Posts

හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න !

Image
මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවන් වර්ග දෙකක් සිටියි. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන - අහන දකින, සමහරවිට අපි අමාරුවෙන් නඩත්තු කරන යාළුවන් වන අතර අනෙක් වර්ගය නම් ෆේස් බුක් තුලින් ඉතා පහසුවෙන් උපයාගන්නා සිය ගණනේ සිට දහස් ගණන් දක්වා වූ ඩිජිටල් යාළුවන්ය. මේ අතරින් ෆේස් බුක් සමාගමේ අයිතිකාරයා වන මාර්ක් සකබර්ග් කැමති වන්නේ අපේ ඩිජිටල් යාළුකම් වලටයි. සාමාන්‍ය මිනිසුන්ගේ  සම්බන්ධතා ‘ඩිජිටල්’ වෙන තරමට සකබර්ග් වැනි අයට තම ජිවිත ඉතා සාමකාමී සහ ස්වාභාවික කරගැනීමට පුළුවන් වෙයි. යුරෝපයේ සහ ඇමරිකාවේ මේ දවස්වල කරලියට පැමිණ ඇති කතාබහක් වන්නේ ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරන බිලියන 2.3 ක් පමණ වන පිරිසකගේ දත්ත හොර රහසේම තුන්වන පාර්ශවයන් සදහා අලෙවි කර ඇති බවයි. බ්‍රතාන්‍යයේ පිහිටා ඇති කේම්බ්‍රි ජ් ඇනලටිකා (cambridge Analytica) නම් දත්ත විශ්ලේෂක සමාගමට සේවා සපයන්නෙකු ලෙස ක්‍රියා කරන ෆේස් බුක් සමාගම අනියම් අකාරයෙන් ලෝක දේශපාලනය හසුරුවන හස්ථය බවට පත්වී ඇති බව ඊයේ පෙරේදා එම සමාගමින් ඉවත්වූ දත්ත විශ්ලේෂකයෙකු වන මාර්ක් බ්‍රවුන් නැමැත්තා බ්‍රතාන්‍යයේ observer පුවත...

පරාජිත රට අරාජික වීමට පෙර ජාතිවාදය පරදවමු !

Image

ජාතිය වෙනුවෙන් ලේ උණුවෙන සහෝදර සහෝදරියන් වෙතටයි............

Image

හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක් !

Image
හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක් ! හීන කියන්නේ හරි අපූරු දෙයක් උනත් හීන දැක දැක නිදියෑමේ වාසනාව හැමෝටම නෑ. එකට ඉතිං හීන දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබීමේ වාසනාව තියෙන්න ඕනි කියල මං ඉගෙනගත්තේ ලගදි. චන්දෙ හෙම දාල 'මගේ එවුන්' රජ වෙලා ඉන්නව හීනෙන් දකින්න ආසාවෙන් නිදියගෙන හිටිය මට හීන දෙවියන්වහන්සේ හීනෙන් පෙනුන. පෙනුන විතරක් නෙමේ, උන්වහන්සේ මට හීනෙන්ම ලියුමකුත් එවල. එම්බල නරය ! මේ දවස්වල ලංකාවේ නරපනුවො හුග දෙනෙක් මගේ සේවාදායකයො වෙලා ඉන්නේ. චන්ද කතිර සෙල්ලම හෙම ඉවරවෙලා උන් දැන් පාට පාට හීන දැක දැක ඉන්නේ. මේ වාසනාවන්ත හීන දකින්නන්ගේ සමාජයට පරක්කු වෙලා හරි ඔය නර පණුවත් එක්වීම ගැන  සටුතුයි. යුෂ්මතාගේ රටේ නරයෝ ගැන වෙලාවකට මට පුදුම හිතෙනව. කොච්චර අවදි වෙන්න අවස්ථා තිබුනත් හීන දැක දැක ඉන්නමනේ උන්ගේ හිත. ඔය නරයන්ගේ සමර්ථ කම කියන්නේ තොප ඔහොම හීන දකින්නේ කොච්චර නම් ප්‍රශ්ණ ඔළුගෙඩියෙ තියාගෙනද ? එහෙන් වකුගඩු රෝගේ හැදිල පවුල් පිටින් අනාථ වෙනව. කඩේට බඩු ගන්න ගියාම ඒවයේ ගනං මිනුම් අහල සමහර නාරයො පපුව පැලිල මැරෙනව. වගාවට වතුර ඉල්ලගෙන නරයො නර පතියන් ගාවට ගියාම උන්ට ගහල එලවනව. නරයන...

