ ස්ථාපිත කොට ඇත්තේ විශේෂිත ආර්ථික කලාප වලයි. මෙම ආර්ථික කලාප සදහා විශේෂිත නීති ඇති අතර බොහෝ නුපුහුණු චීන කම්කරුවන් පවා සේවය කරයි. මෙම කර්මාන්ත නිසා රටේ ආර්ථිකය මනින ඉලක්කම් ඉහල ගියත් රටේ ජනතාවගේ  සැබෑ ආර්ථික චක්‍රයට ඉන් ලැබෙන සේවය අල්ප බව ඔහු පවසයි.

ශ්‍රී ලංකාව මෙන්ම චීනය සමග ‘බොහෝ දුරක්’ ගොස් ඇති ජමෙයිකාව එරට ඇති යුනෙස්කෝ සංරක්ෂිත දිවයිනක් වන ගෝට් දුපත ආශ්‍රිතව, එයට බාදා පමුණුවන අයුරින් නැව් තටාකයක් පිහිටුවීමටත් රටේ උතුරු දකුණ යාකරන අධිවේගී මාර්ගයක් තැනීමටත් පටන්ගෙන ඇත. එම මාර්ගය සදහා එරට ‘ජනතා වීරයා’ වන හුසේන් බෝල්ට්ගේ නම් දැමීමට යෝජනා වී ඇතත් ඔහු එංගලන්තයේ දුරකතථන සමාගමක් සමග ඇතිකරගෙන ඇති ගිවිසුම එයට බාධාවක් වී ඇත.

වරක් චීන ජනාධිපති ෂි ජින් පින් ජැමෙයිකාවේ සංචාරයක යෙදෙන අතරතුර  Andrew Lumsden විසින් එරට පුවත්පතකට ලිපියක් ලියමින් පැවසුවේ ෂි ජින් පින් ගෙ තොල් පෙති සිපගන්නේ නැතිව චීනය කියවන ලෙසය. තොල්පති පමණක් නොව ඕනෑම වෙලාවක ‘රමාණයට’ පවා සුදානම් වී සිටින අපේ දේශපාලන - ආර්ථික ඔස්තර්ලාට මෙන්ම චීනය සමග රමාණයෙන් පමණක් සංවර්ධන සුරත්තනයට පත්විය හැක් යයි සිතන හුදී ජනයාට කීමට ඇත්තේ එක දෙයකි.

එනම් ‘චීනය සමග රමාණයට පෙර චීනය කියවන්න’ යනුවෙනි.





Comments

  1. මේක චීනෙට දීපු ප්‍රථම හාදුවද ? මාඕගේ ඉඳන් තොල් සිඹිනවා. බොරුද සරද.....

    ReplyDelete
  2. කොමියුනිස්ට් චීනය ගැනද යකඩෝ මේ කියන්නේ ...නෑ වෙන්ඩ බෑ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම