සල්ලි සමග ආදරය කරන්න. රනිල් සමග නිදියන්න. මහින්ද සමග නැගිටින්න !






මං දන්නා කියන කලේ ඉදල අහල තිබ්බෙ සල්ලි වර්ග දෙකයි. ඒ තමයි අපි උදේ හවා අමාරුවෙන්, බොහොම පරිස්සමෙන් අත පත ගාන සල්ලි සහ මිනිසුන්ට නොපෙනී අවතාර වගේ අපි අතරම සැරි සරන හැමෝම දන්නා, නොදන්නා කළු සල්ලි.

මගේ මෑත යාළුවෙක් ඉන්නවා. මිනිහා කථා කරන හැම වෙලේම අතර මැදට 'අයියෝ සල්ලි' කියන විශේෂණ පදය නිතරම කියනවා. ඒ කියන්නේ අපි බුදු අම්මෝ, my god , ශික්, වගේ කෑලි දාන්නේ. මිනිහා ඒ වෙනුවට කියන්නේ  අයියෝ සල්ලි කියන කෑල්ල. අම්මා සහ දෙවියා වෙනුවට සල්ලි මතක් වෙන ඒක අද අපේ කාලයේ on ground වැඩක්. පොලවේ තියෙන්නේ එහෙමයි. ඒත් මේ මතක් වෙන්නේ මොන සල්ලිද ? කළු සල්ලිද නැතිනම් නෝමල් සල්ලිද ?

ඒ තමයි කහ සල්ලි!

ආස්වාස ප්‍රස්වාස කරන හුස්ම පවා අවුලක් නැතුව සල්ලි වලට විකිනෙන ලංඩන් වගේ කොස්මොපොලිටන් නගරයක ඉදල මේ බ්ලොගය අකුරු කරන කොට කහ සල්ලි වල සුවද මට දැනෙනවා. කහ සල්ලි හිනා වෙනව. කථා කරනවා. හායි, බායි කියනව. කහ සල්ලි ගැන දන්නා අදුනන අය ඇගේ පතේ වැදීගෙන යනව. ලංඩන් ඉදල ලංකාව දිහා බැලුවම, බැලුවම කියන්නේ ඉබේම, පුරුද්දට වගේ බැලෙනකොට පෙන්නේ කහ සල්ලි ගැන මෙලෝ බෝලයක් දන්නේ නෑ වගේ ඉන්න හුදී ජනයන් ගොඩක්  (සමහරක්)

සල්ලි කියපු ගමන් ඉබේටම වගේ අපට මතක් වෙන්නේ මහ බැංකුව, අය වැය, මුදල් ඇමති, vat වගේ දේවල්. මොන අප්සෙට් එකකට හරි කළු සල්ලි කියපු ගමන් මට මරා ගෙ මුහුණ පේනව. එතකොට කහ සල්ලි........

නිල වශයෙන් කහ සල්ලි ගැන අසා බලා ගන්න ඕනිනම් යන්න ඕනි හොදම තැන තමයි රනිල් වික්‍රමසිංහ රෑට නිදා ගන්නා තැන නොහොත් පස්වන පටු මගේ ඔහුගේ නිවසට. නිල නොවන කහ සල්ලි බලන්න ඕනිනම් යා යුතු හොදම තැන තමයි හුදී ජනයාගෙ ජිවන මන්දිර තුලට. ඒවා තුල කහ සල්ලි පෙනෙන නොපෙනෙන ගානට තියනව.

ලංකාවේ සල්ලි ප්‍රශ්නයක් තියනව කියල මේ දවස්වල හැමෝම කුරු කුරු ගානවා. මං නම් හිතන්නේ එහෙමට ප්‍රශ්නයක් තියෙන්න විධියක් නෑ මොකද අපි ආර්ථිකයක් මේන්ටේන් කරන්නේ නෑනේ. නිකම් වෙන රටවල් වල ආර්ථික මොඩල් වල‍ට සෙට් වෙලා අතුරුපස විදිහට පාලම බෝක්කු ටිකක් හදා ගන්න එකනේ අපි කරන්නේ. සමහරු මේකට සංවර්ධනය කියල කියනවා.

