පාර්ලිමේන්තුව ඇතුලේ ගහගන්නේ රටට ආදරේ මිනිස්සු !

Image result for fight

ලංකාවේ පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරු වීදි සටන් කරමින් එකිනෙකා ගහ මරා ගනිද්දී අහිංසක හුදී ජනතාව බොහෝ කලබලයට පත්ව අනේ අපොයි කියමින් හොටු හුරමින් අඩන - දොඩන හැටි මේ දිනවල මුහුණු පොතෙන් මෙන්ම ජනමාධය වෙතින්ද අසන්නට දකින්නට ලැබේ. හැමෝම කුණු කුණු ගාන්නේ පාර්ලිමේන්තුව නම්වූ උත්තරීතර ආයතනය තුල මන්ත්‍රීවරු 'නින්ජා' සටන් කිරීමට යෑම නිසා එහි උත්තරීතර බව, වැදගත් බව, ජනතා පරමාධිපත්‍ය වගේ බර බර දේවල් අවුල් වෙනවා කියාය. රටේ ජනාධිපති ධූරය පාර්ලිමේන්තුවට ඉහළින් බලසම්පන්න ලෙස පතිත වුවාට පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතිරනාත්මක හිස් ඔළුගෙඩි බවට පත්වී, දියවන්නාව සුළු දිය වහරන ස්ථානයක් බවට රූපාන්තරණය විය. රාජ්‍ය පාලනයේ තීරණාත්මක සාධකයෙන් ගිලිහී, කරන්නට වැඩක් වතිව සෙරමෝනියල් තත්වයට පත්ව ඇති මන්ත්‍රීවරු ඉඩ හිට හෝ මෙවැනි ගෝරි, බෝරි දැමීම ඉතා හොද දෙයකි. එවිට එම මන්ත්‍රීවරු ඔවුන්ට චන්දය දුන් ජනතාවගේ ජිවිත සමග සමපාත වේ. 

රට පාලනය කරන්නේ නොහොත් රට පිළිබදවැ තීන්දු තීරණ ගන්නේ රටෙන් එපිට සිටින පුද්ගලයන් සහ ආයතන සමුහයක් විසිනි. රටේ යුද්ධය නැවතුනේ චීනයේ ආර්ථික අජෙන්ඩ එකේ මැදට හදිස්සියේම ලංකාව මැදිවූ නිසා යැයි එරටේම මාධ්‍ය කියයි. රට තුල බොහෝ යුධ වීරයන්, දුෂ්ටයන් බිහි කරමින් සහ බොහෝ මිනිස් ජිවිත එවාවලට අයිති වටිනාකම්ද සමගම රටේ යුද්ධය රතුපාට නැවතීමේ ලකුණක් තබා නිම වුවේ සේද මාවත හරහා ඕපන් චෙක් වලට අවි ආයුධ රටේ ආරක්ෂක හමුදා වෙතට ඒමට පටන් ගත නිසාය. එදා ජේ ආර් ජයවර්ධන මහතා 'කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය' හරහා පිට රටවල් වලට පවා විදුලි බලය දෙන්නට සිහින ව්‍යාපෘති හැදුවේ අයි එම් එෆ් එක සහ ලෝක බැංකුව සමග විධායක ඩීල් ගසමින්ය. මේ කිසිම තැනක පාර්ලිමේන්තුව තීරණාත්මක සාධකයක් වුනේ නැත. පාර්ලිමේන්තුවට පිටින් සිට සකස් කරන පනත් සම්මත කරගැනීම සදහා ඔළුගෙඩි චන්ද සදහා පමණක්  'උත්තරීතර' පාර්ලිමේන්තුව මැදිහත් විය. 

මෑතකාලිනම උදාහරණය වන රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමද ඇතැම් දෙනා සලකන්නේ විප්ලවයක් ලෙසිනි. එම විප්ලවයේ ජනප්‍රිය අයිතිකාරයින් වන්නේ ෆේස් බුක් එක සහ පාර්ලිමේන්තුවයි. ඒත් මේ රෙජීම් චේන්ජ් එකේ ජනප්‍රිය නොවන මතය නම් ඉන්දියාවේ ආර්ථික ඇජෙන්ඩ එකට අනුව රෝ සංවිධානය විසින් රටේ බල කේන්ද්‍රය නිර්මානාත්මක ලෙස වෙනස් කල බවයි. මේ ප්‍රෝජෙක්ට් එක අතරමැද ඔළුගෙඩි වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටියද බල ව්‍යාපෘතිය ඉතිහාස ගත වන්නේ පාර්ලිමේන්තුවට පිටතින්  රට තුල සිදුවූ තවත් තීරණාත්මක ප්‍රොජෙක්ට් එකක් ලෙසටයි.

රටේ ජිවත්වන හුදී ජනයා සමහර පාර්ලිමේන්තු මන්ත්‍රී වරු ගැන හිතන්නේ හරීම ලොකු ආර්ථික ඔස්තාර්ලා ලෙසටය. ආර්ථිකය බැලන්ස් කරමින් අපිට කන්න බොන්න දෙන්නේ මේ මන්ත්‍රීවරුන්ය. ඔවුන් එලියට දාන ආර්ථික තියරි හරියට වැඩ කරලා අපේ අටු කොටු, බත බුලතින් සරු සාර වෙනකම් හුදී ජනයා වන අපි බලා සිටී. ඒත් රටේ මහපොළව තුල හුස්ම ගන්න ආර්ථිකය තියෙන්නේ රුපවාහිනි තිර මතට සහ පාර්ලිමේන්තුවේ සභා ගැබ තුල 'පොර ටෝක්ස්' දාන මන්ත්‍රීවරුන්ගේ ඔළුගෙඩි තුල නොවේ. රටේ මිනිස්සුන්ගෙන් එකතු කරන බදු සහ ලෝක ආර්ථික ඇජෙන්ඩා වල අතරමැදියෙක් වෙලා ලෝක මුල්‍ය ප්‍රතිචක්‍රණයට හසුව රටට ලැබෙන ඩොලර් කුට්ටිය හුදී ජනයා අතර බෙදා හරින අතරමැදි මැනේජර් පදවිය දරන්නේ මන්ත්‍රී වරුන්ය. මේ ක්‍රියාදාමය බරපතල ලෙස කීමට පාවිච්චි කරන වචන ටික නම් 'විමධ්‍යගත අයවැයෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නොහොත් පාලම බෝක්කු තැනීම' යන්නයි. රටේ බොහොමයක් කරුණු මෙන්ම ආර්ථිකය රන් කිරීමේ කටයුතු දියවන්නාවෙන් එලියට ගෙන, රටෙන් එළියේ මිනිසුන් සහ ආයතන විසින් භාරගෙන ඇත. 

පද්ධතියක් හෝ ආයතනයක් මුලික නියෂ්ටියේ කාර්යභාරයෙන් ගිලිහුණු විට එම පද්ධතිය විකෘති වෙයි. ව්‍යවස්ථාදායකය  සහ උත්තරීතරභාවය කාර්‍යභාරයෙන් ගිලිහි ගිය විට පාර්ලිමේන්තුව හුදු වාද පිටියක් බවට විකෘති වී ඇත. දියවන්නාවෙන් එළියේ තියෙන සමාජයේ ඇති bugs දැන් පාර්ලිමේන්තුව තුලින් පෙනෙන්නට පටන් ගෙන ඇත. හුදී ජනයාගේ සම්ප්‍රදායක වීරයන් මැරී, වීරයන් විකෘති වී ඇති නිසා එම විකෘති වීරයන් ගේ නියෝජිතයන් රන්ජන් රාමනායක නමින් පාර්ලිමේන්තු ගොස් ඇත. රටේ සිටින බහුතර ජනයා අතාර්තික හිස් පුන්ජ බවට පත්වී රුපවාහිනියේ දේශපාලන වැඩසටහන් වලින් තම 'දේශපාලන ඇරියස්' කවර් කරගැනීමට යෑම නිසා මන්ත්‍රීවරු සේවාදායකයන් ලෙස වෙස් වලාගෙන මාධ්‍ය වල ඇජෙන්ඩා අස්සේ හිරවී කයිවාරු ගසමින් රුපවාහිනි පෙට්ටි වටා රෑට රෑට රොද බදින ජනතාවට සේවය කරමින් සිටී. 

