Posts

Showing posts from September, 2016

හැකරුන්ට දේශපාලනය කියාදෙමු

Image
  හැ කර්ලා ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයෙන් එළියේ ජනප්‍රිය වෙලා ඉන්න අයගෙන් මාධ්‍යවේදීන් යැයි කියන කට්ටිය අහන ජනප්‍රිය ප්‍රශ්නයක් තමයි ‘ඔබ දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියනවද’ එහෙමත් නැත්නම ‘ඔබ දේශපාලනයට එන්නේ කවදාද’ වගේ ප්‍රශ්ණ. ඊයේ පෙරේදා ක්‍රිකට් වලින් සමුගත්ත ඩිල්ෂාන් ගෙනුත් මාධ්‍යවේදියෝ මේ වගේ ප්‍රශ්ණ ඇහුව. මීට පෙර සංගක්කාර ගෙන් මුරලිගෙන් විතරක් නෙවෙයි පසුගිය කාලයේ ළමයෙක් දුෂණය කොට මරා දැමුවෙයැයි සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කල ‘කොන්ඩයා’ නම් තරුණයාගෙන් පවා මාධ්‍යවේදීන් ඇහුවේ මේ ප්‍රශ්නයයි.  මේ අතර ජනාධිපති වරයාගේ නිළ වෙබ් අඩවිය හැක් කොට පසුගියදා කථා බහට ලක්වුණු නව යොවුන් තරුණයාගෙන් කිසිම කෙනෙක් දේශපාලනයට එන ලෙස අරාධනා කලේ හෝ ප්‍රශ්ණ කලේ නෑ. හැම ක්ෂේත්‍රයකම කොල්ලයි බල්ලයි දේශපාලනයට ඒමට පොරකන ට්‍රෙන්ඩ් එකක් නිර්මාණය වෙලා තියන මේ කාලයේ ලෝකය පුරාම ‘හැකර් ලා’ විසින් කරන බැරෑරුම් දේශපාලනය ලංකාවේ හැකර් ලෝකය තුලට ඇතුළු නොවීම අවාසනාවක්. හැකර් යන පොදු විශේෂණ නාමයෙන් හදුන්වන සත්ව විශේෂයට ඇත්තේ හොද අතීතයක් නෙමෙයි. මේ නම කියපු ගමන් හුදී ජනයාගේ ඇස් ගෙඩි උඩ යනවා. හැකර් ලා ජනප්‍රිය වෙලා ඉ