රටේ තියන ප්‍රශ්නේ තමයි කහ සල්ලි හරියට සංසරණය වෙන්නේ නැති ඒක. ඒ කියන්නේ මිනිස්සුන්ගේ තියන සියළුම සමාජ ආර්ථික දේශපාලනික සම්බන්ධතා මැදට තව දුරටත් කහ සල්ලි මැදිහත් වෙලා හුදී ජනයා අයියෝ සල්ලි වුනානම් දැන් තියන පාර්ලිමේන්තුව, පන්සල් වැදගත් ඉස්කෝල වගේ වැදගත් ආයතන පෝයදාට පන්සලේ කියන බන වගේ සෙරමෝනියල් වෙනවා. කොටස් වෙළදපොල පාර්ලිමේන්තුව බවටත් මහා බැංකුවේ අධිපති රටේ ජනාධිපති බවටත් රූපාන්තරණය වෙනව.

හුදී ජනයා අඩ නින්දෙන් සහ රනිල් තුමා සැබෑ සිහියෙන් දකින්නට කැමති සිහිනය එයයි. ඒත් මහින්ද + වීරවංශ හුලග විටින් විට ඇවිල්ල මේ හීන හොලවනව. භුමි පුත්‍ර සිහින පෙන්නනවා. මේක තමයි රටේ තියන ආර්ථික ප්‍රශ්ණය ( හිටන් )

මේ බ්ලොගයේ හෙඩිම මගේ නෙමෙයි. මේ දවස්වල හුදී ජනයා මුව අග කියවීමට කැමති සින්දුවක කෑල්ලක්.

සෙස්ස පස්සට






















Comments

  1. මම මේ කියන එක මාතෘකාවට අදාල නැද්ද දන්නෙ නෑ..මම කාලෙක ඉඳල හිතෙන දෙයක් තමයි අපි අපෙ සල්ලි දේශපාලකයන්ට හොරකන් කරන්න ඉඩ දීල තියෙනව මදිවට අපිට මිනිස්සු විදිහට ලැබිල තියෙන ශක්තීන් පවා උන් වෙනුවෙන් යොදවන තැනට ඇවිල්ල..අපේ කලාත්මක වේවා වෙන කිසියම්ම වේවා ශක්තියක් ඇත්නම් අපි එක යොදවනව තියෙන පද්ධතිය විවේචනය කරන්න..අරගල කරන්න..ප්‍රේමකීර්ති ලා, සේකරලා පොඩ්ඩ්ක් සෙට් වුන වෙලාවල් වල බොහෝවිට කරල තියෙන්නෙ ඒ ලබපු උත්තේජනයෙන් නිරපේක්ශ තලයේ නිර්මානයක් කරන එක..නැත්නම් ඒ නිරපේක්ශ ගතිය එ ගොල්ලන්ගෙ නිදහස් මනෝමය නිසා නිකන්ම ආව එකක් වෙන්නත් පුලුවන්.මගේ ප්‍රශ්නේ අපේ ශක්තියේ වින්දනයේ කෙළවර රනිල් සහ මරා ද..!
    ඒක එහෙම නම් පටන් ගන්න කලින්ම අපි අරගල පරාදයි වගේ නෙමේද..!
    කියන්න හදපු කියවුනා ද මන්දා..

    ReplyDelete
  2. මේ ලියල තියෙන්නේ මොකක්ද කියල මම තවම තේරුම් ගන්න උත්සහ කරනවා. දැන් බ්ලොගයේ නම කහ සල්ලි. එතකොට තනිකරම ලියවෙන්නේ මේ කහ සල්ලි කියල ඔයාගේ හිතේ තියන මනෝ රූපය ගැනද?

    ReplyDelete
  3. අපි කථාකරන සහ ලියන සමාජ සහ දේශපාලනය තුල තියන ආර්ථික සාධක අපි අතින් මග හැරෙනවා. ඒක හයිලයිට් කරන අදහසින් මේක ලිවුවේ. ලැබෙන ප්‍රතිචාර වලින් පේනව හරියට ලියවිලා නෑ කියල. ඉස්සරහට බලමු !

    ReplyDelete
  4. "කහ සල්ලි "= සහ කල්ලිද? සහචර කල්ලිද? අපි වගේ පෘත්ග්ජනයින්ට තේරුම් ගන්න අමාරුයි මෙව්වා..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම