නෙලුම්යාය නොදුටු රාජ්‍යයේ ඝනකම; පරක්කු වූ පසුවදනක් !


පසුගියදා නිමාවට පත්වූ නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙල සංවිධානය කිරීමේදී එහි සංවිධායකයන් රාජ්‍ය ආයතන සමග කල ගනුදෙනු වලදී  ඇතිවූ 'අමිහිරි අත්දැකීම්' ගැන විස්සෝප විවේචන ඔවුන් තම බ්ලොග් පෝස්ටු මගින් එලියට දමා ඇත. මෙම පෝස්ටු අන්වීක්ෂයකට දමා පරික්ෂා කිරීමේදී පෙනී යන්නේ නෙලුම්යායට රාජ්‍ය නම් විශාල ඝනකම් පර්වතයේ පුංචි විය සිදුරක් හමුවීම නිසා සමස්ථය සසලවී ඇති බවයි. 

නෙලුම්යාය සම්බන්ධයෙන් ගොඩනගන මෙම ලියවිල්ල එයට එරෙහිව මං විසින් ගහන 'ගේමක්' ලෙසට යමෙක් අර්ථකථනය කලොත් ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටීමට මං බලාපොරොත්තු වේ. මෙය කන්ස්ට්‍රක්ටිවූ ක්‍රිටිසිසම් එකක් විදිහට කවුරු හරි කල්පනා කරනවානම් ඔහුට හෝ ඇයට මගේ වර්චුවල් කිස් එකක් ලැබේ.

බ්ලොග් කියන්නේ සන්නිවේදනයේ අලුත් මානයක් කියල ජනප්‍රිය මතයක් පවතිනවා. බ්ලොගර්ස් ල ඇතුළු බොහෝ දෙනෙක් එය විශ්වාස කරනවා. එහි ඇත්තකුත් තියනව. මේකේ කතෘ මැරෙනව. සම්ප්‍රදායක කතෘ විසින් නිෂ්පාදනය කරපු සහ සන්නිව්දනය කරපු ක්‍රියාවලිය වෙනුවට හැමෝම, හැමෝටම කතෘ කෙනෙක් වෙනවා. දැනුම සංසරණය වෙනවා විතරක් නෙමෙයි එහි අයිතිකාරයෝ නැතිවෙලා එය රීසයිකල් වෙනවා. ඒ අර්ථයෙන් ගත්තම මේක අලුත්. 

2016 වසරේ ලෝකයේ මෙතෙක් ජනප්‍රියම බ්ලොගය ලෙස හැදින්වෙන huffingtonpost බ්ලොගය ( http://www.huffingtonpost.co.uk/  ) පිරිස්සිමේදී එහි ඇත්තේ ජනප්‍රිය පොලිටිගොසිප් නොහොත් සෝප් news ය. TMZ නම්වූ තවත් ජනප්‍රිය ගොසිප් බ්ලොග් අඩවියක් ජනප්‍රියම පෝස්ටුව තෝරන්න තරගයක් තිබුනට පස්සේ එකෙන් තේරුනේ මේ වගේ පොස්ට්ටුවක්.
 
5 Reasons You Should Have Sex With Your Husband Every Night.”

ලෝකයේ බ්ලොග් සන්නිවේදනය තුලින් අලුත් දැනුම මෙන්ම තවත් රොඩු බොඩු ගොඩක් හුවමාරු වෙනවා. විශේෂයෙන් බටහිර සමාජ වල ජනප්‍රිය බ්ලොග් ටිකක් කියවුවම පෙන දෙයක් තමයි ඒවා පවත්වාගෙන යන්නේ සියලු සබ්ජෙට් වල ගොසිප් හයිලයිට් කරන්න. හොද සයිට් නැතුවා නෙමෙයි. ඒත් අලුත් සන්නිවේදන මාධ්‍යක් කියන ටැග් එක එතන නෑ. සිංහලෙන් ලියන අපේ අයගේ බ්ලොග් වල මේ තත්වය තාම නෑ. ඒත් මන් හිතන්නේ ඒක කාලය පිළිබද ප්‍රශ්නයක් විතරයි.  

නෙලුම් යාය වගේ බ්ලොගාලට සම්මාන දෙන වැඩක් ලෝකයේ වෙන රටවල් වල තියනවද කියල මං හොයල බැලුව. හම්බ උනේ නෑ. සමහර විට තියෙන්න පුළුවන්. ඒත් අපේ වගේ දේශපාලකයින් ගෙනල්ල බ්ලොගාලට සම්මාන දෙන උත්සවයක් තියෙන්නේ ලංකාව විතරක් වෙන්ඩ ඇති. යුරෝපයේ නම් ( එංගලන්තයේ ) විවිධ සම්මාන උත්සව වලට දේශපාලකයින් එන්නේ ඒවා බලන්න විතරයි. නැතිනම් එවාවලට සාභාගී වෙන දහසකුත් දෙනා අතරින් එකෙකු විදිහට. රටේ first person හැම තැනම first නෑ. බොහෝ යුරෝපා රටවල ප්‍රාග්ධන බල පිරමිඩයේ උඩින්ම ඉන්නේ ව්‍යාපාරිකන්. ඔවුන් ඉන්නේ හැංගිලා රෙජීමයේ තීරණාත්මක වෙලාවට පමණයි ඔවුන් එලියට එන්නේ. ඊට පස්සේ ඉන්නේ ප්‍රාග්ධනය යූස් කරන සෙලිබ්‍රටි නළු නිලියන්, ක්‍රීඩකයන් වගේ අය. ලංකාවේ තාම මේ බල පිරමිඩය තියෙන්නේ අනික් පැත්ත හැරිලා. දේශපාලකයින් තමයි එක. ප්‍රාග්ධනය සහ ව්‍යාපාරිකයන් ඉන්නේ මොවුන් අස්සේ හැංගිලා. 

නෙලුම් යායට කරු ජයසුරිය මහත්තය ප්‍රධාන අමුත්තා ලෙසට එන දේශපාලනය තියෙන්නේ මෙතනද ? සංවිධායකයින්ගේ ප්‍රස්චාත් නෙලුම්යාය පෝස්ටු අන්වීක්ෂ පරීක්ෂාවෙන් පෙනී යන්නේ කරූ ජයසුරිය මහතා හොද, පිරිසිදු, ජාතිවාදී නොවන වැදගත් දේශපාලකයෙක් නිසා නෙලුම් යායට ගෙන්වාගෙන ඇති බවයි. කිසිවෙක් මේ බව සදහන් කර නැතත් ඔවුන්ගේ පෝස්ටු වල බොඩි ලෑන්ග්වේජ් එකේ තියෙන්නේ එහෙමයි. කරූ යනු ආණ්ඩුවේ න්‍යෂ්ටිය තුල සිටින දේශපාලකයෙක් නිසා ඔහුගෙන් නෙලුම්යායට ප්‍රචාරයක් ලැබෙන අතර උත්සවය ප්‍රමුක, වැදගත් එකක් බවට ලංකාවේ මාධ්‍ය තුල ස්ථාන ගතවේ. එහෙත් බුද්ධාගම අදහන ගමන් සායි බබාගේද ප්‍රමුඛ අනුගාමිකයෙක් වී සිටින කරුගේ මේ අථාර්තික භාවිතාව වගේ දේවල් ලංකාව තුල කවුරුවත් සීරියස් විදිහට ප්‍රශ්න කරන දේවල් නෙමෙයි.

අපි කාටත් නොදැනෙන, නොපෙනෙන සත්‍ය නම් වැදගත්, පිරිසිදු කරූ යනු රාජ්‍යයේ එක් දැති රෝදයක් බවයි. හුදකලා හොද මිනිසුන්ට හුදකලා වීම හැර සමාජයේ වෙනාකට තීරණාත්මකව කල හැකි දෙයක් නැත. මීට දිය හැකි හොදම උදාහරණය නම් යහපත් මිනිසුන් එකතු වී "මාර පරාජය" කොට පිහිටවූ ආණ්ඩුව යහපත් මිනිසුන් අතහැර දමා සෙමෙන් සෙමෙන් මරා පන්නය වෙමින් පවතින යහපාලන ආණ්ඩු උදාහරනයයි. බොහෝ රාජ්‍යයන්, විශේෂයෙන් ලෝක බල තුලනයේ පරිධියේ තිබෙන ආණ්ඩු කැමති වන්නේ මිනිසුන්ගේ සියළු නුගත්කම්, පටු ගෝත්‍රික විෂමතාවයන් නඩත්තු කිරීමටයි. විටින් විට අඩු වැඩි වෙමින් මේ ගෝත්‍රික ලක්ෂණ චිරාත් කාලයක් සමාජයේ පවතින යාන්ත්‍රනය ඇත්තේ එතන නේද ? අවසාන විග්‍රහයේදී රාජ්‍ය හිටගන්නේ දැනුමට අනික් පැත්තේ.

රාජ්‍ය කියන්නේ ඝනකම කුට්ටියක්. සියළු යහපත් දේවල් එය තුලට අවක්ෂේප වෙලා ගල් වෙලා යනවා. දියුණු, ඉදිරිගාමී සන්නිවේදන භාවිතාවක ඉන්න නෙලුම් යාය මේ රාජ්‍යයේ විය සිදුරෙන් ඇතුළු වෙලා, රාජ්‍යට අවශ්‍ය විකල්ප සන්නිවේදන අරුමෝසමක් බවට පත් වෙලා රාජ්‍ය තුලම දියවී යයිද ? කරූ ජයසුරිය නම්වූ උත්සවයේ ප්‍රධාන අමුත්තා එනතෙක් නෙලුම්යාය  වේදිකාව ජෝක් වැඩ කර කර බලා සිටීමට සිදුවන්නේ මේ නිසා නේද ? 

දැන් අපි කරුණාරත්න පරණවිතාරණ සාධකය ගනිමු. මං දන්නා පරනේ මාධ්‍යවේදියෙක්. බ්ලොගෙක්. පස්සේ මාධ්‍ය නිලධාරියෙක්. දේශපාලකයෙක්. එහි කිසිම අවුලක් නෑ. ජිවිතේ අපි හැමෝම රූපාන්තරණය වෙනව. එහෙත් පරණේ බ්ලොග් කරුවෙක් නිසා රාජ්‍යට සම්බන්ධ ඔහුගේ දේශපාලන කෑලි නෙලුම්යායට අමතක වෙලා වගෙයි පේන්නේ. ඔහුගේ සේවකයන් / නිලධාරීන්  නෙලුම්යායට කුඩම්මාගේ  සැලකිලි දක්වනකොට ඔවුන් ගෝටාගේ මිනිසුන් ලෙස අර්ථ දැක්වෙනවා. එවැනි සත්ව විශේෂයක් මිහිපිට නොපවතින අතර ඇත්තේ කාලයක් තිස්සේ රෙජිමයට සුවපහසු ලෙස සම්බන්ධ වී සිටීමෙන් දිනාගෙන තිබෙන බිස්නස් ෆ්‍රෙන්ඩ්ෂිප් සම්බන්ධතා සහිත මිනිසුන් රොත්තකි. මොවුන් රනිල්ගේ මිනිසුන් හෝ  පරනේගේ මිනිසුන් වීමට අවශ්‍ය වන්නේ තව ටික කාලයක් පමණි.

නෙලුම්යයේ පසු සටහන් වලින් අහුලාගත් දේවල් වලට අනුව පරෙනේ නිසා උත්සවයට තේ පැන් සංග්‍රහ හම්බ වෙනව. උත්සවයට එන්න බැරිඋනු ඔහු රැ කෝල් කරල අඩුපාඩු හොයා බලනවා. සුබපැතුම් පණිවිඩයකුත් එවනවා. මෙයින් පේන්නේ පරණේ හොද දේශපාලකයෙක් වෙමින් පවතින බවයි. අද කාලයේ රාජ්‍යයේ නයෂ්ටිය හැදෙන්නේ මේ වගේ දක්ෂ දේශපාලකයින් විසින් මිනිස් සබදතා, වෙළද සබදතා බවට පරිවර්ථනය කලාම. එතකොට සාමානය අහිංසක මිනිසුන් අනුගාමිකයන් බවට පත්වෙලා ගහට පොත්තක් වගේ රාජ්‍ය වටේ එතිලා ඉන්නවා. 

