මානව සමාජයේ මීලග විප්ලවය දත්තවදයද ?

Image result for dataism






මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර විත් ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අභියස සිටින බව ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) පවසනව. මිනිස් සබදතා වෙනුවට මිනිසා භාවිතා කොට අමතක කර දමන දත්ත අධිනිශ්චය වී එම දත්ත විශ්ලේෂණය මගින් මානව සමාජය පාලනය කරන යුගය වැඩි ඈතක නොවන බවයි ඔහු කියන්නේ.

ඔහු මේ අළුත් යුගය ඔහු හදුන්වන්නේ ‘දත්තවාදය’ ( Dataism ) ලෙසිනි. දත්තවාද යුගයේ දේශපාලනය සදහා අළුතින් නිර්වචන සොයාගත යුතු බවත් එහි සිමා නිර්ණය කරගත යුතු බවත් ඔහුගේ නවතම කෘතිය වන Homo Deus තුලින් කථා කරනව. මේ පොතේ  එකොලොස්වන පරිච්චේදය වෙනකොට ඇත්තේ දත්තවාදය වෙනුවෙනි.  එහි සංශිප්ත අනුවර්ථනයක් පහත දැක්වේ.

‘දත්ත’ නම්වූ ආගම

 මිනිස් සබදතා කියන්නේ දත්ත රාශියක එකතුවක්. දත්තවාදයට අනුව මනුෂ්‍ය සමාජය පිරිල තින්නේ මානව සබදතා වලින් නොව දත්ත වලින්. මෙම දත්ත විශ්ලේෂණය කිරීමේ ප්‍රමාණය සහ හැකියාව මත තමයි එම සමාජයේ දිශානතිය නැතිනම් එහි අගය තීරණය කරන්නේ. මේ ප්‍රකාශය සමහරවිට ඔබ සමාජය ගැන නැතිනම් සමාජ සබදතා ගැන දරන අදහස් සමග ගැටෙන්න පුළුවන්. නමුත් දත්තවාදය දැනටමත් බොහෝ සම්ප්‍රදයාක සමාජ විධ්‍යා පදනම් අභියෝගයට ලක්කිරීමේ අභියස සිටිනව.

දත්තවාදය ආරම්භ වෙන්නේ එක්තරා විද්‍යාත්මක ‘සුනාමි’ දෙකක් එකිනෙක ගැටීමෙන්. වසර 150 කට පෙර චාල්ස් ඩාවින් ගේ ඉතා ජනප්‍රිය කෘතිය origin of species life science අද අපිට යලිත් අර්ථ දක්වන්න පුළුවන් ජිව විද්‍යාත්මක ඇල්ගරිදම් විශ්ලේෂණයක්  බවට. මේ කෘතියට දශක අටකට පමණ පසුව ඉංග්‍රීසි ජාතික ගණිතඥයෙකු වන ඇලන් ටියුරින් විසින් cryptographer මැෂිම හැදුවට පස්සේ ඉන් පරිගණක විද්‍යාවට මුලික පදනම වැටෙනවා. එසේත් නැතිනම් cryptographer යන්ත්‍රයේ දත්ත විශ්ලේෂණ ක්‍රියාවලිය දියුණු වී පරිගණක විද්‍යාව ආශ්‍රයෙන් ඉලෙක්ටෝනික් ඇල්ගරිදම් හදන්න පටන් ගන්නවා.

මේ ක්‍රියාවලි දෙකටම පදනම වන්නේ එකම නීති රීති. එකම සිතුවිලි. අද වෙනකොට දත්තවාදය විසින් මේ ක්‍රියාවලි දෙකම එකට එකතු කරලා තියනව. එහි ප්‍රථිපලයක් විදිහට මේ ක්‍රියාවලි දෙක අතර තියෙන විසංවාදය නැතිවෙලා තියෙනව. එසේත් නැතිනම් දත්තවාදය විසින් සතුන් සහ යන්ත්‍ර අතර පරතරය කඩල තියනව.
වර්ථමානයේදී ඩාවිනගේ පරිණාමවාදී ජිව විද්‍යාත්මක ඇල්ගරිදම් විග්‍රහයට වඩා වේගයෙන් ඇලන් ටියුරින් ගෙන් විකාශනය උනු ඉලෙක්ට්‍රොනික ඇල්ගරිදම් වඩාත් ක්‍රියාශීලිව සහ වේගයෙන් විකාශනය වෙනව. අප මේ පසුකරමින් සිටින්නේ ඉලෙක්ට්‍රොනික ඇල්ගරිදම් විසින් මිනිස් ක්‍රියාවන්, එසේත් නැතිනම් මිනිසාව පරද කරමින් සිටින යුගයක.


Image result for dataism

අති සාමන්‍ය දත්ත, විශ්ලේෂණ ක්‍රියාවලිය ආරම්භයත් සමගම මානව සමාජයට අළුත් මානයක් ලැබිල තියනව. සාමාන්‍ය මිනිසාගේ සිට දේශපාලකයා දක්වාත්, කළා කරුවාගේ සිට පර්යේෂකයා දක්වා සියළුදෙනාටම දත්ත විශ්ලේෂණය කියන්නේ අමතර උත්තේජනයක්. මානව ඉතිහාසයේ එකිනෙකට දුරස්ථ අධ්‍යනාංශ දත්තවාදය නම් කොරිඩෝව මතදී හරි අපුරු ලෙස එකිනෙක මුණගැහෙනව. ආර්ථික විද්‍යාව සහ සංගීත ගුරුකුල එකම වේදිකාවකට ගොඩවෙනව. ජිව විද්‍යා ඇකඩමියා තුල සාහිත්‍ය හමුවෙනව. මීට පෙර විවිධ තාරතාවයන් වලින් අධිනිශ්චය වෙලා තිබුණු මේ ගුරුකුල දැන් දත්තවාදයේ නීති රීති වලට අනුකුලව එකට එකතු වෙනව. එසේත් නැතිනම් හැම පර්යේෂකයෙකුටම, නිර්මාපකයෙකුටම, ව්‍යාපාරිකයෙකුටම, පාලකයෙකුටම සන්නිවේදනය සදහා දත්තවාදය විසින් එකම භාෂාවක් හොයල දෙනව.

දත්තවාදය විසින් පාලම් හදනව. අධිපතිවාදී අහංකාර ඇකඩමියාවන් දත්තවාදය විසින් ඉදිකර ඇති පාලම් මතින් ඔබ මොබ ගමන්කරනව. අකදමියා සිමා මායිම් කදී බිදී යනව. ඒ විතරක් නොවෙ, එකිනෙකට කවදාවත් හමු නොවෙන අතීතයන් දත්තවාදයේ සංස්කෘතිය මගින් එකිනෙක නැවත හමුවෙනව. ආර්මේනියාවේ කදුවලට අදිපති ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ලියෝ රජතුමා සහ වර්ථමානයේ මානව සමාජයේ තැන තැන සැරිසරන flu virus එකම සංස්කෘතික දත්තවාදයක් ඇතුලෙදි එකට හමුවෙනව. 
             
දත්තවාදය නිසා අර්බුදයට යන තවත් එක ආයතනයක් තමයි සම්ප්‍රදායක අධ්‍යාපනය. මෙතෙක් කලක් අප ඇසුරු කරන අධ්‍යාපනයේ ක්‍රියාවලිය සැකසී තිබෙන්නේ මෙලෙසයි. සාමාන්‍ය දත්ත අධ්‍යනය කිරීම මගින් තොරතුරු උකහා ගන්නා අතර තොරතුරු මගින් දැනුම ලබා ගනී. මෙම දැනුම විශ්ලේෂණය කිරීම මගින් බුද්ධිය උකහා ගනී. එහෙත් වර්ථමානයේ මිනිසා විසින් හැම මොහොතකම දත්ත නිෂ්පාදන කරමින් ඒවා හැම මොහොතකම ජාලගත කරමින් සිටින නිසා මේ සම්ප්‍රදායක අධ්‍යාපන ක්‍රියා දාමය අර්බුදයට ගොස් තියනව.

මිනිස් සමාජය තොග වශයෙන් දත්ත නිෂ්පාදනය කරමින් සිටිමේ ප්‍රතිඑලයක් වශයෙන් දත්ත වනාන්තරයක මිනිසා අතරමං වී සිටිනව. මේ දත්ත වලින් තොරතුරු සහ අවසානයේ දැනුම බවට පත්කිරීමේ නොහැකියාව හුදකලා මිනිසා මුහුණදෙන ප්‍රශනයක්. මෙහි ප්‍රතිඑලයක් ලෙස හුදකලා මිනිසාගේ බුද්ධියට වඩා ක්‍රියාකාරී ලෙස ඉලෙක්ට්‍රොනික ඇල්ගරිදම් මගින් බුද්ධිය නිපදවින් සිටිනව. මනුෂ්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට විශාල දත්ත ගොනු (Big Data ) සහ ඇල්ගරිදම් මිනිස් ක්‍රියාකාරිකම් පරදවමින් සිටිනව.

දත්තවාදය තුල ප්‍රධාන වශයෙන් පදනම් දෙකක් පවතිනව. එනම් පරිගණක විද්‍යාව සහ ජිව විද්‍යායි. මේ ක්ෂේත්‍ර දෙක හරහා දත්තවාදී පාලමක් ඉදිවීම නිසා සමාජයට ඇතිවන  මීලග බලපෑම නම් පරිගණක විද්‍යාවේ ඇති සීමාන්තික බව බිදී යාමයි. එනම් පරිගණකයට සිතීමේ ශක්තිය නැතහොත් ස්වයංව තීරණ ගැනීමේ හැකියාව ආරෝපණය වීමයි. සමහරවිට ඔබ මේ අදහසට එකග නොවෙන්න පුළුවන්. නමුත් මිනිස් මනසට වඩා පුළුල් සහ සංකීර්ණ ලෙස දත්තවාදය මගින් තීරණ ගැනීමේ ශක්තිය වැඩිවෙන අතර මේ තත්වය වර්ථමාන මිනිස් සමාජයේ ස්භාවය වෙනස් කිරීමට බලපානවා.

ඉන්ද්‍රියන් ( organism ) කියන්නේ එක්තරා ආකාරයක දත්තවාදී විග්‍රහයක් කියල මං කිවොත් අනිවාර්යයෙන්ම් ඔබ ඊට එකග නොවෙනවා ඇති. ඒත් එකිනෙකට වෙනස් සංඝටක, උදාහරනයක් වශයෙන් ජිරාෆ්,  තක්කාලි සහ මිනිස්සු කියන්නේ එකම සංගටක වලට එල්ල උනු විවිධ දත්තවාදී විශ්ලේෂණ පමණයි. වර්ථමාන විද්‍යාවේ දත්තවාදී  භාෂාව එයයි. මේක තමයි වර්ථමාන විද්‍යාවේ dogma එක. ඒක අපේ ලෝකය වෙනස්කරනව. අපිට අදුරගන්න බැරිවෙන විදිහට.

හුදකලා මිනිස්සු හෝ සතුන් විතරක් නොවේ, සමාජ පද්දති වල පැවත්ත්මේ තර්කනුකුලභාවය රැදී තියෙන්නේ දත්තවාදය මත. මීමැසි රංචු, බැක්ටීරියා හෝ මනුෂ්‍ය ජනාවාස වල වර්ථමාන වෙනස්කම් සලකා බලන්න කියල මං ඔබට යෝජනා කරනව.

Related image

ආර්ථික විද්‍යා ඇකඩමියාවක් ඉදිරියේ මා දත්තවාදය ගැන කතාකළ එක් අවස්ථාවකදී ඔවුන් ප්‍රකාශ කළා ආර්ථික විද්‍යාව දත්තවාදයේ නීතියට අනුකුල නොවන බවත් එය හුස්ම ගන්නේ වෙළෙදපොලේ උච්චාවචනයන් සහ සමාජයේ අසම්තෘප්ත ආශාව පදනම් කරගෙන බවත්. ඒත් මං යෝජනා කරන්නේ ආර්ථික විද්‍යාව කියන්නේ දත්ත විශ්ලේෂණයක් කියල. හුදකලා මිනිසෙකුගේ රුචිකම් සහ අවශ්‍යතා කියන්නේ පුංචි දත්ත ගොනුවක්. දත්තවාදය කරන්නේ මේ දත්තවල හුදකලාභාවය නැතිකරල දැමීමක්. අන්තර් සම්බන්ධයක් ඇතිකිරීමක්. දත්තවාදය ඉදිරියේ තනි මිනිසුන්ගේ දත්ත ගිලී නොපෙනී යනව. මේ ක්‍රියාවලිය අපට පේන්නේ ආර්ථික දත්ත විශ්ලේෂණය කොට නිර්මාණය කරන ආර්ථික සංකල්ප පස්සේ මිනිස් සමාජය අන්ධ ලෙස ගමන්කරන ලෙසටයි.

කොටස් වෙළදපොල කියන්නේ දත්තවාදයේ මහගෙදර කිව්වොත් නිවැරයි. දැනට දත්තවාදයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නේ ලෝකය පුරා ඇති කොටස් වෙළදපොල ජාලයයි. මෙම ජාලයට ලෝකයේ හැම ජිවියෙක්ම අජිවියෙක්ම සාභාගී වෙනව. සෘජුව හෝ වක්‍රව. ලෝකයේ හැම චලනයකටම දත්තවාදය විසින් දත්ත විශ්ලේෂණයක් සහ ආර්ථික වටිනාකමක් ලබා දෙනව.

පරම පිවිතුරු ආදරය, අහිංසක කම්, මානවවාදය ලිංගිකත්වය වගේ දේවල් තවමත් ලෝකයේ ඉතිරිවෙලා තියෙන නිසා මනුෂත්වය හුස්ම ගන්නවා වගේ හැගීමක් සමහරවිට ඔබට හැගෙනවා ඇති. ඒත් අපි කැමති උනත් අකමැති උනත් මේ හැම හැගිමක්ම, ක්‍රියාවක්ම පස්සේ දත්ත ගොඩක් ගොඩගැහෙනව. මේවා දත්තවාදයේ නියමයන්ට අනුව විශ්ලේෂණය වී හොද - නරක -සෙක්ස් - ආදරය ගැන අළුත් පණිවිඩ අපට ලබා දෙනව. ඊට පස්සේ අපි දත්තවාදය ලබාදෙන අළුත් නියෝග වලට අවනත වී ජිවත් වෙනව.

( මීලගට සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම )
සරද සමරසිංහ



 



                                   





  








    






Comments

  1. මචං... dogma කියන්නේ, අධිකාරීයක් විසින් අප වෙත හඳුන්වාදෙන ඔවුන්ගේ බල පරාක්‍රමයේ සටහන් , ලියකියවිලි හෝ වෙනත් යම්වූ දේද? පොඩ්ඩක් කියලා දීපන්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම