Posts

Showing posts from May, 2018

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

Image
මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි ( Yuval Noah Harari ) පවසනව. ඔහුගේ නවතම කෘතිය වන Homo Deus නොහොත් මීලග හතලිස් වසරේ ඉතිහාසය නම් වූ කෘතියේ එකොලොස්වන පරිච්චේදයෙන් ඔහු දත්තවාදය ගැන කථා කරනව. එම පරිච්චේදයේ සිංහල අනුවාදය මීට ඉහත පලවූ අතර මේ එහි දෙවන කොටසයි. දේශපාලනයේ දිශානිතිය වෙනස්කරන දත්තවාදය සමාජවාදය සහ ධනවාදය යනු එකිනෙකට වෙනස් දත්ත සැකසුම් ක්‍රමවේදයන් දෙකක්. සමාජවාදය සමාජයක් තුල තුල දත්ත හැසිරීම සලකා බැලුවොත් එය එක් න්‍යෂ්ටියකට කේන්ද්‍රගත වෙනව. එහෙම නැතිනම් දත්ත සංසරණය වෙන අවස්ථා අඩුයි. ධනවාදී සමාජයක දත්ත විසුරුණු ස්භාවයක් පෙන්නුම් කරනව. නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා දත්තවාදය විසින් එකිනෙකට මුනගස්නව. මේ නිසා නිෂ්පාදකයාට තීරණ ගැනීමේ හැකියාව වැඩිවෙනව. ධනවාදී වෙළදපොල ආර්ථික ක්‍රමයේ මුල් කාලයේ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර දත්තවාදී සංවාදයක් ඇතිවී දත්තවාදය විසින් මේ බලවේග දෙකම පාලනය කරන තත්වයක් තිබුනත් අද මේ සංවාදයෙන් නිෂ්පාදකයා ජයගෙන ඇති අතර පාරිභෝගිකයා යන

මානව සමාජයේ මීලග විප්ලවය දත්තවදයද ?

Image
මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර විත් ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අභියස සිටින බව ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි ( Yuval Noah Harari ) පවසනව. මිනිස් සබදතා වෙනුවට මිනිසා භාවිතා කොට අමතක කර දමන දත්ත අධිනිශ්චය වී එම දත්ත විශ්ලේෂණය මගින් මානව සමාජය පාලනය කරන යුගය වැඩි ඈතක නොවන බවයි ඔහු කියන්නේ. ඔහු මේ අළුත් යුගය ඔහු හදුන්වන්නේ ‘දත්තවාදය’ ( Dataism ) ලෙසිනි. දත්තවාද යුගයේ දේශපාලනය සදහා අළුතින් නිර්වචන සොයාගත යුතු බවත් එහි සිමා නිර්ණය කරගත යුතු බවත් ඔහුගේ නවතම කෘතිය වන Homo Deus තුලින් කථා කරනව. මේ පොතේ  එකොලොස්වන පරිච්චේදය වෙනකොට ඇත්තේ දත්තවාදය වෙනුවෙනි.  එහි සංශිප්ත අනුවර්ථනයක් පහත දැක්වේ. ‘දත්ත’ නම්වූ ආගම   මිනිස් සබදතා කියන්නේ දත්ත රාශියක එකතුවක්. දත්තවාදයට අනුව මනුෂ්‍ය සමාජය පිරිල තින්නේ මානව සබදතා වලින් නොව දත්ත වලින්. මෙම දත්ත විශ්ලේෂණය කිරීමේ ප්‍රමාණය සහ හැකියාව මත තමයි එම සමාජයේ දිශානතිය නැතිනම් එහි අගය තීරණය කරන්නේ. මේ ප්‍රකාශය සමහරවිට ඔබ සමාජය ගැන නැතිනම් සමාජ සබදතා ගැන දරන අදහස් සමග ගැට