Posts

Showing posts from March, 2018

හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න !

Image
මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවන් වර්ග දෙකක් සිටියි. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන - අහන දකින, සමහරවිට අපි අමාරුවෙන් නඩත්තු කරන යාළුවන් වන අතර අනෙක් වර්ගය නම් ෆේස් බුක් තුලින් ඉතා පහසුවෙන් උපයාගන්නා සිය ගණනේ සිට දහස් ගණන් දක්වා වූ ඩිජිටල් යාළුවන්ය. මේ අතරින් ෆේස් බුක් සමාගමේ අයිතිකාරයා වන මාර්ක් සකබර්ග් කැමති වන්නේ අපේ ඩිජිටල් යාළුකම් වලටයි. සාමාන්‍ය මිනිසුන්ගේ  සම්බන්ධතා ‘ඩිජිටල්’ වෙන තරමට සකබර්ග් වැනි අයට තම ජිවිත ඉතා සාමකාමී සහ ස්වාභාවික කරගැනීමට පුළුවන් වෙයි. යුරෝපයේ සහ ඇමරිකාවේ මේ දවස්වල කරලියට පැමිණ ඇති කතාබහක් වන්නේ ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරන බිලියන 2.3 ක් පමණ වන පිරිසකගේ දත්ත හොර රහසේම තුන්වන පාර්ශවයන් සදහා අලෙවි කර ඇති බවයි. බ්‍රතාන්‍යයේ පිහිටා ඇති කේම්බ්‍රි ජ් ඇනලටිකා (cambridge Analytica) නම් දත්ත විශ්ලේෂක සමාගමට සේවා සපයන්නෙකු ලෙස ක්‍රියා කරන ෆේස් බුක් සමාගම අනියම් අකාරයෙන් ලෝක දේශපාලනය හසුරුවන හස්ථය බවට පත්වී ඇති බව ඊයේ පෙරේදා එම සමාගමින් ඉවත්වූ දත්ත විශ්ලේෂකයෙකු වන මාර්ක් බ්‍රවුන් නැමැත්තා බ්‍රතාන්‍යයේ observer පුවත්පතට

පරාජිත රට අරාජික වීමට පෙර ජාතිවාදය පරදවමු !

Image

ජාතිය වෙනුවෙන් ලේ උණුවෙන සහෝදර සහෝදරියන් වෙතටයි............

Image

හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක් !

Image
හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක් ! හීන කියන්නේ හරි අපූරු දෙයක් උනත් හීන දැක දැක නිදියෑමේ වාසනාව හැමෝටම නෑ. එකට ඉතිං හීන දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබීමේ වාසනාව තියෙන්න ඕනි කියල මං ඉගෙනගත්තේ ලගදි. චන්දෙ හෙම දාල 'මගේ එවුන්' රජ වෙලා ඉන්නව හීනෙන් දකින්න ආසාවෙන් නිදියගෙන හිටිය මට හීන දෙවියන්වහන්සේ හීනෙන් පෙනුන. පෙනුන විතරක් නෙමේ, උන්වහන්සේ මට හීනෙන්ම ලියුමකුත් එවල. එම්බල නරය ! මේ දවස්වල ලංකාවේ නරපනුවො හුග දෙනෙක් මගේ සේවාදායකයො වෙලා ඉන්නේ. චන්ද කතිර සෙල්ලම හෙම ඉවරවෙලා උන් දැන් පාට පාට හීන දැක දැක ඉන්නේ. මේ වාසනාවන්ත හීන දකින්නන්ගේ සමාජයට පරක්කු වෙලා හරි ඔය නර පණුවත් එක්වීම ගැන  සටුතුයි. යුෂ්මතාගේ රටේ නරයෝ ගැන වෙලාවකට මට පුදුම හිතෙනව. කොච්චර අවදි වෙන්න අවස්ථා තිබුනත් හීන දැක දැක ඉන්නමනේ උන්ගේ හිත. ඔය නරයන්ගේ සමර්ථ කම කියන්නේ තොප ඔහොම හීන දකින්නේ කොච්චර නම් ප්‍රශ්ණ ඔළුගෙඩියෙ තියාගෙනද ? එහෙන් වකුගඩු රෝගේ හැදිල පවුල් පිටින් අනාථ වෙනව. කඩේට බඩු ගන්න ගියාම ඒවයේ ගනං මිනුම් අහල සමහර නාරයො පපුව පැලිල මැරෙනව. වගාවට වතුර ඉල්ලගෙන නරයො නර පතියන් ගාවට ගියාම උන්ට ගහල එලවනව. නරයන