වතුර

Image

රිචඩ් ද සොයිසා ෆැන්ටසිය නොහොත් පශ්චාත් සත්‍ය යුගයේ ජනමාධ්‍ය

Image
ජනමාධයේ පදනම වන සත්‍ය එළිදරවු කිරීමට යෑමේදී ඝාතනයට ලක්වුනු රිචඩ් ද සොයිසා නොමැතිව ලංකාවේ ජනමාධ්‍ය වසර 18 ක් පමණ ‘පරණ’ වී ඇති වර්තමානයේ ජනමාධ්‍ය තුල සත්‍ය ස්භාවික මරණයකට ගොදුරු වෙමින් සත්‍ය වෙනුවට පශ්චාත් සත්‍ය ( post truth ) කරලියට පැමිනෙනව. ඉතිං මේ යුගයේ මාධ්‍යයේ කාර්යභාරය තියෙන්නේ හීන කොදෙව්වකද ? එහෙම නැතිනම් ජනමාධයේ කාර්යභාරය අහෝසි වෙලා ඉවරද? වසර 2016 දී ඔක්ස්ෆර්ඩ් ශබ්ධකෝෂයට පවා එක්වූ 'වසරේ වචනය' වන පශ්චාත් සත්‍ය (post truth) වචනයේ ශබ්ධකෝෂගත තේරුම වන්නේ සිදුවීම් සහ දත්ත පදනම් කරගනිමින් සත්‍ය ගවේෂණය කරනවා වෙනුවට පුද්ගලික විශ්වාසයන් සහ ඇදහීම් පදනම් කොට ගනිමින් සත්‍ය නිර්මාණය කිරීමයි. ඇමරිකාවේ ප්‍රසිද්ධ සිනමාකරුවෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් ඉතා හදිස්සියෙන් නිර්මාණය කල නිෂ්පාදනයක් වන 'The Post' චිත්‍රපටය මේ දිනවල යුරෝපය පුරා ප්‍රදර්ශණය වෙනව. මේ චිත්‍රපටයේ කථාකරන්නේ 1967 වසරේ වියට්නාම් යුද්ධ සමයේ ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශය නොහොත් පෙන්ටගනය විසින් නිකුත් කරනලද රහස් ලියවිල්ලක් සම්බන්ධවයි. ඇමරිකාව යුධ අපරාධ කල බවට මෙම ලියවිල්ලේ සදහන් වෙනව. 1971 වසරේදී එරට වොෂින්ටන් ...

බෙල්ලන්විල අලි පැටියාට රෝහින්ග්‍යයා සරණාගත දරුවෙකුගෙන් ලියුමක්

Image
බෙල්ලන්විල හාමුදුරුවන්ව අපවත් කළ මියන්මාරයෙන් ගෙනෙන ලද ඇත් පැටියාට මියන්මාරයෙන්  අවතැන් වීමට සිදුවී ඇති රෝහින්ග්‍යා සරණාගත පවුලක ළමයෙක් ලියුමක් එවල. 'අලින්ට අකුරු කියවන්න පුලුවන්ද - මේවා මේ පුංචි ළමයෙකුගේ හුරතල් වැඩ' කියමින් බෙල්ලන්විල පන්සලේ දෙවැනි හාමුදුරුවො ලියුම කුණු කූඩෙට විසිකරල. මගේ ලියුම් හැකින්ස් පුරුද්ද දන්න මනුස්සයෙක් ලියුම අහුලාගෙන ඇවිල්ල මට දුන්න. 'මියන්මා කුමරා' අලි පැටියෝ, මොනා උනත් ඔයා කරපු වැඩේනම් වැරදියි. කොච්චර තරහ ගියත් කන්ඩ බොන්ඩ දෙන එක්කෙනාට මැරෙන්න ගහන සිරිතක් තියනවද ? පොඩ්ඩක් හොඩේ උස්සල ඔළුව වනල බය කරන්ඩනෙ තිබුනේ. හරි හරි මට තේරෙනවා ඔයාගේ වේදනාව. අපි දෙන්නම එකයිනේ. ඔයත් මං වගේම අවතැන් වෙලානේ ඉන්නේ. මියන්මාර් කැලේක ඔයාගේ අම්ම එක්ක සන්තෝෂයෙන් ඉන්නකොට කවුරුහරි කට්ටියක් ඔයාව කුදලාගෙන ප්ලේන් එකෙන් අරගෙන ඇවිල්ල ඔයාව මේ පංසලට අතැරිය. අපි පවුල් පිටින් රෝහින්ග්‍යා වල ඉන්න්නකොට අපේ ගෙවල් ගිනිතියල අපිව පැන්නුව. බෝට්ටුවක නැගිල පන බේරගෙන එනකොට අහම්බෙන් වගේ ලංකාවට ගහගෙන ආව. කොච්චර උනත්  අවතැන් වෙච්ච අලියෙක් වෙන එක අවතැන් ළමයෙක් වෙනවට වඩා හොදයි. අපි...