නෙලුම්යායත් විකල්ප සන්නිවේදන පොත්තක් වෙලා රාජ්‍යට ඇලි නොඇලී තියෙයිද ?

පසු සටහන 
------------
රාජ්‍ය කියන්නේ ආකල්පයක්. නෙලුම්යාය කියන්නේ සන්නිවේදන විකල්පයක්. රාජ්‍ය තුල දිය වෙන්නට පෙර ඉන් එලියට විත් ජනප්‍රිය නොවන අමාරු සන්නිවේදනයක් අත්හදා බලන්න.

සෙස්ස පස්සට 

Comments

  1. සරද කහ සල්ලි වුනු එක හොඳයි. මේ බ්ලොග් එක දිගටම ලියන්න. තවත් අයට කියවන්න සහ ඇහැ ගැටෙන්න බ්ලොග් සින්ඩිකේටරයක එල්ලන්න.

    ලිපිය ගැන කතා කරමු.......
    1) //////නෙලුම්යාය සම්බන්ධයෙන් ගොඩනගන මෙම ලියවිල්ල එයට එරෙහිව මං විසින් ගහන 'ගේමක්' ලෙසට යමෙක් අර්ථකථනය කලොත් ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටීමට මං බලාපොරොත්තු වේ. මෙය කන්ස්ට්‍රක්ටිවූ ක්‍රිටිසිසම් එකක් විදිහට කවුරු හරි කල්පනා කරනවානම් ඔහුට හෝ ඇයට මගේ වර්චුවල් කිස් එකක් ලැබේ./////////////
    මගේ මතය නම් මෙවැනි ලිපි ලිවිය යුතුයි. විවේචන යනු විවේචනමයි. ඒවා ඩිස්ට්‍රක්ටිව්ද, කොන්ස්ට්‍රක්ටිව්ද කියන එක ලේඛකයා අදාල කරගත යුතු නොවේ. මම මේ ලිපිය දකින්නේ කන්ස්ට්‍රක්ටිව් විචාරයක් ලෙසයි. මට කිස් එකක් දීපන්.

    2)////බ්ලොග් කියන්නේ සන්නිවේදනයේ අලුත් මානයක් කියල ජනප්‍රිය මතයක් පවතිනවා. බ්ලොගර්ස් ල ඇතුළු බොහෝ දෙනෙක් එය විශ්වාස කරනවා. එහි ඇත්තකුත් තියනව. මේකේ කතෘ මැරෙනව. සම්ප්‍රදායක කතෘ විසින් නිෂ්පාදනය කරපු සහ සන්නිව්දනය කරපු ක්‍රියාවලිය වෙනුවට හැමෝම, හැමෝටම කතෘ කෙනෙක් වෙනවා. දැනුම සංසරණය වෙනවා විතරක් නෙමෙයි එහි අයිතිකාරයෝ නැතිවෙලා එය රීසයිකල් වෙනවා. ඒ අර්ථයෙන් ගත්තම මේක අලුත්. //////////

    සරද....මේ ඡේදයේ කියන බ්ලොග්ස් නම් අලුත් මානයක් යැයි කියන එක හරි. නමුත් ඔබ එහිම ලියන පරිදි, සමහරක් බ්ලොග්ස් වල කතෘ මැරෙන්නෙ නැහැ. සමහරුන් එහි සින්නක්කර අයිතිය රඳවා ගනිමින් බ්ලොගයෙ කිසිවක් උපුටා ගැනීමට තිත තියනවා. සමහරුන් යමක් උපුටා ගතහොත්, එය අහවල් බ්ලොගයෙන් උපුටාගත් බවට සඳහන් කරන්න යැයි පොලයිට් රික්වෙස්ට් එකක් දානවා. ඒක වැරදි කියලා මම කියන්නේ නැහැ. එතනදි කතෘ මැරෙන්නේ බාගෙට. වලේ ඉඳන් පොඩි අයිතියක් ඉල්ලනවා.බ්ලොග්ස්, බ්ලුක්ස් බවට පරිවර්තනය වෙනකොට මොකක්ද වෙන්නේ කියන එක මොකක්ද කියලා බලන්න මම ප්‍රශ්න අසමින් සිටිනවා. මේ සියල්ල කාලයට බාරයි.
    මේ ඒ ගැන ලියවුනු එක ලිපියක්.

    මේ ඒ ගැන ලියවුනු තවත් එක ලිපියක්.

    3)///නෙලුම් යාය වගේ බ්ලොගාලට සම්මාන දෙන වැඩක් ලෝකයේ වෙන රටවල් වල තියනවද ///////

    එංගලන්තේ තියෙනවා. ඒක වෙන්නේ කොහොමද කියන එක මම දන්නේ නැහැ. Blog awards uk

    4)///හුදකලා හොද මිනිසුන්ට හුදකලා වීම හැර සමාජයේ වෙනාකට තීරණාත්මකව කල හැකි දෙයක් නැත.///////

    මේ සම්පූර්ණ ඡේදය සම්බන්ධව එකඟවෙනවා හැර වෙන යමක් කියන්න තියෙනවාද කියා "මගේ සිත මගෙන් අසාවි.ඔබ ගැන කුමාක් කියම්දෝ".

    සරද....තව පොඩ්ඩක් ලියන්න තියෙනවා. සිගරට් එකක් ගහලා කෝපි එකක් ගහලා ආපහු ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. අපිනං අනවසරයෙන් ම එල්ලා ගත්තා........

      http://kurutugegeepawra1.blogspot.com/

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. 5)////අද කාලයේ රාජ්‍යයේ නයෂ්ටිය හැදෙන්නේ මේ වගේ දක්ෂ දේශපාලකයින් විසින් මිනිස් සබදතා, වෙළද සබදතා බවට පරිවර්ථනය කලාම. එතකොට සාමානය අහිංසක මිනිසුන් අනුගාමිකයන් බවට පත්වෙලා ගහට පොත්තක් වගේ රාජ්‍ය වටේ එතිලා ඉන්නවා.///////
    සහතික ඇත්ත..ඕක තමයි මම දන්න ලාංකීය දේශපාලන ඉතිහාසයේ එදා පටන් අද දක්වා සිද්ධ වෙච්ච දේ. උඹේ ලිපියෙන් මේ උපුටාගත් වාක්‍යය කිහිපය මම ලිව්වා නම් ලියන්නේ රාජ්‍යය කියන වචනය වෙනුවට ආයතනය කියන වචනයත්, දේශපාලකයා වෙනුවට ලේඛකයා හෝ කලාකරුවා කියන වචන යොදාගෙන.

    6)//නෙලුම්යාය කියන්නේ සන්නිවේදන විකල්පයක්.////

    සරද.....නෙළුම්යාය කියන්නේ සංනිවේදන විකල්පයක් කියනවාට වඩා විකල්ප මාධ්‍යයක් යැයි කියන බ්ලොග්ස් තුල ලියන බ්ලොග්කරුවන්ගේ සංවිධානයක හැඩතල ගත් ආයතනයක්දෝ කියාත් පිටින් ඉඳන් බලන මට හිතෙනවා. මෙය රාජ්‍ය නම් ගසේ පොත්තක් වෙනවාද නැද්ද කියා තීරනය වෙන්නේ එහි අතීත, වර්තමාන, සහ ඉදිරි ක්‍රියාකලාප නිරීක්ෂනය කිරීමෙන් පමනයි.දහම් පාසැලත් දේශපාලනයට යොදාගත් රටක ඔබ මතුකරනා ප්‍රශ්නය නොවැදගත් හෝ බොළඳ යැයි කියන්නත් බැහැ.

    මට මේ බ්ලොග් එක ගැන කිව්වේ කොළඹ ගමයා මීට කලින් දවසක. නමුත් ඇවිත් කියවලා ගියාට කමෙන්ට් එකක් දාන්න වුනේ නැහැ.

    ReplyDelete
  4. මටත් ඕනේ වර්චුවල් කිස් එකක්.. අරූ අයියට ස්තුතියි පාර පෙන්නුවට..

    අනිත් හැම තැනදීම වගේ මේ ලිපියෙත් මට වැදගත් යයි හැඟෙන කොටස් උකහා ගන්නවා.. :) වැදගත් දේ දිගටම ලියන එක.. ජය වේවා!

    ReplyDelete
  5. කොරහේ කිඹුල්ලු දැකීමත් පරිකල්පනයේ එක අවස්ථාවක්

    ReplyDelete
  6. /*රටේ first person හැම තැනම first නෑ*/.

    මට පේන්නෙ ඕක තමයි හඹා යන්න ඕන දේ..යට කිය වුන දේවල් වලට වඩා මේකෙ බේස් එක හඹා ගියා නම් පට්ට ප්‍රොඩක්ටිව්. පොලිස් කාරයටත් සර් නොකිය බැරි රටේ ඕක හැදුන නම් උඹ අද ලියන්නෙ විචාරයක් නෙමේ හොඳ කතාවක්...

    ReplyDelete
  7. https://kolambagamaya.blogspot.co.uk/2016/05/blog-post_15.html

    ReplyDelete
  8. සරද
    සහ
    ස ර ස!

    ReplyDelete
  9. නෙලුම් යාය යනු අගය කල යුතු දේ බොහොමයක් හා අඩුපාඩුද සහිත බ්ලොග්කරුවන්ට සම්මාන දෙන ( සමහරවිට සමාජ සේවයටත් ගෑවෙන ) ක්‍රියාවලියක් පමණයි කියලයි මට හිතෙන්නෙ. එහි හොඳ හා නරක විවේචනය නරක දෙයක් නෙමෙයි. ඒත් නෙලුම් යාය නිලවශයෙන් ඇති one and only උපරිමයක් නෙමෙයි. මහන්සිවෙන්න කැමතිනම් ඕනෑම කෙනෙකුට ඕනෑම කෙනෙකුට සම්මාන දෙන්න පුලුවන්.නොදුන්නා හෝ දුන්නා කියල ලොකු වෙනසක් වෙනවද කියල කියන්න තරම් බ්ලොග්කාරයෙක් නොවන මට දැනුමක් නෑ. ලැබුන අය සතුටුවෙනවා දැකල තියනව. නොලැබුන අය දුක්වෙනවාත් ඇති. දෙන අය මහන්සිවෙනවා දැකලා තියනවා.
    ඊට වඩා සීරියස් යමක් මෙතන තියනවාද?

    ReplyDelete
  10. වෙල්කම් කිව්වා සරද ලොක්කා...

    මෙහෙම කතිකාවක් ඇති වෙන එක හොඳයි... මේ ගැන කතා කරනවා නම් අර නෙලුන් අජියා ලියලා තියෙනවා වගේ මහා පදරංග ජාතකයක් තමයි ලියන්න වෙන්නේ... කෙටියෙන් කියනවා නම් කියන්න තියෙන්නෙ මචෝ.., අර අලියා අල්ලපු අන්ධයෝ ඔක්කෝම උඹ නියෝජනය කරනවා කියලා තමයි... හැබයි ඒකේ වරදක් නෑ... උඹ තාම අලියවත් දැකලා නෑ නේ... අලියා ගැන අහලා තියෙනවා විතරයි... (අලියා කිව්වම් සිරිකොත කියලා හිතන්න එහෙම එපා ඕන්.... (හරි හරි.... බ්ලොග් පෝස්ට් එකකට එතනින් මට 1600 ක් ගෙවන එක වෙනම කතාවක්.))

    ඉතින් මේ සුහඳ ආරාධනය ලබන සැරේ බොග් සම්මාන උළෙලට නෙලුන් අජියත් එක්ක උඹත් වරෙන්... (හරි හරි ටිකට් එකට සිරිකොතෙන් ගෙවයි.. අජියට වගේම., (මහුන්දට හුකන්ඩා යන්නත් ආන්ඩුවෙන් ගෙවන්නේ බං)) ඇවිල්ලා මචෝ අපිත් එක්කම අලියා ත ගාන්නේ නැතිව ඇස් දෙකෙන්ම ද්/ක ගමු...

    උඹ වගේම අජියට මාත කොක්ක ඇද්දා බං... අදත් සමහර කේස් වලට ඌත් එක්ක මරා ගන්නවා... හැබයි එක දෙයක් නම් පැහැදිලිව දන්නවා... නෙළුම් යායට සම්බන්ධ සෙට් එක නම් මොකාටවත් සල්ලි වලට ගන්න බෑ කියන එක නම්... ගත්තත් ළොකු ගානක් ගෙවන්න වෙයි...

    දිගටම ලියපන් මචෝ... මොකෝ ළෝකය පවතින්නේ සංවාසය හා සංවාදය නිසා හන්දා හිටං....

    ReplyDelete
    Replies
    1. ඒ නිසා බොග දානවා වගේම සංවාදෙටත් වරෙන්... ඒ කියන්නේ කරුණාකරලා කොමෙන්ට් වලට රිප්ලයි කරපන්.. එහෙම නැතුව මහින්ද බ්ලොග් ලිව්වත් එකෙක්වත් එන්නේ නම් නෑ බලන්න...

      Delete
  11. මචං සරද,
    උඹෙත් මුල් පෝස්ට් එක මාර රැඩිකල්, ආතල්එකට බ්ලොග් ලියනකොට හෘදසාක්ෂියේ අවුලක් වෙන්නෙ නැහැනේ. ඒත් උඹට ආතල් එක අස්සේ වෙනමොනවහරි හැංගිලා තියෙනව වගේ දැනෙන්න ගත්තොත් උඹේ රැඩිකල් කම කැලේ. මං හිතන්නේ උඹව පිළිගන්න සෙට්වෙලා ඉන්න නරි ටික දැක්කම නං රැඩිකල් කම ගැන සැකයක් ආවත්, උඹේ බ්ලොගේ co.uk තියෙන හින්දා පොඩි බලාපොරොත්තුවක් නැත්තෙම නැහැ. උඹට මල්මාලා දාලා, පොඩි පඩ ටෝකක් දාන එවුන් අස්සේ මං කියන දේත් පොඩ්ඩක් අහගනිං.
    මචං, ලංකාවේ තියෙන හැම ක්ෂ්‍රේත්‍රයකම තියෙනව වගේ මාෆියා හැදෙන එක සෞඛ්‍ය, අධ්‍යාපන, වාහන වගේම බ්ලොග් වලටත් පොදු දෙයක්. කාලයක් කොළඹ විශ්වවිද්‍යාලයේ යූසීඑස්සී එක බ්ලොග් වල එහෙම මාෆියා එකක් පිහිටවන්න උත්සාහ කරා. ඒ වගේම අර කාලිංග කියලා ගොබිලෙක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අල්ලගෙන එහෙම එකක් කරන්න හැදුවා කියන එක උඹ අහලා නැතුව ඇති. මේකේ ආධිපත්‍ය ගන්න දගලන එවුන් අතරට ආපු සහ මේ වන විට ආධිපත්‍යයක් හදන්න හදන එවුන් තමයි මේ නෙළුම්යාය කියන්නෙ. අර තට්ටෙ තියෙන කොට ඩයල් එක මේක තනියම කරනව වගේ පෙන්නුවට ඇත්තටම ඊට වඩා දිග දාමයක් මේකට තියෙනවා. ඒ වගේ කොහේහරි වෙබ් ගෝඩ්ෆාදර්ස්ලත් ගෑවිලා ඇති. ඒත් උඹ හිතනවද අන්තරේ පෝස්ටර් ගහන එවුන් දන්නවා කියලා තමන් කරන දේවල් වලට උපදෙස් දීලා තියෙන්නෙ කුමාර් ගුණරත්නම් කියලා. ඒ අතරතුර පොඩි මීඩියා සීන්, සහ ඇටෙන්ෂන් අවුල් තියෙන අයට හීනි ආතල් එකකුත් හම්බවෙනවා. නෙළුම්යායෙ බැක් එක ගැන කතාකරන එක වෙනමම තියලා, ඇත්තටම සිංහල බ්ලොග්ස් දේශපාලන දීනත්වයට පත්කරපු එක ගැනයි අපි කතා කරන්න ඕනේ.
    බ්ලොග් ඇත්තටම ස්වාධීන මාධ්‍ය අවකාශයක්. අර උඹ කියලා තියෙන මම අයින් කරන නෙවෙයි, මට අනුව නම් මමව රියල් විදිහට ප්ලේස් කරන තැනක්. ඒක මොන මොන මාෆියා අස්සෙ වුණත් පරාසය වැඩි කලාපයක් දිගේ පැතිරගෙන ගියා. විශේෂයෙන් ලංකාවේ ඉන්න අදේශපාලනික අයිටී වර්කස්ර්ලා ටික තමන්ගේ ඔෆීස් එකේ නෙට් කනෙක්ෂන් එකෙන් ලංකාවේ බ්ලොග් ටික නගා සිටෙව්වා. ඒ අස්සෙ අමුතු සෙන්ස් තිබුණ එවුන් හිටියෙ නැතිවා නෙවෙයි. ඒත් ගගක් ගලාගෙන යනවා වගේ නිදහසක් තිබුණා ඒ ගලායාමට. ඒත් මචං මෙහෙම අවුලක් තිබුණා. අර මං කිව්ව අයිටී සෙට් එක සහ ඔෆීස් වල නෙට් ගිය පිරිස ඇරුණම අමාරුවෙන් නෙට් ගිහිං බ්ලොගක් පොස්ට් කරපු එවුන් ජනප්‍රිය බ්ලොග්කරුවො වුණේ නැහැ. අජිත් පැරකුම් වගේ කොන්ෂස්ලි බ්ලොග් පොලිටික්ස් කරපු එවුන් නැතිවෙලා ගියා. නාලක ඇත්තටම සිංහල බ්ලොග්අවකාශය ඇතුලෙ ඈතින් හිටපු කෙනෙක්. ටැබූ සබ්ජෙක්ට් බ්ලොග් එකේ මිර්ර් සයිට් එකක් කරලා ඒකත් ජනප්‍රිය වෙන්නෙ මෙහෙම තත්ත්වයක් ඇතුලෙ.
    හැබැයි සතියකට පොස්ට් දෙක තුනක් ලියලා, තමන්ගේ කමෙන්ට් ටිකත් මේන් ටේන් කරලා, අනිත් එවුන්ගෙ පොස්ට් වලට ගිහිං පිටවල් ටික කසාගෙන ඉන්න සිංහල බ්ලොග්කරුවො බිහිවුණේ ලංකාවෙන් නෙවෙයි, සිංහල කොටපු ඉන් පිට ඉන්න එවුන්. උන්ට පොදු ලක්ෂණ ටිකක් තිබුණා. බොහෝ දෙනෙක් තමන්ගෙ ජීවිතේ භෞතික අරමුණු ඉටුකරගෙන තිබුණත් මොකද්දෝ හිස්තැනක් තිබුණා. අර තමනගේ බ්ලොග් ලින්ක් එක වපුර වපුර යන තට්ටෙ තියෙන කැන්ගරු පැටියා වගේම, නෙළුම්යායෙ ඩයල් එක වගේම තවත් ගොඩක් එවුන් තමන්ගේ හිස්තැන් පුරවන්න බ්ලොග් ලියන්න ගත්තා. අන්තිමට මහා ජනප්‍රිය ඩයල් වුණේ මුං. විශේෂයෙන් ඔය නෙළුම්යාය ප්‍රමෝට් කරන්න කී රෝල් එකක් කරන්නෙ මේ අය. ඉතිං එංගලන්තෙන්, ඕස්ට්‍රේලියාවෙන් බහින නාකි පොරවල් දැක්කම අපේ කොල්ලොත් ලොල්ලො වෙන එක පුදුමයක්ද? අනේ ආතල් එකට බ්ලොග් ලියපු සිරාම බ්ලොග්කාරයොත් දැං නෙළුංයායක් ප්‍රමෝට් කරනවා.
    මචං සරද මේකයි කතාව, උඹට ඇත්තටම බ්ලොගක් ලියන්න ඕනනං මේ යක්කුන්ගෙන් ඈත්වෙලා ඉදපං. උන් එන්නෙ නෑ කියනව නං කමෙන්ට් නොකර ඉදපං. එහෙම නැත්තං උන්ගෙ පස්සෙ ගිහිං ලබන අවුරුද්දෙ හොදම නැගී එන බ්ලොග්ර් සම්මානය කොට ඩයල් එකෙන් කරූ ජයසූරියට දීලා ඒක උඹ ඉල්ලා ගනිං.

    ReplyDelete
  12. //මේකේ ආධිපත්‍ය ගන්න දගලන එවුන් අතරට ආපු සහ මේ වන විට ආධිපත්‍යයක් හදන්න හදන එවුන් තමයි මේ නෙළුම්යාය කියන්නෙ. අර තට්ටෙ තියෙන කොට ඩයල් එක මේක තනියම කරනව වගේ පෙන්නුවට ඇත්තටම ඊට වඩා දිග දාමයක් මේකට තියෙනවා// මචන් මං තොප්පිය දාගෙන මෙහම කියන්නම්. සරද ගැන ලියපු මේකත් කියවල මට කියහන් මම මේක තනියම කවදාවත් කලේ නැහැ. මගේ බ්ලොගේට ඇවිත් බලපන්. ඒකෙ ලියල ඇති කවුද උදව් කරන වුන් කියල. රාමචන්ද්‍රගේ බ්ලොගේ උනත් නිර්දේශ කරලා තිබ්බේ නෙලුම් යයට. අනික මොන රෙද්දක් වත් අපි පාලනය කරන්න ගිහිල්ලත් නැහැ. පාලනය කරන්නත් බහ. නිදහස් අවකාශයක් කොහොමද බන් පාලනය කරන්නේ. දැන් ඔයාගේ බ්ලොගේ ම,මට පාලනය කරනන් පුලුවන්ද. ඕව මෝඩ කතා . කරු ජයසූරියට එන්න කිව්වේ ඇයි කියල මෙතන ලියල ඇති. එතනින් එහාට මම මුකුත් කියන්නේ නැහැ.
    https://kolambagamaya.blogspot.co.uk/2016/05/blog-post_15.html

    //අජිත් පැරකුම් වගේ කොන්ෂස්ලි බ්ලොග් පොලිටික්ස් කරපු එවුන් නැතිවෙලා ගියා.// අජිත් තවම් ලියනවා. හැබැයි ඔයාට ඕන දේවල් නෙමේ. එකයි ප්‍රශ්නේ ඔයාට.
    ඇත්තටම අපට තියෙන හිස්තැන සරද ගෙන්ම අහල දැනගන්න හොඳයි. මොකද ඔයිට වැඩිය ටිකක් සරද මා ගැන දනනවා කියල මම හිතන නිසා. සරද ලගේ අගෝර එකෙත් ඉඳල මම අයින් වුනේ. (නෙලුම් යාය පටන් ගන්න කලින්) අහල බලපන්.

    ReplyDelete
  13. wena rataka kalin nowee thibeema yamak nokireemata hethuwak nowe nedha? sammaana dheema hoe nodheema , ganeema hoe noganeema blog karuwaagei swadheenathwayata balapamak naha nedha? elesa thibenawaanam ohu hoe eya mulinma swaadheena nowoo samaana walata wenasa kala haki ayaku nedha? KJ pamini pamanin eya dheishapaalana wyaapaarak wunei naha neida?

    Ian

    ReplyDelete
  14. සරද මේ කොමෙන්ට්ස් අතරේ අඳෝනාත්මක වේදනාත්මක කොමෙන්ට් එකක් දැක්කා... ඒක මම අහපු දහ වෙනි වතාව වගේ මට මතක විදියට...

    ඔයා දන්නවා නේද, වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක, ඇන්ජලීන් ගුණතිලක ඉන්න මානසිකත්වය. අන්න ඒ මානසිකත්වයේ ඉන්න සෙට් එකේ එක්කෙනෙක්ගේ කොමෙන්ට් එකක් මේක. නෙළුම් යායට මගේ නම් කිසි සම්බන්ධයක් නෑ. ඒත් එක දෙයක් පැහැදිලිව කිව යුතුයි.. නෙළුම් යායේ අර මම කලින් කිව්වා වගේ මෙන්ටල් ලෙඩ්ඩු නම් නෑ. දන්න හැම එකාම "සුනිල් පෙරේරා" වගේ පොරවල්..

    එයාලා හිටපු මානසිකත්වය තමයි ඒ අඬෝවැඩියාවෙන් පේන්නේ.. දුකයි... ඒත් දුකට පුන් ගහන්නය...

    ReplyDelete
  15. සරදා...................

    මේ සංවාදය ඇති වෙන්න මෙච්චර කාලයක් ගිය එකයි අවුල..... මේ නෙලුම් කේස් එක ඉවර වුණ ගමන් අපි දිගින් දිගට ම කිව්වා මේ සංවාදය හදමු කියලා. ඒත් එය විවේචනය කරපු සහ එහි නිවැරදි විය යුතු තැන් ගැන තැන තැන කතා කරපු කිසිවෙක් සෘජුව මේ විදිහට අදහස් දැක්වුවේ නැහැ. ඉතින් මුලින් ම ඒ ගැන ඔබට ස්තූතිය....

    දෙවැනුව මේ සංවාදය සිංහල බ්ලොග්කෙරුවාට මාර වැදගත්. මොකද හැංගිලා ඉන්න විවේචකයන් එළියට එන්නේ මේ වෙලාවට. ඒ තුළින් නෙලුම්යායේ විතරක් නෙමෙයි බ්ලොග් කෙරුවාවෙත් යම් යම් අඩුපාඩු දැකගන්න හැකියි. (ඔය කියන හැම දේම ගත යුතු නැති වුණාට සීයට පොඩි ප්‍රතිශයතයක් අපි සිතිය යුතු තැන් තියෙනවා.) ඉතින් මේ සාකච්ඡාව එක පැත්තකින් විතරක් නෙමෙයි පැති කීපයකින් ම ආවත් හොදයි කියලා හිතුවා. ඒත් කරුමයකට ඒක මතුවුණේ නැති තරම්. මේ විදිහට හරි පෝ්ස්ටුවක් දැක්කේ දැන් විතරයි.

    තෙවැනුව කරු ජයසූරිය හෝ කරු පරණවිතාන යන දේශපාලකයන්ගේ සහභාගීත්වය ගැන මේ නෙලුම් යාය සංවිධානය කරන වෙලාවේ දැවැන්ත සාකච්ඡාවක් ගියා. ඒක නිකන් ම නිකං එක මිනිහෙකුට හිතුණාට කරපු දෙයක් නෙමෙයි. ඔතනට සහභාගී වුණ අය අතරෙත් එයට විරුද්ධ අය හිටියා. සමහරු ඒ නිසා ම සහභාගී නොවී මගඇරියා. හැබැයි ඒ සංවාදය ඇතුළේ බ්ලොග්කරුවෝ බහුතරයක් ම හිටියා......

    මෙහෙම දේකුත් තියෙනවානේ. ඔවුන් කරන්නේ දේශපාලනය. අපි කරන්නෙත් වෙන මොකක්වත් නෙමෙයි දේශපාලනයක්. මේක තමා මේ වෙලාවේ ලංකාවේ බ්ලොග් දේශපාලනය. ඉතින් දේශපාලකයෝ එයාලට ඕන වෙලාවට ජනතාව සහය කරගන්නවා. ඒ වගේ ම අපිත් අපේ අවශ්‍යතාවය මත ඔවුන් ව සහය කරගන්නවා. මේක නිකන් ම නිකං සම්මානදීලා ආතල් ගැනීමකට එහා දෙයක් වෙන්න එපැයි. නැත්තං බ්ලොග්කරුවන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් නැහැ. අපි මේ වෙලාවේ කරන දේවල් මගින් කවදාහරි දවසක මේ වැඩසටහන (නෙලුම්යාය හෝ වෙනනමකින් හෝ) ගොඩනැගිම හෝ බිදවැටීම හෝ සිද්ධ වෙනවා. ඒත් මේ වෙලාවේ කරපු වැඩේ හැටියට එය සාර්ථකයි කියලා අපිත් දකිනවා.

    අපිටත් විවේචන නැතුව නෙමෙයි. ඒවා අපිත් කතා කරනවා. ඉතින් ඔබේ විචාරය ධනාත්මකව දකින අපි ඒක අවශ්‍යම දෙයක් කියලා කියන්නත් කැමතියි.............

    ReplyDelete
  16. කොමෙන්ටු දැමු හැමට ස්තුතියි.

    මම මතුකරන්නට හැදුවේ රාජ්‍ය හා එහි මතවාදී බලපෑම ගැන. කරූ සහ පරණේ එහි උදාහරණ විතරයි. ඒත් ඒ දෙන්නගෙන් එහාට සංවාදේ ගියේ නෑ. රාජ්‍යයේ අයිඩියෝලොජි එක ඒ තරමටම ප්‍රබලයි.

    මා දන්නා කියන කාලේ ඉදලම සරද කියන මනුස්සය ලියනවා. ඒවා ගල්ලැල්ලේ ඉදල මෑතක බ්ලොග් අවකාශ දක්වා පැතිරෙනවා. මා බ්ලොග් අවකාශයට ආවේ නෙලුම්යායේ උත්තේජනයෙන් කියල කොලබ ගමයා කියන ස්ටාලින්වාදී සතුටේ ඔහුට සිටින්නට ඉඩ හරිමි.

    බ්ලොග් අවකාශයේ තිබෙන ගුරු ගෝල සබදතා වෙනුවට මතවාදී සබදතා ගොඩනගමු.
    සම්මාන වෙනුවට සංවාද වෙනුවෙන් වෙහෙසෙමු.

    අපි කුස්සියේ කථා කරපු දේවල් අජියා විසින් සාලයට ගෙන ඒමෙන් අරුනයාට ( සහ මට ) සිදුවූ අකරතැබ්බය ගැන කනගාටුයි. ඒත් දැන් අලුතෙන් හදන ගෙවල්වල කුස්සියයි සාලෙයි දෙකම එකයිනේ ......!

    ReplyDelete
    Replies
    1. දැන් මේක කොහොම කිව්වත් නවතටැහැ සරද පවා මතු කරන්නේ නෙළුම් යයේ නැති කෙහෙල්මලක්. සරද මා පෞද්ගලිකව දන දැනත් කියන්නේ " රාජ්‍ය හා එහි මතවාදී බලපෑම ගැන. කරූ සහ පරණේ එහි උදාහරණ විතරයි. " කරු සහ පරනේ නෙළුම් යායේ කරපු මොන රෙද්දකට වත් බලපාන්න ආවේ නැහැ. ඒක තමයි සත්‍යය. "
      සරද කියන මනුස්සය මට අඳුන්වල දෙන කොටත් කිව්වේ එම ලේක් හවුස් එකේද කොහෙද හිටපු ජන මාධ්‍ය වේදියෙක් කියල. ඒක මමම්ත් දැනගෙන හිටියේ. හැබැයි සරද ඇතුළු ඔය උඩ ඉන්න ගෝරා වගේ අයත් ඉන්නේ ඔය "මං පොර " මානසිකත්වයෙන් කියන එක පැහැදිලියි. ලිවිය යුත්තේ ප්‍රබුද්ධ අපි විතරය කියා හිතන් සෙට් එක. ම ස්ටලින්වදියෙකු නොව මා කීවේ සත්‍යයකි. එහනම් සරදට ගිය අවුරුද්දේ බ්ලොගක් ලියන්නට තිබ්බ නොවැ. :)
      අපොයි ඇත්ත පිලි ගන්නකො සහෝ.
      අපේ ළඟ නම් ගුරු ගෝල සබඳතා නැත. ඇත්තේ තමන් අවුරුදු ගණන් බ්ලොග් ලියනවා කියා අපට පාට් දමන්නට ආ අයගෙය. නෙලුම් යායේ දෙවන බ්ලොග් සම්මානය දිනා ගත්තේ බ්ලොග් ලෝකයට අලුතින් පැමිණි නවකයෙකු වන සුරංග ය. අප අගය කරන්නේ නිර්මාණාත්මක හැකියාවයි.
      //අපි කුස්සියේ කථා කරපු දේවල් අජියා විසින් සාලයට ගෙන ඒමෙන් අරුනයාට ( සහ මට ) සිදුවූ අකරතැබ්බය ගැන කනගාටුයි.// ඔය ජවිපෙ සහ පෙරටුගාමී සමජවි පක්ෂය පසුව උරුම කරගත් ප්‍රතිපත්තිය මගේ නැත. අපි පක්ෂ ඇතුලේ ජාතිවාදී නැති. නමුත් එලිඑ අපට ජාතිවාදී වෙන්නට සිදුව තිබේ. අප ඇතුලේ මහින්දට හෝ රනිල්ට උදව් කරන්නේ ඇත. අපට එලිඑයේ එසේ කල යුතුව ඇත. කුස්සියේ හා සාලයේ මෙන්ම ඉස්තොප්පුවේද අජියා කතා කරන්නේ එකම දෙය. අජියාට NGO කාඩ් ගසන එවුට දෙන උත්තරයද එයමය. එහෙම NGO එකක් උදව් දෙන්නේ නම් අජිය එය භාර ගනු ඇත. ඒ බව කියනුද ඇත. මා එසේ නොකියා කර ඇත්නම් අනිත් එවුන් එය ඔප්පු කර පෙන්විය යුතුය. හැංගිලා ගහන ගේම් අජියා ළඟ නැත.

      Delete
  17. //බ්ලොග් අවකාශයේ තිබෙන ගුරු ගෝල සබදතා වෙනුවට මතවාදී සබදතා ගොඩනගමු.//

    +++++++++++++++++++++++++++++

    සම්මාන ගැන නම් මගේ තියෙන්නේ වෙනම මතයක්... මෙතුවක් සම්මාන දීපූ ක්‍රමයට මම කැමතියි... (මට ලැබුන නිසා නෙමෙයී) හැබයි ඉතින් කුක්ලා ගොඩක් වැඩි උනාම සුප් එක වෙල් හොද්දක් වෙන එකත් වලක්වන්න බෑ... ඒක පසුගිය සම්මාන උළෙලෙදි අත් දැකපු දෙයක්... හැබයි එළකිරි ස්වාධීන බ්ලොග්කාරයෝ සෙට් එක නිසා ඒ දේ වැලකුනා...

    ReplyDelete
  18. සරද..!

    මම අද දවස වෙන්කළේ උබේ බ්ලොග් එක කියවන්න.

    ලියල තියෙන මේ පොස්ට් එකට 99% මම එකගයි. අවුරුද්දකට කලින් ලිව්ව මේ දේවල් අද වෙලා ඉවරයි.

    ස්තුතියි.

    👊🏽

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම