Posts

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

Image
බ්ලොග් ලෝකයට අලුතෙන් පිවිසුණු බ්ලොගෙක් වශයෙන් මේ දිනවල මා අවකාශයේ සැරිසරමින් සිටිනව. මේකේ මායිම් හදුනා ගන්නා අදහසින්. එසේ රස්තියාදු ගහන විට මගේ නෙත ගැටුණු, අනිකුත් අවකාශ වල ඇති බෝවෙන රෝග ට්‍රෙන්ඩ් එකක් බ්ලොග් අවකාශයටත් ඇතුළු වී තිබෙනු දැක්කා. ඉතිං බ්ලොග් ඔස්තාර්ලාගේ දැනගැනීම පිණිස මෙසේ ලියා තබන්නට හිතුන. මේක සමහර විට තේ කෝප්පයේ දකින කිබුලෙක් වෙන්න ඇති. නමුත් එය තේ කෝප්පයේ සහ කිබුලාගේ වරදක් මිස මගේ වරදක් නොවේ. මං ලංකාවේ ඉන්නකොට මගේ වෘතීය සගයන් එක්කෝ අයියලා අක්කලා, එහෙම නැත්නම් නංගිලා මල්ලිලාය. පුදුම සහෝදර හැගීමක් වගේ දෙයක් තමයි බලු බැල්මට පෙනුනේ. ඊටත් එහා ගමේදි, මුළු ගමේම හිටියේ නැන්දලා මාමලා, සහෝදර සහෝදරියන්ය. මුළු ගමම සහෝදර ලයින් එකක් වගෙයි. අඩුවක් නැතුව එකිනෙකා කා කොටා ගනිමින් අනිකාට ගේම දීමට බලාගෙන සිටින මිනිසුන් අයියා මල්ලි කියමින් එකිනෙකා 'අන්දවා ගැනීමේ සමාජ රෝගය' අලුත් සන්නිවේදන මාධ්‍යක් යැයි කියන බ්ලොග් අවකාශය තුලත් නොඅඩුව දකින්නට ලැබීම මටනම් අවුලක්. එය සමහරුන්ට සමහරවිට සාමාන්‍ය දෙයක් විය හැක. මෙවැනි ගෝත්‍රික ලක්ෂණ අවකාශය තුල එලියට එන්නේ එහි වෘතීය භාවය ගිලිහ...

නෑ.......

Image
ස්භාවික විපත් වලට පාටක් නෑ ආගමක් ජාතියක් කිසිවක් නෑ පණපිටින් වැළලුනු මිනිසුන්ට කිසිවක් ඇහෙන්නේ නෑ පිරිත් නුල් පොලව යටට දිග නෑ සංවේදී කමට වහලක් නෑ කරුණාවට පතුලක් නෑ ආධාර පෝලිම් වල කෙළවරක් නෑ රැල්ලට හදවතක් නෑ රැල්ලෙන් පැන්නොත් ආත්මයක් නෑ විනෝදය සේදුනේ නෑ  ගං වතුරට ගහගෙන ගියේ නෑ   හිතන්න වෙලාවක් නෑ කිවුවත් ඇහෙන්නේ නෑ ස්භාවික විපත් වලට පාටක් නෑ ස්වාභාවික විපත් ස්වාභාවිකත් නෑ සරද 

පාර්ලිමේන්තුව ඇතුලේ ගහගන්නේ රටට ආදරේ මිනිස්සු !

Image
ලංකාවේ පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරු වීදි සටන් කරමින් එකිනෙකා ගහ මරා ගනිද්දී අහිංසක හුදී ජනතාව බොහෝ කලබලයට පත්ව අනේ අපොයි කියමින් හොටු හුරමින් අඩන - දොඩන හැටි මේ දිනවල මුහුණු පොතෙන් මෙන්ම ජනමාධය වෙතින්ද අසන්නට දකින්නට ලැබේ. හැමෝම කුණු කුණු ගාන්නේ පාර්ලිමේන්තුව නම්වූ උත්තරීතර ආයතනය තුල මන්ත්‍රීවරු 'නින්ජා' සටන් කිරීමට යෑම නිසා එහි උත්තරීතර බව, වැදගත් බව, ජනතා පරමාධිපත්‍ය වගේ බර බර දේවල් අවුල් වෙනවා කියාය. රටේ ජනාධිපති ධූරය පාර්ලිමේන්තුවට ඉහළින් බලසම්පන්න ලෙස පතිත වුවාට පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතිරනාත්මක හිස් ඔළුගෙඩි බවට පත්වී, දියවන්නාව සුළු දිය වහරන ස්ථානයක් බවට රූපාන්තරණය විය. රාජ්‍ය පාලනයේ තීරණාත්මක සාධකයෙන් ගිලිහී, කරන්නට වැඩක් වතිව සෙරමෝනියල් තත්වයට පත්ව ඇති මන්ත්‍රීවරු ඉඩ හිට හෝ මෙවැනි ගෝරි, බෝරි දැමීම ඉතා හොද දෙයකි. එවිට එම මන්ත්‍රීවරු ඔවුන්ට චන්දය දුන් ජනතාවගේ ජිවිත සමග සමපාත වේ.  රට පාලනය කරන්නේ නොහොත් රට පිළිබදවැ තීන්දු තීරණ ගන්නේ රටෙන් එපිට සිටින පුද්ගලයන් සහ ආයතන සමුහයක් විසිනි. රටේ යුද්ධය නැවතුනේ චීනයේ ආර්ථික අජෙන්ඩ එකේ මැදට හදිස්සියේම ලංකාව මැද...

නෙලුම්යාය නොදුටු රාජ්‍යයේ ඝනකම; පරක්කු වූ පසුවදනක් !

Image
පසුගියදා නිමාවට පත්වූ නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙල සංවිධානය කිරීමේදී එහි සංවිධායකයන් රාජ්‍ය ආයතන සමග කල ගනුදෙනු වලදී  ඇතිවූ 'අමිහිරි අත්දැකීම්' ගැන විස්සෝප විවේචන ඔවුන් තම බ්ලොග් පෝස්ටු මගින් එලියට දමා ඇත. මෙම පෝස්ටු අන්වීක්ෂයකට දමා පරික්ෂා කිරීමේදී පෙනී යන්නේ නෙලුම්යායට රාජ්‍ය නම් විශාල ඝනකම් පර්වතයේ පුංචි විය සිදුරක් හමුවීම නිසා සමස්ථය සසලවී ඇති බවයි.  නෙලුම්යාය සම්බන්ධයෙන් ගොඩනගන මෙම ලියවිල්ල එයට එරෙහිව මං විසින් ගහන 'ගේමක්' ලෙසට යමෙක් අර්ථකථනය කලොත් ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටීමට මං බලාපොරොත්තු වේ. මෙය කන්ස්ට්‍රක්ටිවූ ක්‍රිටිසිසම් එකක් විදිහට කවුරු හරි කල්පනා කරනවානම් ඔහුට හෝ ඇයට මගේ වර්චුවල් කිස් එකක් ලැබේ. බ්ලොග් කියන්නේ සන්නිවේදනයේ අලුත් මානයක් කියල ජනප්‍රිය මතයක් පවතිනවා. බ්ලොගර්ස් ල ඇතුළු බොහෝ දෙනෙක් එය විශ්වාස කරනවා. එහි ඇත්තකුත් තියනව. මේකේ කතෘ මැරෙනව. සම්ප්‍රදායක කතෘ විසින් නිෂ්පාදනය කරපු සහ සන්නිව්දනය කරපු ක්‍රියාවලිය වෙනුවට හැමෝම, හැමෝටම කතෘ කෙනෙක් වෙනවා. දැනුම සංසරණය වෙනවා විතරක් නෙමෙයි එහි අයිතිකාරයෝ නැතිවෙලා එය රීසයිකල් වෙනවා. ඒ අර්ථයෙන් ගත්ත...

මැයි දිනය ගැන 'වැඩ කරන' ජනතාව කථා කරයි.

Image
මේ වෙනවිට මැයි දිනයට සියල්ල සුදානම්. ස්ටේජ් ගහන අය ඒවා ගසමින් සිටියි. කඩේ යන අය මලු සුදානම් කරමින් සිටියි. කොළ ෂිර්ට්, නිල ෂර්ට්, රතු ෂර්ට් මේ වනවිට සෝදා, පිරිසිදු කොට සුදානම් කොට තබා ඇත. මැයි දිනයේ වැඩ කරන කම්කරු ජනතාව ඊට වෙන සුදානම ගැන මේ ලියුම්කරු සමග කළ කතාබහක සටහනක් පහත දැක්වේ.... ලසිත් මාලිංග - සුළු ව්‍යාපාරික තරුණයෙක්. අවුරුදු ගැට්ටට පස්සේ හමුවෙන නිවාඩුවෙන් උපරිම ආතල් ඒක ගන්න ඕනි. මැයි දිනේ ඉරිදා හින්ද කඩේ ඇරගෙන ඉදල වැඩක් නෑ. බල්ලෙක් එන්නේ නෑ. මැයි දිනේට එන එවුන්ට උන්ම කාම දෙන හින්ද බිස්නස් ෂුවර් නෑ. කැම්බල් පිට්ටනිය ලගවත් කඩේ තිබ්බනම් කොල තොප්පි කාරයින්ට බෝතල් ටිකක් යටින් දීගෙන ගානක් කපා ගන්න තිබුන. කරුමෙට කඩේ තියෙන්නේ රතු මැයි රැළියක් ලගනේ. උන්ට ප්ලේන්ටි විකුණලා මොනා කරන්ඩද. සභාපතිය ශේප් කරගන්න මැයි දිනේ වෙනුවෙන් දීපු දාහ කවර් කරගන්න ජිල්මාල් එකක් ගහන්ඩ වෙන්නේ නෑ. ඒත් ඒක මතු ආයෝජනයක් වෙයි. මාතර  සනතය කතාකරා. මැයි දිනය දවසේ ට්‍රිප් වලකට සෙට් වෙන්න. එකෙක්ගෙන් දෙදාහයි. මං උගෙන් හතර පාරක් විතර ඇහුව වැඩේ ආතල්ද කියල. දෙදහකුත් දෙන ඒකෙ.. උගේ ගෑණි ලස්සනයි. නංගිලාත් හැට උ...

සල්ලි සමග ආදරය කරන්න. රනිල් සමග නිදියන්න. මහින්ද සමග නැගිටින්න !

Image
මං දන්නා කියන කලේ ඉදල අහල තිබ්බෙ සල්ලි වර්ග දෙකයි. ඒ තමයි අපි උදේ හවා අමාරුවෙන්, බොහොම පරිස්සමෙන් අත පත ගාන සල්ලි සහ මිනිසුන්ට නොපෙනී අවතාර වගේ අපි අතරම සැරි සරන හැමෝම දන්නා, නොදන්නා කළු සල්ලි. මගේ මෑත යාළුවෙක් ඉන්නවා. මිනිහා කථා කරන හැම වෙලේම අතර මැදට 'අයියෝ සල්ලි' කියන විශේෂණ පදය නිතරම කියනවා. ඒ කියන්නේ අපි බුදු අම්මෝ, my god , ශික්, වගේ කෑලි දාන්නේ. මිනිහා ඒ වෙනුවට කියන්නේ  අයියෝ සල්ලි කියන කෑල්ල. අම්මා සහ දෙවියා වෙනුවට සල්ලි මතක් වෙන ඒක අද අපේ කාලයේ on ground වැඩක්. පොලවේ තියෙන්නේ එහෙමයි. ඒත් මේ මතක් වෙන්නේ මොන සල්ලිද ? කළු සල්ලිද නැතිනම් නෝමල් සල්ලිද ? ඒ තමයි කහ සල්ලි! ආස්වාස ප්‍රස්වාස කරන හුස්ම පවා අවුලක් නැතුව සල්ලි වලට විකිනෙන ලංඩන් වගේ කොස්මොපොලිටන් නගරයක ඉදල මේ බ්ලොගය අකුරු කරන කොට කහ සල්ලි වල සුවද මට දැනෙනවා. කහ සල්ලි හිනා වෙනව. කථා කරනවා. හායි, බායි කියනව. කහ සල්ලි ගැන දන්නා අදුනන අය ඇගේ පතේ වැදීගෙන යනව. ලංඩන් ඉදල ලංකාව දිහා බැලුවම, බැලුවම කියන්නේ ඉබේම, පුරුද්දට වගේ බැලෙනකොට පෙන්නේ කහ සල්ලි ගැන මෙලෝ බෝලයක් දන්නේ නෑ වගේ ඉන්න හුදී ජනයන් ගොඩක්  (සමහරක්) ...