එසේම රටේ බොහෝ ජනතාවක් off road විදිහට ප්‍රශ්ණ විසදා ගැනීමට කැමති නිසා සහ off road මිනිසුන් සෙවනේ හැදී වැඩි සුවච කීකරු ලෙස ජීවත්වීමට ඇති ඉතිහාසගත පුරුද්ද නිසා අපිව නියෝජනය කිරීමට චන්ඩි රැලක් පාර්ලිමේන්තුවට යවා ඇත. මර්වින් සිල්වා වැනි ඉස්සර පාර්ලිමේන්තු චන්ඩින් රජාගේ හෙවනැල්ල යට ඉදගෙන අවශේෂයන්ට චන්ඩි පාට් දැමු අතර වර්තමානයේ යහපාලන තෙවරප්පෙරුම චන්ඩින් අවශේෂයන්ට විතරක් නොව රජාට සහ හෙවනැල්ලට පවා අභියෝග කරයි. 

රටක් දියුණු වෙනකොට ඒ රටේ චන්ඩින්ද දියුණු වේ.

Image result for parliament jokes

මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යනවිට සුදුපාටින් 'කිට මරාගෙන' යයි. එහෙත් හුදී ජනයා එහෙම නැත. අතට පතට සහ හිතට සෙට් වෙන ඕනෑම දෙයක් ඇදගෙන උන් මහපාරේ තමාට කැමති පැත්තෙන් ඕනෑම විදිහකට යයි. හුදී ජනයාගේ ඔළුගෙඩි යුනිෆොර්ම්ගත වුවාට ඔවුන්ගේ ඇදුම් එසේ නැත. ඒත් මොකක්දෝ කරුමයකට වගේ අපට සුදු පාටත් එක්ක තියනව අමුතු ගරුකටයුතු සම්බන්ධතාවයක්. සුදු කියපු ගමන් ඔළුවල මැවෙන අයිඩියෝලොජි එක තමයි වැදගත් සහ පිරිසිදු බව. පාර්ලිමේන්තු මන්ත්‍රීලා සුදු ඇන්දම අවශේෂ ජනයා හෝල්සෙල් එකේ මේ අයිඩියෝලොජි එක ඔවුන්ට අන්දවනවා. ඒත් මේ කිරි සුදු අයිඩියෝලොජි කොක්කු පිස්සු කෙලිනකොට හුදී ජනයා වන අපේ දේවාල වල වහලවල් ඔළුගෙඩි උඩට කඩා වැටෙනවා. ඉතිං අපි හොටු හුරමින් අඩනවා. මේ හොටු හීරිමට සමහර මිනිස්සු කියන්නේ පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය නැතිවෙනවා සහ ඒ වෙනුවෙන් අරගල කරනව කියල. 

මටනම් හිතෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ ගහගැනිල්ලත් රටට කරන බරපතල සේවයක්. ඒ මන්ත්‍රීවරු රටට ආදරේ හරිම ප්‍රයෝජනවත් මිනිස්සු විශේෂයක්. දියවන්නා දේවාලයේ අල්තාරය ගලවලා පිටකටුවේ මැනින් මාර්කට් එක උඩට අතහරින්නේ ඔවුන්. පාර්ලිමේන්තුවේ හුලං බෝල මහපාරේ මිනිස්සුන්ට පෙන්නන්නේ ඔවුන්. දියවන්නාවයි කොලොන්නාවයි සමපාත කරන්නේ ඔවුන්. පාර්ලිමේන්තුවයි ගිරුවාපත්තුවයි එකතු කරන්නේ ඔවුන්. සෙන්කොලේ සහ සහ සම්බෝලේ එකතු කරන්නේ මේ ගෝරි දාන මහත්වරුන්. මේ අවස්ථාවේ හුදී ජනයාගේ කාර්යභාරය තමයි චෝප්පෙලා, වම්බෝට්ටල, කසිප්පු ගුනාල, කළුකඩ සිරිපාලලා ඔක්කොම උත්තරීතර පාර්ලිමේන්තුවට යවල පාර්ලිමේන්තුවේ අයිඩෙන්ටිය අවුල් කරන එක. හුදී ජන සමාජයේ වගේ ඇඩ්රස් නැති කරන එක.  

පාර්ලිමේන්තුව වටේ ගොඩනැගිල තියන වැදගත්, උත්තරීතර අයිඩියෝලෝජි එක බිමට සමතලා උනොත් ගොඩාක් මිනිස්සුන්ට බොරු වලවල් වලට  නොවැටී ඉන්න පුළුවන් වෙයි. ඒ වගේම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අවුලට යෑම විදවා ගන්නට බැරිව මානසික ආතති ඇති වෙන මිනිස්සුන්ට රිකවර් වෙන්ඩ සහ හිත හදාගන්ඩත් කල් තියනවා. 

මේ හැමටම වඩා මහ පාරේ මිනිස්සුන්ට අල්ලන්ඩ පුළුවන් දුරකින් තියෙන පාර්ලිමේන්තුවක් කවදා හරි හදාගන්න කවදා හරි පුළුවන් වේවි. ඒක නිසා පාර්ලිමේන්තුවේ ගහගන්න මිනිස්සුන්ට බනින්ඩ එපා ඔවුන්ට විසිල් පාරක් ගහන්න.

සෙස්ස පස්සට 

    
     

Comments

  1. ලංකාවට වඩාත්ම ආදරේ ලංකාවේ දේශපාලකයින් තමයි. මේ රට හොඳින්ම සලකන්නේ දේශපාලකයින්ට. රටේ ගාණට මේතරම් දේශපාලකයින් ගොඩකට මේතරම් බලය වරප්‍රසාද සැලකීම් හා මුක්තියක් වෙන කොහෙවත් ලැබෙන්නේ නෑ. ඉතින් ඔවුන් මේරටට අන් අයට වඩා ආදරෙයි

    ReplyDelete
  2. පාර්ලිමේතුවේ ගහ ගන්න එක මහ දෙයක් නෙමෙයි අප්පා... ඕකට බෝම්බයක් ගහපු කාළෙකුත් තිබුනා නේ...

    මම නම් කියන්නේ ඔතනම කරෝකේ බාර් එකකුයි.. බඩු ඉස්පොට් එකකුයි දැම්මා නම් අමාත්‍යශවලට වෙන කරන මුදල් සෑහෙන ඉතුරු කර ගන්නත් පුළුවන් වෙයි...

    ReplyDelete
  3. අපේ වගේ රටවල ඉදිරි ආර්ථික ක්‍රමෝපායන් හදන්නේ අපි නොවන වග ඇත්තක්නේ. ඒ කාලේ සමාජවාදි කඳවුරේ කුඩා රාජ්‍යයන්වලට වෙන්න ඇත්තෙත් අද වෙන එකේ අනිත් පැත්ත වෙන්න ඇති. ඒ මූල්‍ය ක්‍රමෝපායන් සෝවියට් දේශය හරහා එන්න ඇති. මට මේ පිලිබඳ ශාස්ත්‍රීය හැදෑරීමක් නැහැ.
    ඒ කෙසේ වෙතත්...සරද උඹ මේ විචාරයට ලක් කරන්නේ පාර්ලිමේන්තු ක්‍රමය මගින් රටක් පාලනය කිරීමේ නොවැදගත් කමද? එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට පත්කර යවන එවුන්ගේ නොවැදගත්කමද? ජනතා නියෝජිතයා ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නැහැ.

    මේ ඒක නෙමෙයි අර උඩින් තියෙන food fight fund vermont ෆොටෝ එක දැම්මේ යම් කිසි හේතුවකටද? ඒ ගැන පොඩ්ඩක් ඉන්ටරෙස්ටින්ග් හින්දා අහන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න අරූ නෑ නෑ කීවට සෝවියට් දේශය ස්වයං නිර්නනය අයිතිය දුන්න හැටි තේරිලා.
      // ඒ කාලේ සමාජවාදි කඳවුරේ කුඩා රාජ්‍යයන්වලට වෙන්න ඇත්තෙත් අද වෙන එකේ අනිත් පැත්ත වෙන්න ඇති//

      Delete
  4. යාන්තම් සරද මට එකඟ විය හැකි දෙයක් ලියල මෙන්න. මචන් ඔය පාර්ලිමේන්තුව උස්සලා පොලේ ගහමුද? නැත්නම් ඕනෙත් නැහැ.

    ReplyDelete
  5. අජිත් උබ අහන්ඩ දකින්ඩ කැමති ඒවා ලිස්ට් එකක් කියපන්. මම ඒවා ගැන ලියන්නම්. එතකොට උබට මානසික සුවයක් ලැබෙන්ඩ. හැබැයි මම ඉන්වොයිස් එකක් ගෙදරට එවනවා

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි. මෙන්න සරද කොමෙන් එකක් දාල. මචන් උඹල ඉන්වොයිස් එවනවා ඇර වෙන මොනවාද බං කරන්නේ. ඔය මට පිලිතුරුඩ් එනකොට ඔය reply එක ඔබල කරපන්.

      Delete
    2. අනික උඹට විවේචනයක් එල්ල කිරීම කියන්නෙම මානසික සුවයක් නේ.

      Delete

Post a Comment

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම